“සේකර ලංකාවේ නූතන යුගයේ සිදුවෙමින් පැවතී ඇති විපර්යාසයන් – මිනිසා ගමෙන් නගරයට එන අත්දැකීම, නාගරීකරණය, කාර්මීකරණය, නිලධාරීවාදය හරහා ධනවාදය පැතිරීම, ඒ තුළ ස්වාර්ථ සාධනය, පාරිභෝජනවාදය, වැනි වාණිජ්‍යකරණය තැනී ඒම, බුර්ෂුවා නොහොත් තම සැපත පතාම කටයුතු කරන මැද පන්තික චින්තනය, ජීවන රටාව සමාජය තුළ පැතිරී යාම – යනාදිය පිළිබඳව අතිශයෙන් සංවේදීව ඒ පසුබිම තුළ සමාජීය සත්වයෙකු…
'kathika' social, cultural and political review
Tagged පාරිභෝජනවාදය
ජනාධිපතිවරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නව වම – කුමුදු කුසුම් කුමාර විසිනි
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සහයෝගය දෙන්නේ පවත්නා රජයට පක්ෂවද නැතහොත් විපක්ෂවද යන්න මත මෙරට දේශපාලනයේ මූලික පිල් බෙදීමක් සිදුවෙමින් පවතී. ඉන් කියැවෙන්නේ මෙම මැතිවරණය ලාංකේය දේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වන බවයි. මෙයට අමතරව විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ද විවිධ මත අනුව පිල් බෙදෙමින් පවතී. ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ යෝජනා මුල් කොට ගෙන ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම අරමුණු කොට ගත් නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් සඳහා එකඟත්වයක් ගොඩ නැඟීමේ ව්‍යාපාරයක් තිබේ. එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් පිළිගැන්වීමේ උත්සාහයක් ද ඇත. මේ සියල්ල ප්‍රභූ පැළැන්තියේ පාලනය තට්ටු මාරු ක්‍රමයට පවත්වා ගෙන යාමේ වැඩ…
පාරිභෝජනවාදයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය රැක ගත හැකිද?
පාරිභෝජනවාදයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය රැක ගත හැකිද? කුමුදු කුසුම් කුමාර තමිල්නාඩු මහ ඇමැතිනිය ජයලලිතා කළ නියෝගයක් මත ඉන්ඩියා ප්‍රිමියර් ලීග් (අයි පී එල්) ක්‍රිකට් තරඟාවලියේ පාලක මණ්ඩලය ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් චෙන්නායි හි පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟ වලට සහභාගීවීම වළකාලමින් තහනමක් පනවා තිබීම ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇත. ජයලලිතා තම නියෝගයට හේතුව වශයෙන් දක්වන්නේ ශ්‍රී ලංකා රජය එරට පැවති යුද්ධ සමය තුළ දෙමළ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ දකුණු ඉන්දියාවේ මතුවී ඇති උණුසුම් සහගත තත්ත්වය මෙයින් උග්‍ර වී ජනයා තුළ කෝපය වැඩි කරනු ඇති හෙයින් මෙම තහනම පනවන බවයි. මෙම තීරණය පිළිබඳ තම ශෝකය පළ කරමින් ලාංකේය ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා…
කලාව, සෞන්දර්යය හා සංස්‌කෘතිය අසුරනවල බහා විකිණීම
කලාව, සෞන්දර්යය හා සංස්‌කෘතිය අසුරනවල බහා විකිණීම ආචාර්ය සාලිය කුලරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප උත්සුක විය යුත්තේ, දැන් දැන් සරසවිය යන ආයතනය, විද්යුත් මාධ්‍ය සඳහා පිටපත් ලියන්නවුන් පුහුණු කිරීම, රූපලාවන්‍ය ශිල්පීන් පුහුණු කිරීම, රහස් පරීක්‍ෂකයන් හෝ ශරීරාරක්‍ෂකයන් පුහුණු කර ඩිප්ලෝමා දීම වැනි ශාස්‌ත්‍රය වේශ්‍යා වෘත්තියෙහි නොයොදවන ගරු කටයුතු බුද්ධි කෝෂ්ඨාගාරයක් ලෙස ආරක්‍ෂා කරගැනීම කෙරෙහිය. මහැදුරු ආර්. ඩී. ගුණරත්නගේ “සරච්චන්ද්‍ර දාර්ශනිකයා හා කලාකරුවා” කෘතියෙහි එක් තැනක මහාචාර්ය සරච්චන්ද්‍ර ලියා ඇති එදාටත් වඩා වත්මනට උචිත ප්‍රකාශයක් උපුටා දක්‌වා ඇත”. “කලාව මෙන්ම ශාස්‌ත්‍රඥානයද වෙළෙඳපොළට දමා ඉල්ලීම හා සැපයීම යන න්‍යායෙන් තක්‌සේරු කිරීම, ඒ දෙකම බාල්දුවන කාර්යයකි.” වර්තමානයේදී විශ්වවිද්‍යාලවල වෙළෙඳපොළ වටිනාකම් සහිත විෂයයන් ඉගැන්වීම හෝ…
“සමාජය ශිෂ්ඨ කිරීමේ දේශපාලන ව්‍යාපෘතිය” සහ “දේශපාලනය කිරීම සදහා අධ්‍යයනය කිරීම” – විමසුමක් සඳහා සටහනක්
“සමාජය ශිෂ්ඨ කිරීමේ දේශපාලන ව්‍යාපෘතිය” සහ “දේශපාලනය කිරීම සදහා අධ්‍යයනය කිරීම” – විමසුමක් සඳහා සටහනක් “පරිණාමීය චින්තනය සහ වහලා සහ ස්වාමියා පිළිබද හේගල්ගේ ද්වන්ධාත්මකය අතර ඔබ අදහස් කළ සම්බන්ධය මතුවන්නේ මාක්ස් මෙම ද්වන්ධාත්මකය වැරදියට වටහා ගැනීම සහ අනිසි භාවිතයට යොදා ගැනීම තුළින් බවයි මම හිතන්නේ. වහලා ස්වාමියා බවට පත් වෙනවා යැයි හේගල් කියන්නේ නැහැ. ඔහු කියන්නේ වහලා දැනටමත් ස්වාමියා බවයි. මක්නිසාද, යථාර්ථයට ස්වාමියාගේ ඇති සම්බන්ධයට මාධ්‍යයක් වන්නේ වහලාගේ සේවය කිරීම වුවත් වහලා යථාර්ථය දනියි. ඒ නිසා විප්ලවය සහ මහා වැඩවර්ජන පිළිබද සංකල්පත් සමගවූ මාක්ස්වාදී ද්වන්ධාත්මකය වනාහී හුදු පාරිභෝගිකයා මත වන කම්කරුවාගේ උසස් බවට හෙලූ හේගල්ගේ අන්තර් දැක්ම මුළුමනින්ම අනිසි ලෙස…