Tagged නිදහස

නිදහස ලැබුවෙමු ; එනමුත් සිතීමෙන් වහල් ව සිටිමු – කුමුදු කුසුම් කුමාර

“වත්මනෙහි දේශපාලනය බලය සහ ධනය ඒකරාශි කර ගැනීම අරමුණු කොට ගත් මිනිසුන්ගෙන් පිරී පැවතිය ද, ඇරිස්ටෝටල් දුටු පරිදි දේශපාලනයට යහපත් මිනිසුන් ප්‍රවිෂ්ට වීමේ අවශ්‍යතාව වෙන කවරදාටත් වඩා අද මතු වී තිබේ. මෙහි දී දේශපාලනය යනුවෙන් අප අදහස් කරන්නේ පාර්ලිමේන්තු දේශපාලනය ම නොවේ. පොදු යහපත මුල් කර ගෙන මහජන පරිමණ්ඩලයේ තිබිය යුතු සාකච්ඡාව ගොඩ නැංවීමට සක්‍රීය…

තරුණ පරම්පරාවල් කිහිපයක්ම ඝාතනය කළ රටක අපිට නායකයෝ නෑ – කුමුදු කුසුම් කුමාර

“වෙළෙඳ පොළද?, රජයද? කියන ගැටුමට හිරවෙලා ඉන්නෙ නැතුව ලංකාවෙ තිබිච්ච සමූපකාර අංශ වගේ අංශ ගැන අපිට හිතන්න පුුවන්. පානම ගොවීන්ගෙත ඉඩම් ප‍්‍රශනය ගැන හිතනකොට මම හිතන්නෙ, පානම ඉඩම්වල සංවර්ධන කටයුත්ත බාරදෙන්න ඕනැ දීර්ඝ කාලයක් තිස්සෙ ඉඩම් වගාකරගෙන ඒවා සංවර්ධනය කරගෙන හිටපු ගොවීන්ට. මේ විදිහට ගියාම හම්බන්තොට ගැමියන්ගේ දරුවන්ගේ ඉරණම වෙන්නේ, හම්බන්තොටට එන චීන වෙළඳ කලාපයේ…

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට විවෘත ලිපියක්

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් සමාජ-ආර්ථික සාධාරණත්වය ආරක්ෂා කිරීම පිළිබඳ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට විවෘත ලිපියක් 2016 සැප්තැම්බර් 13 ජනතාවගේ සමාජීය සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරිමසඳහා රජයට පවතින වගකීම ශ‍්‍රී ලංකාවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කෙරෙන බව සහතික කරන මෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සහ විශේෂයෙන් මෙහෙයුම් කමිටුවේ සියලූම සාමාජිකයින්ගෙන් පහත අත්සන් තබන සංවිධාන හා පුද්ගලයින් වශයෙන් අපි…

ඡන්ද ක්‍රමය වෙනස් කිරීම: ඡනතා පරමාධිපත්‍යය දේශපාලන පක්ෂ වෙනුවෙන් කැප නොකළ යුතුය – කුමුදු කුසුම් කුමාර

“සිවිල් අයිතිවාසිකම් අපට පෞද්ගලික තැනැත්තන් ලෙස වැදගත් නිදහසක් ලබා දෙන නමුත් අප සැබෑ දේශපාලන නිදහස් ලබන්නේ ආණ්ඩුකරණයෙහි ලා සෘජුව සහභාගීවීමට ඇති අයිතිය ලැබීමෙනි. වත්මනෙහි දේශපාලනඥයන්ට පමණක් ඇති රාජ්‍ය බලය, මහජන බලය සඳහා සමුළුගත වීමට ඇති අයිතිය මහජන නිදහස සැබෑ ලෙස භුක්ති විඳීමේ අවස්ථාව ඒ සඳහා ඉදිරිපත් වන සෑම පුරවැසියෙකුට ලැබිය යුතුය. පුරවැසියන් ආණ්ඩුවට සම්බන්ධ විය යුත්තේ දේශපාලන පක්ෂ මගින් නොව පහළ මට්ටමේ සිට ඉහළට ගොඩ නැගෙන සන්ධීයනය වූ මන්ත්‍රණසභා මගිනි. සැබෑ පුරවැසි අයිතීන් ස්ථාපිත කිරීම වැටී ඇත්තේ දේශපාලන පක්ෂ මගින් අප නියෝජනය කිරීමට විකල්පයක් වන පුරවැසි එකතුවෙන් බිහිවෙන පුරවැසි මන්ත්‍රණ සභා සම්පාදනය කර ඒවා බල ගැන්වීම හරහා ය.” ඡන්ද ක්‍රමය…

