Tagged නවලිබරල්වාදය

Featured

කම්පන  ප්‍රතිපත්ති සහ වැටුප් මර්දනය

මිනිසුන් හාමතේ ගැඹුරටම තල්ලු කිරීම පවා කළ හැකි ධනවාදයේ මෙම තර්කයට මුහුණ දිය හැකි දෙය නම් වැඩකරන ජනතා බලය සහ සංවිධානාත්මක ප්‍රතිරෝධයයි. වැඩකරන ජනතාවගේ දෛනික ජීවිත ප්‍රතිනිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍යම අවශ්‍යතා සමන්විත වන ආහාර, බලශක්තිය සහ ප්‍රවාහනය අහිමි කෙරෙමින් පවතින නමුත් අපගේ ප්‍රගතිශීලී බුද්ධිමතුන්, අපගේ වෘත්තීය සමිති සහ අපගේ සමාජ ව්‍යාපාර සියල්ල නිදා සිටින බවක් පෙනේ. ප්‍රගතිශීලී බලවේග විසින් අතීතයේ දී අතහැර දමනු ලදුව,  වැඩකරන ජනතාව මිලියන ගණනින් ප්‍රත්‍යන්ත ප්‍රදේශවලින් අවදි වී කොළඹ මායාව පුපුරවා හැර ඇත. අපේ තරුණ පරපුරු විනාශ කරනු ඇති දිග ඇරෙමින් පවතින ව්‍යසනය ගැන බියෙන් වෙව්ලමින් මම අතිමහත් වැඩකරන ජනයා සැදුම් ගන්නා අපේ ගොවීන්, අපේ ධීවර ජනතාව, අපේ වතු ප්‍රජාවන් සහ අවිධිමත් අංශයේ සහ කර්මාන්තශාලාවල වෙහෙසෙන ජනතාව, යළිත් අභියෝගය භාර ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

Featured

ඇයි  ලංකා විදුලිබල මණ්ඩලය?

අහිලන් කදිර්ගාමර් විසිනි  සියලු දෙනාගේ අවධානය ලංකා විදුලිබල මණ්ඩලය ( ලංවිම) වෙත යොමු වී ඇත. නමුත්,  ඇයි දැන්?  එමෙන්ම,  වැඩ කරන ජනතාව සම්බන්ධයෙන් මෙහි ලා පරදුවට තැබෙන්නේ කුමක් ද? ලංවිම පුද්ගලීකරනය කිරීමේ අන්තරායන්, වෙළඳපොල  මිලට විදුලිය දිම සඳහා ජාත්‍යන්තර  මූල්‍ය අරමුදල ( ජාමූඅ )දමන  තල්ලුව සහ ගැටළුකාරී අදානි-ගනුදෙනුව පිලිබඳ මම පහත ආමන්ත්‍රණය කරන්නෙමි . අර්බුද…

Featured

නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය” ? – කුමුදු කුසුම් කුමාර

– බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි සුළු ධනේශ්වරයේ නැගීම සහ “සංවර්ධනය” නාමයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම උත්කෘෂ්ඨතම දේශපාලන ගැටළුව සංවිධානමය මිස සදාචාරමය නොවන්නේය,යන්න අද දෙන ලද දෙයක් වශයෙන් භාර ගැනෙන බව පෙනෙයි. කාල් පොපර්ගේ විවේචකයන් නිරීක්ෂණය කොට ඇති පරිදි,පොපර් ගේ ‘සමාජීය ඉංජිනේරුවාට’ සමාජය වැඩි දියුණු කිරීම පැවරී ඇති නමුදු,තමන් ගේ නීති ජනයාගේ හදවත මත ලිවීමේ හැකියාව ඇතැයි කියනු ලැබෙන,ශ්‍රේෂ්ඨ…

Featured

ලාංකේය නව වම ලිබරල්කරණය වීම සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව තාක්‍ෂණිකවාදී, කළමනාකරණවාදී එළඹුම නැගීම – කුමුදු කුසුම් කුමාර

“………අවශ්‍යවන්නේ වෘත්තීය මට්ටමින්, තාක්‍ෂණික මට්ටමින්, කළමනාකරණ මට්ටමින් රට ප්‍රතිසංවිධානය කළ හැකි අවංක පිරිසක් අතට ආණ්ඩු බලය පැවරීමය යන්න ඔවුන්ගේ මතයයි. දේශපාලඥයන්ගේ සහ නිලධාරීන්ගේ දූෂණයට සහ වංචාවට එරෙහිව හඬක් පසුගිය කාලයේ ගොඩනැගුණා. ඊට පිළිතුරක් ලෙසට තමයි මේ නව තාක්‍ෂණිකවාදී, වෘත්තීයවාදී, කළමනාකරණවාදී එළඹුම යෝජනා කරන්නේ. අප ඇසිය යුතුවන්නේ සැබෑ දේශපාලන ගැටලුව මෙයද යන්නයි.? මෙම එළඹුමේ තිබෙන අනතුරක්…

Featured

මා ගැන තැකීමක් නැති ද? – වෙළෙඳපොල සමාජයක අනන්‍යතා අරගලය – පෝල් වර්හාග

II මා ගැන තැකීමක් නැති ද? – වෙළෙඳපොල සමාජයක අනන්‍යතා අරගලය – පෝල් වර්හාග බෙල්ජියමේ, ඝෙන්ට් විශ්ව විද්‍යාලයේ සායනික මනෝවිද්‍යාව සහ මනෝවිශ්ලේෂණය පිළිබඳ මහාචාර්ය, පෝල් වර්හාග අනන්‍යතාව සහ නවලිබරල්වාදය පිළිබඳ සම්පාදනය කළ What About Me?- Struggle for identity in a market based society (1) (2012) කෘතිය හඳුන්වා දී ඇත්තේ පහත පරිදි ය. වත්මන් සිතීමට අනුව,…

Featured

වෙන්ඩි බ්‍රවුන් – ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය

III වෙන්ඩි බ්‍රවුන් Undoing the Demos: Neoliberalism’s Stealth Revolution ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය අපේ කාලයේ වඩාත්ම බලගතු දේශපාලන න්‍යායධාරිණියක ලෙස හඳුන්වනු ලැබ ඇති, ඇමරිකාවේ බර්ක්ලී හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය, වෙන්ඩි බ්‍රවුන් ගේ Undoing the Demos: Neoliberalism’s Stealth Revolution (2015) ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය නමැති කෘතිය හඳුන්වා දී…