Tagged භාෂාව

විප්ලවවාදීන්ගේ ජාතිය සහ සම්ප්‍රදායවාදීන්ගේ ජාතිය: මානව සංස්කෘතිය සහ ජාතික සංස්කෘතිය

බදාදා සටහන අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ The Defeat of the Mind (මනසේ පරාජය) කෘතිය පිළිබඳ සාකච්ඡාවකට සටහන් – තෙවැනි කොටස ෆින්කල්ක්‍රෝත් ගේ රචනය සාකච්ඡා කරන්නේ මනසේ ජීවිතය මුල්කරගත් සංස්කෘතිය යන අදහස යටපත්කොට ගෙන එදිනෙදා ජීවිතය පදනම කරගත් සියලු දේ සංස්කෘතික ය යන අදහස ජයගැනීමේ සංසිද්ධිය යි. මෙහිදී නූතනත්වය තුළ ප්‍රංශය මුල් කොට ගෙන පැන නැඟුණු ප්‍රබුද්ධත්වයේ කතිකාව මත සංස්කෘතිය පිළිබඳ සංකල්පීකරණය පැණ නැඟෙන අතර ඊට එරෙහිව යමින් ජර්මනිය මුල් කොට ගෙන ජාතිකත්වය සහ ජාතිය පිළිබඳ සංකල්පීකරණය බිහිවීම ෆින්කල්ක්‍රෝත් සාකච්ඡා කරනු අපි මෙම සටහන් මාලාවේ පෙර කොටස් වලදී දුටුවෙමු. පහත ඉදිරිපත් කෙරෙන ඊළඟ කොටසේ කියවිය හැක්කේ ඉහත සිදුවීම් හා සමගාමීව ප්‍රංශය තුළ…

“ අපේ ජාතිය, අපේ සාහිත්‍යය, අපේ භාෂාව ඒවා අපේය, ඒවා අපමය, එපමණක් ප්‍රමාණවත් “

බදාදා සටහන අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ The Defeat of the Mind * (මනසේ පරාජය) කෘතිය පිළිබඳ සාකච්ඡාවකට සටහන් – දෙවැනි කොටස ෆින්කල්ක්‍රෝත් තවදුරටත් මෙසේ කියයි: ජීවගුණය පිළිබඳ අදහස් මුල් බැස ගනියි ජූලියන් බෙන්ඩා 1926 දී The Treason of the Intellectuals (බුද්ධිමතුන්ගේ ද්‍රෝහීත්වය ) නමැති පොත පළ කළේය. එහි විෂය වූයේ “ලොවට අධ්‍යාපනය දෙන්නන් සතු සදාචාර මතියන් හි මහා විපර්යාසයක් ” යන්නයි. යුරෝපීය බුද්ධිමතුන් සාමුහික ආත්මයේ අද්භූත ගැඹුර පිළිබඳ ගනිමින් සිටි උද්යෝගිමත් උනන්දුව පිළිබඳ බෙන්ඩා කනස්සල්ලට පත්වීය. මනසේ කටයුතු කිරීමට තෝරාගනු ලැබූ අය විශ්වීයවාදය ප්‍රතික්ෂේපකරමින් සහ සුවිශේෂතාවන් උත්කර්ෂයට පමුණුවමින්, එක් ජනකායක් වෙනත් එකකින් වෙනස් කළ ගුණාංග කෙරෙහි අවධානය යොමු කරමින් තමන්ගේ ඉපැරණි…

‘වර්තමාන බුද්ධි පරිහානිය’ ගැන ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ගේ අදහස් කිහිපයක්

චන්දන ජයවීර “….. භාෂාවේ පරිහානියක් තිබෙනවා, අධ්‍යාපනයේ පරිහානියක් තිබෙනවා, විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ පරිහානියක් තිබෙනවා. මේක මුළු සමාජ දේහයේම තියෙන පරිහානියක්. ඉහළ සිට පහළටම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුදුස්සන් නැහැ. මේක නිවැරැදි වෙන්න නම් නිදහස්, ස්වාධීන අධ්‍යාපන ක්‍රමයක් ඇතිවිය යුතුයි. විශ්වවිද්‍යාලවල සිටින ආචාර්යවරුන් ටියුෂන්කරනවා. ඔවුන් පර්යේෂණ කරන්නෙ නැහැ. ආචාර්ය උපාධි කරන්නෙ නැහැ.” පසුගිය සෙනසුරාදා (2013 මාර්තු 02දා)ට කුමාරතුංග මුනිදාසයන්ගේ 69වෙනි ගුණ සමරුව යෙදී තිබුණා. අහම්බෙන් හෝ භාෂා හා සාහිත්‍ය අධ්‍යාපන වැඩසටහනක සමාරම්භක මොහොත ද එදිනටම නියමිතව තිබුණා. වැඩමුළුව පැවැතියේ, කොළඹ විශ්විවිද්‍යාලය ආසන්නයේ පිහිටි බස්නාහිර පළාත් සංස්කෘතික මධ්‍යස්ථානයේදී. දිවයිනේ සතර දෙසින් පැමිණි භාෂාසේවීන් හයසියයකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුවා. වැඩසටහන ගැන ඉදිරියේදී ලියන්නට…