මෛත්‍රී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ: අගමැති ප්‍රධානිත ආණ්ඩුව සහ ජනතා පරමාධිපත්‍යය උගස් තබන මැතිවරණ ක්‍රමය – කුමුදු කුසුම් කුමාර

මෛත්‍රීපාල සිරිසේන රජයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා පත්‍රිකාවක් දැන් ප්‍රසිද්ධ කොට තිබේ. එහි සඳහන් එක් වැදගත් කරුණක් මෙන්ම එහි නොමැති තවත් වැදගත් කරුණක් පිළිබඳ කෙටියෙන් මෙහි ලියමි. සඳහන් කරුණ, ‘අගමැති ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේය’ යන්න යි. එහි නොමැති කරුණ, මැතිවරණ ක්‍රමය ප්‍රජාතන්ත්‍රීයකරණය සඳහා වන සංශෝධනය යි. යෝජිත සංශෝධන පසුබිමෙහි සළකා බැලූ විට සාකච්ඡා පත්‍රිකාවේ එන ‘අගමැති ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේය’ යන්න හුදු කරුණුමය සඳහනක් ලෙස පෙනී යා හැකිය. නමුත් ජනාධිපති ට ඇති විධායක බලතල කප්පාදු කිරීමට එරෙහි විවේචකයන් ඉදිරිපත් කරන අදහසක් වන්නේ යෝජිත ප්‍රතිසංස්කරණ වලින් අගමැති ට අසීමිත බලතල ලැබෙන බවයි. එයින් ජනතාවට පරමාධිපත්‍යය අහිමි ව සීමිත ඡන්දදායකයන් පිරිසක‍ගේ ඡන්දයෙන් බලයට පත්වන…

ජනාධිපතිවරණයට පෙර සහ පසු: නිදහසේ නාදය මියුරුතම ය – කුමුදු කුසුම් කුමාර

2015 ජනවාරි 8 වැනිදා රැය පහන් වී 9 වැනිදා හිමිදරිය එළඹෙද්දී ‘අපට යලි නිදහස ලැබුණි’ යන හැඟීමෙන් අප සිත ඉපිල ගියේය. “අන්තිමේදී දැන් අපට මේ රට තුළ අනාගතයක් ගැන සිතිය හැකිය” යි මා තරුණ පුතු කීයේ “මා අඬන්නට කිට්ටු යි” ද කියමිනි. ඒ වන තුරු ඔහු සිටියේ ‘මේ නිදහසක් නැති රට හැර දා යුතුය’ යන සිතිවිල්ලේය. ‘අපි අපේ දරුවන්ට නිදහස් රටක් නැවත ලබා දුන්නෙමු’ යනුවෙන් ඇතිවූ ගර්වය ‘මර්ධනයේ බියෙන් නිදහස් වුණෙමු’ යි ඇති වූ දැඩි සහනයත්, අන්තිමේදී ඒකාධිපති නැඹුරුව පරදා පුරවැසි දේශපාලනය ජයගත්තේය යන උද්දාමයත් සමග එක්ව ඇති වූ සතුටින් මටද වාවා ගත නොහැකිව ඉකි ගසා හැඬුණු බව කියන්නට මම…