පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අභියෝගයක් වන සරසවි නවක වධය ජනතා විමුක්ති පෙරමුණෙ (ජවිපෙ) න් කැඩී ‘ජන අරගල කණ්ඩායම‘ ලෙස මෙතෙක් කටයුතු කළ පිරිස පෙරටුගාමී සමාජවාදී පක්ෂය නමින් මෙම සතියේ මහජන දේශපාලනයට පිවිසීම පිළිබඳ මෙරට වාමාංශික ජනයාගේ සුභාශිංසන හිමිවනු නිසැකය. සමාජයට අලුත්, සාධනීය දේශපාලන හඬක් එකතුවීම හැම විටමත් යහපත් දෙයකි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ලංකාවේ අප පසු කරමින් සිටින මෙම අවස්ථාව ට කළ හැකි දායකත්වය පිළිබඳ ලංකාවේ වාමාංශික ජනයා, විශේෂයෙන්ම තරුණ කොටස් බලාපොරොත්තු සහගතව සිටිති. ’71 ජීව ගුණය යළි පුබුදු කිරීම පැරණි වාමාංශික පක්ෂ ගිය පාරේම යමින් ජවිපෙ ත් තවත් එක් සම්ප්‍රදායික පාර්ලිමේන්තුවාදී දේශපාලන පක්‍ෂයක් බවට විපරිණාමය වී ඇති අවස්ථාවෙක ’71 ජීව ගුණය…