Tagged පශ්චාත් නූතනවාදය

හිස්ටීරියාවෙන් සයිකෝසියාවට පියන්කාරගේ බන්දුල ජයවීර

හිස්ටීරියාවෙන් සයිකෝසියාවට පියන්කාරගේ බන්දුල ජයවීර මාක්ස්, එංගල්ස් ‍‍ෆ්‍රොයිඩ්, ෆූකෝ ලකාන්, ‍ඩෙරීඩා කොටා දියකර බී, එයින් මත් වී වනා කගපත හතරතේ ‘පිටිය සුද්ධයි’ (Ground Clear) කියා තුටු වී කුටියකට වැද….. මමයි ලෝකය මම වගේ වෙනු! සකල සාහිත කලා ලෝකය මගේ අණසක අනුව යා යුතු! (ට්‍රොට්ස්කි ගැන අමතක වුණාව ද) ඈත නොම වූ දිනෙක “දහසක් මල් පිපේවයි මත ගැටේවයි” කියූ මුවගින් “එකම මල මම” කියා මළ පැන! වහසි දොඩනා කුටියකට වැද ස්වයං වින්දනයේ වුණේ කිම් දැයි අසන‍ ලොව වෙත බුරා පැන පිළිතුරු දෙමින් “මට වුණේ කිම්දැයි දැනගන්න තොපි සතුටු නම්……” මා සොයා ගෙන මාගේ ගෙදරට තොපි වරෙව් (මෙන්න ලිපිනය මගේ අභිමානය එයයි)…

පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ? අවසන් ‍කොටස අර්ජුන පරාක්‍රම

“පශ්චාත් නූතනවාදයමත් මහා ආඛ්‍යානයක්” පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ? අවසන් ‍කොටස අර්ජුන පරාක්‍රම ” මූලික මහා ආඛ්‍යාන ( meta narratives) නැහැයි කියලා පශ්චාත් නූතනවාදීන් කියනවා ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ මෙම විග්‍රහයන් තුළින් තවත් දැවැන්ත ආඛ්‍යානයක් ගොඩනැගෙනවා. මා මුලින් පෙන්නුම් කළා පශ්චාත් නූතනවාදී කියන එකේ විවිධ දේවල්, විෂම දේවල්, එක්තරා යුගයකට එක්තරා ප්‍රදේශයකට විශේෂිත වූ දෙවල් තියෙනවා. නමුත් මෙයින් හැමෝම පිට පටවන්නේ මහා විශාල ආඛ්‍යානයක්.” අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ?” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන පරාක්‍රම විසින් පැවැත් වූ දේශනයෙන් සකස් කළ ලිපියකින්…

පශ්චාත් නූතන කියන්නේ මොකක්ද? පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ? 2 වැනි ‍කොටස

පශ්චාත් නූතන කියන්නේ මොකක්ද? පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ? 2 වැනි ‍කොටස අර්ජුන පරාක්‍රම අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ?” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන පරාක්‍රම විසින් පැවැත් වූ දේශනයෙන් සකස් කළ ලිපියකින් උපුටා ගත් ‍ ‍දෙවෙනි කොටසයි. එම සම්පූර්ණ දේශනය ඇතුලත් ලිපිය මුල්වරට පළවූයේ දියැස සඟරාවේ 14 කලාපයේ (1995 සැප්තැම්බර් මස) ය. උපුටා ගැනීම දියැසට ස්තුතිවන්තව ය. II දැන් අපි පශ්චාත් නූතනවාදය ගැන සලකා බලමු. පශ්චාත් නූතනවාදය, පශ්චාත් නූතන බව ගැන ලියොතාද්ම කියන කියමනක් තිබෙනවා. මේක අපිට වලංගුද, අපිට අදාළද, අපේ…

පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ? අර්ජුන පරාක්‍රම

අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන පරාක්‍රම විසින් පැවැත් වූ දේශනයෙන් සකස් කළ ලිපියකින් උපුටා ගත් කොටස් කිහිපයකි. එම සම්පූර්ණ දේශනය ඇතුලත් ලිපිය මුල්වරට පළවූයේ දියැස සඟරාවේ 14 කලාපයේ (1995 සැප්තැම්බර් මස) ය. උපුටා ගැනීම දියැසට ස්තුතිවන්තව ය. I පශ්චාත් නූතනවාදය නූතනවාදයට එරෙහි වූ ප්‍රතික්‍රියාවකි. සංසිද්ධියකි. සමාජ ප්‍රපංචයකි. එහි බටහිර කේන්ද්‍රීය බවකුත්, ප්‍රාවීනවාදයකුත්, යටත් විජිතවාදී විකාශනයකුත් තියන බව මම කියනව. මුලින්ම මම අර්ථ දැක්වීමකට යනවා ජෝන් ප්‍රන්සුවා ලියොතාද්ගේ The Post Modern Condition කියන කෘතියට.සැබැවින් ම බොහෝ දුරට…

මහජන ජීවිතය හා පෞද්ගලික ජීවිතය අතර පරතරය: නිදහස, ධනවාදය, සහ පුරාතන ග්‍රීක ජනරජය

මහජන ජීවිතය හා පෞද්ගලික ජීවිතය අතර පරතරය: නිදහස, ධනවාදය, සහ පුරාතන ග්‍රීක ජනරජය ධනවාදී සමාජයේ ඇති නිදහස හැමවිටමත් පුරාතන ග්‍රීක ජනරජයන්හි මෙන් වහල් හිමියන් උදෙසා වන නිදහස හා සමව පවතින්නේය. – ලෙනින් ඉහත ලෙනින් ගේ ප්‍රකාශය ඉංග්‍රීසියෙන් පළව තිබු‍ණේ බූන්දි වෙබ් අ‍ඩවියේ ය. “එය ශ්‍රමයේ යදම් වලින් නිදහස් කිරීමට ආසන්න, ශ්‍රමිකයන්ගේ සමාජයකි. මෙම සමාජය, මෙම නිදහස ඒ සඳහා දිනාගනු ලැබීම යෝග්‍ය වන, එම අනෙක් වඩා උසස් සහ වඩා අර්ථවත් ක්‍රියාකාරකම් තවදුරටත් නොදනී. මෙය මිනිසුන්ට එකට ජීවත් විමට සැළැස්වීම ශ්‍රමය විසින් කරනු ලැබෙන ආකාරය වන නිසා සමානාත්මවාදී වන මෙම සමාජය තුළ, එයින් මිනිසාගේ අනෙකුත් හැකියාවන් ප්‍රතිසංස්ථාපනයක් අලුතෙන් පටන් ගත හැකි වනු…

‘ශ්‍රේෂ්ඨතම පොත් 50′ මළගිය සුදු පිරිමින් ගේ ‘අකාලික සම්භාව්‍ය කෘතීන්’ ද?

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ පිළිබඳ විවාදය – 4 Globe and Mail ප්‍රකාශයට පත්කළ පොත් නාමාවලියට මේ වනවිට පහත සඳහන් පොත් ද එකතු වී තිබේ. Kafka ගේ The Complete Stories The King James Bible Newton ගේ Principia Mathematica W.B. Yeats ගේ The Collected Poems (එකතු කළ කවි) Globe and Mail පුවත්පතේ ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ විශේෂාංගය ඇරඹුණේ 2008 ජනවාරි 05 වැනිදා ය. ඒ පිළිබඳ මුල් ප්‍රකාශයට ලැබුණු පාඨක ප්‍රතිචාර සංඛ්‍යාව 32 ක් වීය. මේ පිළිබඳ දෙවැනි ලිපිය එම පුවත්පතේ පළවන්නේ ජනවාරි 10 වැනිදාය. එතැන් සිට මේ දක්වා අළුතින් ලැබුණු පාඨක ප්‍රතිචාර මුළු සංඛ්‍යාව 500 කට අධික‍ය. ඒ, එක් එක් පොත පිළිබඳ…