Tagged නිශාන් රසාංග විඡේතුංග

මිනෙත් ද සිල්වා ලංකාවේ පුරෝගාමී වාස්‌තු විද්‍යාඥවරිය

ශ්‍රී ලංකා වාස්‌තු විද්‍යාවේ කාන්තා මුද්‍රාව ආචාර්ය නිශාන් රසාංග විඡේතුංග, වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මිනෙත් ද සිල්වා ලංකාවේ පුරෝගාමී වාස්‌තු විද්‍යාඥවරිය – දෙවැනි කොටස ඇයගේ ව්‍යාපෘතීන් විශ්ලේෂණයට ලක්‌ කිරීමේදී කොළඹ ග්‍රෙගරි පෙදෙසෙහි නිර්මාණය කරන්නට යෙදුණ සේනානායක නේවාසික තට්‌ටු ගොඩනැඟිල්ල (Flats) 1954-57) සහ ප්‍රංශයේ මාර්සේ (Marseille) ප්‍රදේශයේ ලෙ කෝර්බ්‍රසියර් අතින් නිර්මාණය වූ Unite d Habitation යන එම ගණයේම ගොඩනැඟිල්ල අතර සමානකම් එමටය. ඒකකය (unit) පුනරාවර්තනය ඔස්‌සේ නිර්මිත මෙම කොන්ක්‍රීට්‌ ගොඩනැඟිලි ද්විත්වයම කණු ශ්‍රේණීන් (Piloti) මත පිහිටුවා ඇත්තේ බිම් මට්‌ටම නිදහස්‌ ලෙස තබා ගැනීමේ අරමුණෙනි. මීට අමතරව ඇය අතින් බිහිවුණ තවත් නේවාසික ගොඩනැඟිල්ලකි කොළඹ බගතලේ පාරේ අයිවෝ ප්‍රනාන්දු ගොඩනැඟිල්ල (1956). කෙසේ වෙතත්…