Tagged නගර සංවර්ධනය

‘අධිවේගී මාර්ගය සාර්ථකයැයි කිව හැක්කේ ඇතුළත පිහිටි නගර සංවර්ධනය වුවහොත් පමණයි‘

“මට හිතෙන්නේ කොළඹ තිබෙන තදබදයට පිළියම වෙන්නේ අධිවේගී මාර්ගවත් ගුවන් පාලම්වත් නෙමෙයි. පොදු ප‍්‍රවාහන සේවාව දියුණු කිරීමයි. අවශ්‍ය නවීන තාක්ෂණයෙන් යුක්ත, හැමෝටම යන්න පුළුවන්, කොළඹට වැඩි ප‍්‍රමාණයක් ගෙනෙන්න පුළුවන් මිල මුදලක් අඩුකරන පරිසරයක් රකින පොදු ප‍්‍රවාහන සේවාවකුයි අවශ්‍ය වන්නේ.“ “තදබදය ඇතිවෙලා තියෙන්නේ, පෞද්ගලික වාහනවලින් එන නිසා. පෞද්ගලික වාහන අයිතිකාරයන්වත් පාවිච්චිකරන්නවත් එපා කියලා කියන්න අපිට බැහැ. නමුත් අපිට විකල්පයක් දෙන්න පුළුවන් ඔවුන්ට වාහනයක් තිබුණ වුණත් ඒක ගෙදර තියලා පොදු ප‍්‍රවාහනයෙන් එන්න. ඒ සඳහා ඉතා හොඳ පොදු ප‍්‍රවාහන සේවයක් තිබිය යුතුයි. ආකර්ෂණශීලී පොදුප‍්‍රවාහනයක් තිබිය යුතුයි. මේ වෙනකොට ඉන්දියාවේ නගර 6කට වඩා බස්වලට ප‍්‍රමුඛතාව දීලා ඉතා හොඳ තත්ත්වයේ බස් සේවාවකට ගැළපෙන මාර්ග නිර්මාණය…

ගෝඨාභය මුහුණපාන අභියෝග

ගෝඨාභය මුහුණපාන අභියෝග සමාජයේ සිවිල් කටයුතු මිලිටරීකරණය කිරීම පිළිබඳ චෝදනා රජය පැත්තෙන් වටහා ගන්නට නම් විෂය භාරව සිටින රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ පිළිබඳ සිතන ආකාරය තේරුම් ගන්නට සිදුවෙයි. “යුද්ධය නිමවූ විගස එල්ටීටීඊ යේ චිත්ත ධෛර්යය හීනවූ නමුදු පසුගිය වසර දෙක තුළ එය යළිත් අරමුදල් එකතු කිරීම සහ යලි සමූහ ගතවීම අරඹා ඇති හෙයින් ඒ පිළිබඳ කිසිවක් නොකළහොත් එය විශාල තර්ජනයක් වනු ඇත. මගේ මූලික උනන්දුව රටේ ආරක්ෂාව“ යැයි ගෝඨාභය රාජපක්ෂ මෑතදී Daily Mirror පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කියා තිබුණි.

සංවර්ධන මූලධර්මවාදයට යටවන නාගරික දුප්පතුන්ගේ ජීවිත

සංවර්ධන මූලධර්මවාදයට යටවන නාගරික දුප්පතුන්ගේ ජීවිත නගර සංවර්ධනය පිළිබඳ වික්ටර් අයිවන් සමග සාකච්ඡාව ඉදිරියට ගෙන යමින් ඔහුගේ අවසන් ලිපිය (නගර සංවර්ධනය හා මූලධර්මවාදය,‘ රාවය, 2011 නොවැම්බර් 06) ට මගේ ප්‍රතිචාරය මෙම ලිපියෙන් ඉදිරිපත් කරමි. මා මෙම කරුණෙහි ලා මැදිහත් වන්නේ සම්ප්‍රදායික සමාජ විද්‍යාඥයෙකුට වඩා සමාජය අධ්‍යයනය පිළිබඳ ඇල්මක් දක්වන සමාජ විචාරකයෙකු සහ පුරවැසියෙකු වශයෙනැයි සිතන්නට කැමැත්තෙමි. මෙම සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට වික්ටර් දක්වන කැමැත්ත පිළිබඳ මා සතුටු වෙමි. මන්ද යත්, අපගේ සාමුහික දිවි පෙවෙතට බලපාන කරුණු පිළිබඳ අදහස් නිදහසේ, මහජන තලයේ සාකච්ඡා කරන්නට අප යොමුවීම අප සමාජයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ජීවමානව පවත්වාගෙන යාමට අප තුළ ඇති උනන්දුව ප්‍රකාශ කිරීමක් වන…

නගර සංවර්ධනය හා මූලධර්මවාදය

නගර සංවර්ධනය හා මූලධර්මවාදය වික්ටර් අයිවන් කොළඹ නගර සංවර්ධන විවාදය යන හිසින් මීට පෙර කලාපයක පළවූ මාගේ ලිපිය විවේචනයට හා විචාරයට ලක් කරන කුමුදු කුසුම් කුමාරගේ ලිපියක් පසුගිය රාවයේ පළවී තිබුණි. කුමුදු 71 කැරැල්ලට නෑකමක් ඇති සමාජ විද්‍යාඥයෙකි. එවැනි කෙනකු අතින් කොළඹ සිදුවන නගර සංවර්ධනය ගැන පළවූ මාගේ අදහස් විවේචනයට හා විචාරයට ලක්වීම සුදුසුය. ඒ නිසා මට නැවත එම සාකච්චාවට යොමුවීමට අවස්ථාවක් ලැබීම ගැනද සතුටු විය හැකිය. ඉතිරිය සඳහා බලන්න රාවය

“නාගරික නවීකරණය,“ සිහින පුරවර ගොඩ නැංවීම සහ පුරවැසියන්ට පොඩි එවුන් ලෙස සැළකීම

‘කොළඹ නගර සංවර්ධන විවාදය‘ “නාගරික නවීකරණය,“ සිහින පුරවර ගොඩ නැංවීම සහ පුරවැසියන්ට පොඩි එවුන් ලෙස සැළකීම: ජේන් ජේකබ්ස් ගේ සැළසුම් දර්ශනයෙන් පාඩම් කුමුදු කුසුම් කුමාර ගොඩනැගිලි පිරුණු පුරවරයක කටයුතු කරන විට මස් කපන පොරොවකින් කොටාගෙන කොටාගෙන යන්න වෙනව. මම දිගටම ඉදිකිරීම් කරගෙන කරගෙන යනව. එය නවත්වන්න කළ හැකි හොඳම දේ නුඹලා කරපල්ලා. රොබට් මෝසස් ගේ කියුමක් සිහින නගරයක් සැළසුම් කිරීම පහසුය; ජීවමාන නගරයක් යළි ඉදිකිරීමට පරිකල්පනාව අවශ්‍ය කෙරෙයි. ජේන් ජේකබ්ස් ජේන් ජේකබ්ස් White Horse තැබෑරුමේදී 1961, මෑන්හැට්න්, නිව්යෝක් පුරය ‘කොළඹ නගර සංවර්ධන විවාදය‘ට මැදිහත් වෙමින්, නගර සංවර්ධනයේදී අඩු ආදායම් ලාභී අසල්වැසි ප්‍රජාවන් සම්බන්ධයෙන් ගත යුතු එළඹුම පැහැදිළි කරගනු වස් සහ…