Tagged බුද්ධගයාව

ධර්මපාලතුමාගේ ලෝක බෞද්ධ දෘෂ්ටිය – මහාචාර්ය අසංග තිලකරත්න

ධර්මපාලතුමාගේ ලෝක බෞද්ධ දෘෂ්ටිය – මහාචාර්ය අසංග තිලකරත්න ගෝලීයව සිතා ප්‍රාදේශිකව ක්‍රියා කළ යුතු බවට කියමනක් ඇත. ගෝලීයකරණය වූ ලෝකයක් තුළ කෙනෙකු ප්‍රාදේශිකව කරන්නා වූ ක්‍රියාවල ද ගෝලීය බලපෑමක් ඇති බව ඉන් හැඟවේ. ධර්මපාලතුමා ගැන සිතන විට පෙනී යන්නේ එතුමා ගෝලීයව සිතුවා පමණක් නොව ගෝලීයව ක්‍රියා ද කළ බවකි. එපමණක් නොව, එතුමාගේ දේශීය ක්‍රියාකාරීත්ව පවා තේරුම් ගත යුතුව ඇත්තේ එම ගෝලීය චින්තනයෙහි දිගුවක් ලෙසටය. ධර්මපාලතුමාගේ දේශීය චින්තනය හා ක්‍රියාකාරීත්වය බොහෝ විට අර්ථකථනය කරනු ලැබ ඇත්තේ පටු ජාතිකවාදී හා නොතිබූ අතීත ශ්‍රී විභූතියක් පිළිබඳව “වංසය කබල් ගෑ” අවසානයේ දී තමා උපන් දේශීය ධනපති පංතියට සේවය කිරීමේ සංසිද්ධියක් ලෙසටය. මෑත ශ්‍රී ලාංකික…