‘බසෙහි වියරණ බිඳීම යනු එ බස වහරන්නන් අතර ඇති සම්මුතිය කැඞීමකි’ උස්වත්තෙ ආරච්චි

‘බසෙහි වියරණ බිඳීම යනු එ බස වහරන්නන් අතර ඇති සම්මුතිය කැඞීමකි’ උස්වත්තෙ ආරච්චි ‘බස’ යනු ඒ දොඩන, ලියන, කියවන දනා අතර සම්මුතියෙකි. ‘මහා සම්මතය’ රජකු පත් කර ගැනීම නො ව, බසක් නිර්මාණ කිරීම ය. සිංහල වහරන්නෝ ‘ඔළුව’ කුමක්දැයි දනිති. එහෙත් ඉංගිරිසිය වහරන්නෝ ඒ කුමක්දැයි නො දනිති. එ මෙන් ම ‘ව්‍යාකරණ’ යනු ඒ සම්මුතියේ වැදගත්ම කොටසයි. ඇමරිකීයයෝ ‘twenty’ යි ලියති. එය ‘twenny’ යි උසුරුවති. ප්‍රංශුවෝ ‘bourgeois’ යැයි ලියති, ‘බුර්ශ්වා’ යි හඬවති. තායි බසෙහි ‘ශිනවන්ත්‍රා ’ යි ලියා ‘ශිනවත්’ යි කියැවෙයි. මෙසේ ඇතිවන යම් යම් සම්මතවලින් බස් වහරන ජනයාට ප්‍රයෝජනයක් ඇත. ඒවා අත්තනෝමතික ලෙස කපා කොටා දැමීමට, තම තමන්ට රිසි පරිදි උසුරුවන්නාට…

ෂාරුක්ට ආචාර්ය පදවියක් ! ඩී. බී. කුරුප්පු

” ලිවීමේ දී කටවහර යොදා ගන්නා ලේඛකයෝ ඇත. ඔවුන් එසේ ලියන්නේ වියරණ නොදන්නා කමට යයි නොකියමි. වැඩි දෙනා තමන් යම් බදු වියරණ රටාවක් අනුගමනය කිරීමට උත්සාහ කරන බව පෙනෙයි. එ හෙත් ඔහුන’තුරිනුත් බොහෝ දෙනා ඒ අතින් පළ කරන්නේ දුබලතාවකි.” ෂාරුක්ට ආචාර්ය පදවියක් ! ඩී. බී. කුරුප්පු මේ පුවත්පතක පළ වූ සිරස්තලයකි. මගේ ලිපියේ සිරස්තලය හැටියට එය යොදා ගත්තේ, එයින් සිංහලයේ වත්මන් නැඹුරුවක් පිළිබිඹු කැරෙන නිසාය. මෑතක දී ආසියානු ක්‍රීඩා උත්සවයකට සහභාගි වූ ශ්‍රී ලාංකික කණ්ඩායම ආසියානු ක්‍රීඩා තරගය නියෝජනය කරන බව සඳහන් වූයේ ද පුවත්පතකය. ඒ දෙකින්ම මා පුදුම නොවූයේ ඊට කලින් මෙල්බර්න් පත්තරයකට මෙහි වසන ශාස්ත්‍රපති උපාධිධාරී හිමිනමක් ලියූ…

“සමහර සන්නිවේදන මාධ්‍යවලින් සිංහල භාෂාව අමු අමුවේ කනවා”

“සමහර සන්නිවේදන මාධ්‍යවලින් සිංහල භාෂාව අමු අමුවේ කනවා” රත්න ශ්‍රී විඡේසිංහ බෝගහගොඩ ඒ. ඩබ්ලිව්. ඒ. නිමල් දිවයිනේ දැනට ක්‍රියාත්මක වන සමහර සන්නිවේදන මාධ්‍යවලින් සිංහල භාෂාව අමු අමුවේ කනවා. සමහර රූපවාහිනි නාලිකා කේෂ නාලිකා වාගෙයි. සමහර ගුවන් විදුලි නාලිකාවන්ද සිංහල මර මරා කනවා. සමහර සන්නිවේදකයෝ ගිරා පෝතකයන් වගේ. මේ අය කිසිදු චකිතයක්‌ හිරිකිතයක්‌ නොමැතිව මෙම අපේ උතුම් සිංහල කම සිංහල භාෂාව කනවා. මෙම ව්‍යසනය වහාම නතර නොකළහොත් අනාගතයේ දී සිංහල නම් වූ මනෝරම්‍ය භාