Tagged පෙරටුගාමී සමාජවාදී පක්ෂය

සිදුවීමට ඉඩ ඇතැයි අප බියපත් වූ දෙය දැන් සිදු වී තිබේ

සිදුවීමට ඉඩ ඇතැයි අප බියපත් වූ දෙය දැන් සිදු වී තිබේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රසිද්ධ පක්ෂ සම්මේලනයක් පවත්වා මහජන තලයේ දේශපාලනයට නිල වශයෙන් පිවිසීමට දින දෙකකට පෙර එම පක්ෂයේ නායකයන් වන කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීම පශ්චාත් යුද ලංකාවේ සාමකාමී සහ ස්ථායී දේශපාලන සහ සමාජීය පසුබිමක් ගොඩ නඟාගැනීමට ලාංකේය ජනයා තුළ ඇති අභිලාෂයට බලවත් පහරකි. අලුතින් දේශපාලන පක්ෂ සහ සංවිධාන බිහිවීම අප සමාජයේ දේශපාලන සාකච්ඡාව පුළුල් සහ ගැඹුරු කරන්නට හේතු විය හැකිය. දකුණේ හෝ උතුරේ වුව ජනයාට, විශේෂයෙන් තරුණ ජනයාට විවෘත දේශපාලනයේ යෙදීමට අවකාශය සකසා දීමෙන් දේශපාලන අභිලාෂයන් පාතාලභූමි ගත වීම වළක්වා අප සමාජය යහපත් එකක් බවට පත්…

කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල ඉන්නේ ආරක්ෂක අංශ අත්අඩංගුවේ – සේනාධීර ගුණතිලක

කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල ඉන්නේ ආරක්ෂක අංශ අත්අඩංගුවේ – සේනාධීර ගුණතිලක කුමාර් ගුණරත්නම් මහතා සහ දිමුතු ආටිගල මෙනවිය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ආරක්ෂක අංශවලින් බව පැහැදිලි යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික සේනාධීර ගුණතිලක මහතා පැවසීය. ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා පසුපස හා පක්ෂය පිටුපස මර්දනය හඹා ආ බවත් ඒ නිසා ඔහු කිසියම් ආරක්ෂක වැඩපිළිවෙළක් සහිතව දේශපාලනය කළ බවත් පැවසූ සේනාධීර ගුණතිලක මහතා ඔහුගේ බිරිඳ හා දරුවන් දිවයිනට පැමිණි අවස්ථාවේදී ඔවුන් ගුවන් තොටුපලේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් හා ඔවුන් යන එන තැන් හඹා යාමෙන් ඒ බව පැහැදිලි වන්නේ යැයිද පැවසීය. සේනාධීර ගුණතිලක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. ඉතිරිය බලන්න

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අභියෝගයක් වන සරසවි නවක වධය

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අභියෝගයක් වන සරසවි නවක වධය ජනතා විමුක්ති පෙරමුණෙ (ජවිපෙ) න් කැඩී ‘ජන අරගල කණ්ඩායම‘ ලෙස මෙතෙක් කටයුතු කළ පිරිස පෙරටුගාමී සමාජවාදී පක්ෂය නමින් මෙම සතියේ මහජන දේශපාලනයට පිවිසීම පිළිබඳ මෙරට වාමාංශික ජනයාගේ සුභාශිංසන හිමිවනු නිසැකය. සමාජයට අලුත්, සාධනීය දේශපාලන හඬක් එකතුවීම හැම විටමත් යහපත් දෙයකි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ලංකාවේ අප පසු කරමින් සිටින මෙම අවස්ථාව ට කළ හැකි දායකත්වය පිළිබඳ ලංකාවේ වාමාංශික ජනයා, විශේෂයෙන්ම තරුණ කොටස් බලාපොරොත්තු සහගතව සිටිති. ’71 ජීව ගුණය යළි පුබුදු කිරීම පැරණි වාමාංශික පක්ෂ ගිය පාරේම යමින් ජවිපෙ ත් තවත් එක් සම්ප්‍රදායික පාර්ලිමේන්තුවාදී දේශපාලන පක්‍ෂයක් බවට විපරිණාමය වී ඇති අවස්ථාවෙක ’71 ජීව ගුණය…