Tagged නූතනවාදය

පශ්චාත් නූතනවාදය සහ ‘ජන්ක්’ බුද්ධිමතුන් – නලින් ස්වාරිස්

කොළඹ උපත ලද ආචාර්ය නලින් ස්වාරිස් ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ සහ ඉන්දියාවේ අධ්‍යාපනය ලබා කතෝලික පූජකත්වයට ඇතුලත්ව කලක් සේවය කර ඉන් ඉවත් වී විදේශ ගත විය. නෙදර්ලන්තයේ දී සමාජ කටයුතු පිළිබඳ සහ තුලනාත්මක ආගම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධි දෙකක් ලබා ගත් ඔහු ඉන් එකක් කුම් ලවුඩේ (cum laude) නම් ගෞරව සම්මානය සහිතව ලැබීය. ඔහු උට්‍රෙච්ට් විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කළ මානව විමුක්තිය සඳහා බුදුන්ගේ මග (The Buddha’s Way to Human Liberation) නම් නිබන්ධයට ද දර්ශනශූරී උපාධිය පිරිනමන ලද්දේ කුම් ලවුඩේ ගෞරව සම්මානය සහිතවය. ඔහු එම විශ්ව විද්‍යාලයේ ආගමික හා දර්ශන අංශයේ කථිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කලේය. ග්‍රීක, ලතින්, ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂා පිළිබඳ මනා…

පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ? අවසන් ‍කොටස අර්ජුන පරාක්‍රම

“පශ්චාත් නූතනවාදයමත් මහා ආඛ්‍යානයක්” පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ? අවසන් ‍කොටස අර්ජුන පරාක්‍රම ” මූලික මහා ආඛ්‍යාන ( meta narratives) නැහැයි කියලා පශ්චාත් නූතනවාදීන් කියනවා ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ මෙම විග්‍රහයන් තුළින් තවත් දැවැන්ත ආඛ්‍යානයක් ගොඩනැගෙනවා. මා මුලින් පෙන්නුම් කළා පශ්චාත් නූතනවාදී කියන එකේ විවිධ දේවල්, විෂම දේවල්, එක්තරා යුගයකට එක්තරා ප්‍රදේශයකට විශේෂිත වූ දෙවල් තියෙනවා. නමුත් මෙයින් හැමෝම පිට පටවන්නේ මහා විශාල ආඛ්‍යානයක්.” අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ?” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන පරාක්‍රම විසින් පැවැත් වූ දේශනයෙන් සකස් කළ ලිපියකින්…