“නමුත්, බුදුන් වහන්සේ චින්තනයෙන් නිර්මිත ලෝකයෙහි පවත්නා අසතුටු දායක බව හෙළිදරව් කර පෞද්ගලික හා සමාජීය දුක පහදා දී ඒ දුකින් මිදීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ද සොයා ගත්හ. ඒ චතුරාර්ය සත්‍ය හා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙය පෙරදිග සොයා ගැනීමක් නිසා ප්‍රතික්ෂේප කරන පෙරදිග බුද්ධිමතුන්ගේ ගණන ස්වල්ප නොවේ….ඩෙරීඩා Speech and Phenomena යන පඨිතයේ පෙන්වා දෙන්නේ කෙනෙක් අහං අස්මි…
'kathika' social, cultural and political review
Tagged පඨිතය
දේශපාලනය අතිවිශිෂ්ට දේ ප්‍රකාශ කරන සංකල්පයක් නොවේ – ධර්මසේන පතිරාජ
දේශපාලනය අතිවිශිෂ්ට දේ ප්‍රකාශ කරන සංකල්පයක් නොවේ ධර්මසේන පතිරාජ දැනටත් විශ්ව සාහිත්‍යයේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියෑවී තිබෙන විශිෂ්ට කෘති කියවනවා. විශේෂයෙන්ම සාහිත්‍යයේ නව ප්‍රවණතා ඉදිරිපත් කළ ලේඛකයන්ගේ කෘති ලැබුණු සෑම විටෙක කියවීම මගේ පුරුද්දක්. …………………………. දේශපාලනය අතිවිශිෂ්ට දේවල් ප්‍රකාශ කරන සංකල්පයක් නොවෙයි. කලාව අන්තර් පඨිතයි. කලාකරුවෙක් තනිවම කෘතියක් නිපදවන්නේ නැහැ. ඔහු කියවූ සාහිත්‍යය, අත්දැකපු ජීවිතය, දේශපාලනය, සමාජය තමයි කලා කෘතියක් බිහිවීමට හේතුවන්නේ. පඨිතය (Text) විශ්ලේෂණය කිරීම තමයි හොඳ කෘතියක් තීරණය කිරීමේ ප්‍රධාන සාධකය. මෙම නවකතාවේ පඨිතය තමයි එය පරිවර්තනය කිරීමට මාව පෙළඹවූයේ. එහි තිබෙන නැවුම් සන්දර්භ රීතිය ඒ සඳහා බලපෑවා. දේශපාලන දැක්‌මක් එහි තිබුණේ නැහැ. මා විශ්වාස කරන්නේ සාහිත්‍ය සාහිත්‍ය ඇසුරින්ම…