Tagged ධර්මසේන පතිරාජ

ධර්මසේන පතිරාජ ගේ ‘ස්වරූප’: නූතනත්වය යටතේ අවශ්‍යතාවට බැඳුණු, නිදහස අහිමි මිනිසාගේ පැවැත්ම විකාරරූපී ද? -කුමුදු කුසුම් කුමාර

හැඳින්වීම ධර්මසේන පතිරාජ ගේ ‘ස්වරූප’ මානව පැවැත්මේ පැතිකඩ ගණනාවක් අපගේ අවලෝකනයට විවෘත කරන කලාත්මක ලෙස නිමැවුණු චිත්‍රපටියකි. එය මූලිකවම නූතන ධනවාදය යටතේ මිනිසාට උදාකර ඇති පීඩාකාරිත්වය සහ ඉන් ඇතිකරන විගලිතභාවය (alienation) පිළිබඳ ය. නූතනත්වය යටතේ මානව පැවැත්මේ කොන්දේසිය අභූත ය, විකාරරූපී ය, යන්න මෙයින් යෝජනා කෙරෙයි. මා දකින පරිදි අවසාන විග්‍රහයේදී ‘ස්වරූප’ නාභිගත වන්නේ සතෙකු…

ධර්මසේන පතිරාජ නම් වූ විශිෂ්ඨ සිනමාකරු

චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ධර්මසේන පතිරාජ ගේ කලා දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ විශේෂ උපහාර උත්සවයක් පසුගියදා කොළඹ දී පැවැත්වුණි. ඒ හා සමගාමීව අප පහත පළකරන්නේ 1970 දශකයේ මාවත සංස්කෘතික ප්‍රකාශනයේ පළ වූ චිත්‍රපට විචාර ලිපි දෙකකින් ධර්මසේන පතිරාජ ගේ අහස් ගව්ව, සහ බඹරු ඇවිත් යන චිත්‍රපට දෙක සම්බන්ධයෙන් ලියැවුණු…

දේශපාලනය අතිවිශිෂ්ට දේ ප්‍රකාශ කරන සංකල්පයක්‌ නොවේ – ධර්මසේන පතිරාජ

දේශපාලනය අතිවිශිෂ්ට දේ ප්‍රකාශ කරන සංකල්පයක්‌ නොවේ ධර්මසේන පතිරාජ දැනටත් විශ්ව සාහිත්‍යයේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියෑවී තිබෙන විශිෂ්ට කෘති කියවනවා. විශේෂයෙන්ම සාහිත්‍යයේ නව ප්‍රවණතා ඉදිරිපත් කළ ලේඛකයන්ගේ කෘති ලැබුණු සෑම විටෙක කියවීම මගේ පුරුද්දක්‌. …………………………. දේශපාලනය අතිවිශිෂ්ට දේවල් ප්‍රකාශ කරන සංකල්පයක්‌ නොවෙයි. කලාව අන්තර් පඨිතයි. කලාකරුවෙක්‌ තනිවම කෘතියක්‌ නිපදවන්නේ නැහැ. ඔහු කියවූ සාහිත්‍යය, අත්දැකපු ජීවිතය, දේශපාලනය, සමාජය තමයි කලා කෘතියක්‌ බිහිවීමට හේතුවන්නේ. පඨිතය (Text) විශ්ලේෂණය කිරීම තමයි හොඳ කෘතියක්‌ තීරණය කිරීමේ ප්‍රධාන සාධකය. මෙම නවකතාවේ පඨිතය තමයි එය පරිවර්තනය කිරීමට මාව පෙළඹවූයේ. එහි තිබෙන නැවුම් සන්දර්භ රීතිය ඒ සඳහා බලපෑවා. දේශපාලන දැක්‌මක්‌ එහි තිබුණේ නැහැ. මා විශ්වාස කරන්නේ සාහිත්‍ය සාහිත්‍ය ඇසුරින්ම…