Tagged නව ලිබරල්වාදය

යළි දේශපාලනික දේ වෙතට: ප්‍රජාතන්ත්‍රවාදී අරගලයම නව ලිබරල්වාදයට එරෙහි සටනක් විය නොහැකි ද ? සුමනසිරි ලියනගේ ට කුමුදු කුසුම් කුමාර ගෙන් පිළිතුරු

සුමනසිරි ලියනගේ “වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක්” (බලන්න, මෙහි ) යන මැයෙන් කිහිප දෙනෙකුට විද්‍යුත් තැපෑලෙන් යැවූ ලිපිය අප ඔහුගේ අවසරයෙන් ‘කතිකා‘ වෙබ් අඩවියේ පළකිරීමෙන් ඇති වී තිබෙන සාකච්ඡාව යහපත් දෙයක් ලෙස අපි දකිමු. “ලංකාවත් දැන් පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලාද?” (බලන්න, මෙහි) යන මැයෙන් මා සුමනසිරි ලියනගේ ගේ ලිපියට ලියූ පිළිතුරට යෙදූ සිරස්තලයෙන් මා අදහස් කරන්නේ “සමහර රටවල් අද එවැනි යුගයකට පිවිස ඇති බවත් ශ්‍රී ලංකාව එම ගොඩට දැමීම ප්‍රශ්න කළ හැක්කක් යැයි” යන්න දැයි සුමනසිරි විමසයි (බලන්න මෙහි). එයට කෙටි පිළිතුර “ නැත ” යන්නයි.

වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක්

වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක් සුමනසිිරි ලියනගේ විසිනි 1. ඌව පලාත් සභා මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වීම සමග ජනාධිපතිවරණයකදී වමේ ස්වාධීන අපේක්‍ෂකයෙකු පිළිබඳ අදහස තවදුරටත් වලංගු ද යන්න ගැන කුකුසක් වමේ සහෝදරවරු අතර පැන නැඟී ඇති හෙයින් මෙම කරුණ ගැන බරපතල ලෙස සාකච්ඡා කිරීම අවශ්‍ය වන්නේය. ඌව පලාත් සභා මැතිවරණ ප‍්‍රතිඵල ආණ්ඩුව වෙතින් ජනයා ඉවත්වීමක් පැහැදිළිව පෙන්වයි. එක්සත් ජනතා නිදහස් සංධානයේ ඡන්ද ප‍්‍රතිශතය අඩු වූ අතර ආසන සංඛ්‍යාව හයකින් අඩුවිය. මොනරාගල දිස්ත‍්‍රික්කයට වැඩි ආසන ගණනක් ලබා නොදුන්නේ නම් එක්සත් ජනතා නිදහස් සංධානයට වැඩි ආසන ගණනක් ලබා ගන්න තිබුනේ ද යන ප‍්‍රශ්නය ද කෙනෙකුට නැගිය හැක. ස්වභාවයෙන්ම මැතිවරණ වාසිය ගියේ එක්සත් ජාතික…

පොදු අපේක්ෂකයා, නව ලිබරල්වාදය, සහ නිදහස

පොදු අපේක්ෂකයා, නව ලිබරල්වාදය, සහ නිදහස කුමුදු කුසුම් කුමාර අද ලාංකේය ජනයා හමුවේ ඇති හදිසිම සහ වැදගත්ම දේශපාලන අභියෝගය කුමක් ද? එය ජනවාර්ගික යුද්ධයට පෙර සමයේ මෙරට ජනයා භුක්ති විඳිමින් සිටි නමුත් යුද්ධය සමයේ අහිමිව ගිය සහ යුද්ධය අවසන් වීමෙන් පසු ඉතිහාසයේ වඩාත්ම බරපතළ තර්ජනයට මුහුණ දී ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යලි දිනා ගැනීමට යොමු වීම නොවේද? මෙම අභියෝගය ජය ගැනීමේ ප්‍රධාන උපක්‍රමයක් ලෙසින් රෙජීමයෙන් පිටත දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන බොහොමයක් පිළි ගෙන ඇත්තේ පවත්නා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාවයි. 1978ට පෙර මෙරට පැවති, ජනයාගේ ඡන්දයෙන් බලයට පත්වන කොට්ඨාශ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ගන්නා පාර්ලිමේන්තුවක බහුතරයේ විශ්වාසය දිනා ගන්නා පක්ෂයක…

නිදහස සහ අවශ්‍යතාව: අධ්‍යාපනය සහ සංවර්ධනය – ‘කතිකා‘ අධ්‍යයන කවය

2005 ජනාධිපතිවරණය නව-ලිබරල්වාදය සහ ජාතික චින්තන මතවාදය අතර අධිපතිභාවය සඳහා කෙරෙන තීරණාත්මක සටනක් ලෙස හැඳින්වූ අප කියා සිටියේ මෙම ගැටුමේ දෙපාර්ශ්වයට හවුල් වන ජනතාව නියෝජනය කරන අපේක්ෂාවන් වන පිළිවෙලින් පුද්ගලවාදයත්, ප්‍රජාවත් අතර ගැටුම අප සමාජයේ අධිකාරවාදී ප්‍රවණතාවන් ශක්තිමත් කරන්නට තර්ජනය කරන බවත්, මෙම ගැටුම සංහිඳියාවට ගෙන ඒමේ මඟක් ලෙස සක්‍රීය පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිබඳ අදහස පරිකල්පනය…

ජනාධිපතික්‍රමය, නව ලිබරල්වාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය

ජනාධිපතික්‍රමය, නව ලිබරල්වාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය කුමුදු කුසුම් කුමාර ලංකාවේ ජනාධිපති පත්වන්නේ මහජන ඡන්දයෙනි. ජනපතිවරණයට එක් දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු ලෙස තරඟ කළද පදවි ප්‍රාප්ත වූ පසු ජනාධිපතිවරයා රටේ සමස්ත ජනතාවගේ ජනාධිපති ලෙස ඔවුනට සේවය කළ යුතු වෙයි. එහෙයින් රජය සැදුම් ගන්නා දේශපාලන සංවිධානවලට පිටස්තර වුවද රටේ විවිධ ජන කොටස් වෙතින් රජයට ඉල්ලීම් කෙරෙන විට ජනාධිපතිවරයා ඒවා තමන්ට පසමිතුරු ලෙස සළකා මර්ධනය කිරීමට යොමුවීම ජනාධිපති තනතුර හෑල්ලුවට ලක් කරයි. අවාසනාවට මෙන් ජනාධිපති තනතුර පිහිටුවූ ආරම්භක සමයේ සිටම මෙරට ජනාධිපතිවරුන් ක්‍රියාකොට ඇත්තේ මෙබඳු ආකල්පයකිනි. මා දකින පරිදි මීට හේතුව වන්නේ තම සිතැඟි පරිදි රජයේ ප්‍රතිපත්ති තීරණය කිරීමේ තනි අයිතිය තමා සතුයැයි ජනාධිපතිවරුන් තීරණය…

පුනර්ප්‍රකාශනය – ජනාධිපති මැතිවරණය සහ ඉන් ඔබ්බට: නව-ලිබරල්වාදය, ජාතික චින්තනය සහ පුරවැසිභාවය

‘කතිකා‘ අධ්‍යයන කවය 2005 සහ 2010 ජනාධිපතිවරණයන් හිදී ඒ පිළිබඳ අපගේ විශලේෂණය ඉදිරිපත් කළෙමු. අප ඉදිරිපත් කළ එම අදහස් පිළිබඳ අදත් පුරවරයේ මහජන වේදිකාවේ අදහස් දැක්වෙමින් පවතී. එම සාකච්ඡාව ගැඹුරු කරනු වස් දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන ඔබේ අදහස් සඳහා විවෘත කරමින් අපි එම ප්‍රකාශ යලිත් මෙහි පළ කරන්නෙමු. නම් අඬ ගැසීම් සහ පදනම් විරහිත ලේබල් ඇලවීම් සඳහා නොව අදහස් විවේචනය සඳහා මෙම ප්‍රකාශ විවෘත යි. ජනාධිපති මැතිවරණය සහ ඉන් ඔබ්බට: නව-ලිබරල්වාදය, ජාතික චින්තනය සහ පුරවැසිභාවය – අර්ථවිවරණයක් – කතිකා අධ්‍යයන කවය 2005 ජනාධිපති මැතිවරණය නව-ලිබරල්වාදය සහ ජාතික චින්තනය යන මතවාදයන් දෙක අතර කෙරෙන තීරණාත්මක සටනක් ලෙස, ජාතික ඌරුවක (national ethos)…