සරච්චන්ද්‍ර උන්නැහේගේ දෙවනි මරණය සරච්චන්ද්‍ර කියන්නේ අපේ රටේ මහාර්ඝ වස්තුවක් කියලයි මගී අහල කියෝල තියෙන්නෙ. උන්නැහේ ගැන කතාබහ කරන්න මගීලට තියන දැනුම මොකක්ද කියලත් වෙලාවකට හිතෙනවා. රතු පස්වලයි, ජූලි කලබලයි, වයඹ කලබලයි ගැනම හිත හිතා ලියන්නයි, කියන්නයි සිද්ධ වුනු මගීලට සරච්චන්ද්‍ර උන්නැහෙ ඔලුවට ආවෙ හේතුවකුත් එක්ක. උන්නැහේගෙ සියවෙනි උපන්දින සංවත්සරේ තියෙන්නේ 2014 ජූනි 03 දාටලු නේ. ඒක ගැනනම් පත්තරවල විස්තර වගයක් තියනව මගී දැක්කා. ආණ්ඩුවෙ සංස්කෘතිය භාර ආමතිතුමාට ජනාධිපතිතුමා උපදෙස් දීලා තියනවා කියන්නෙ එන අවුරුද්ද වෙනකල් සරච්චන්ද්‍ර උන්නැහෙගේ නාට්ටිය ගැන රට පුරා කතා පවත්වන්න කියල. අලුත් නාට්ටිය හදලා ඒවාත් අලුත් පරම්පරාවලට පෙන්නන්න කියලා. හැබැයි මගී නම් තාම දැක්කේ නෑ සරච්චන්ද්‍ර…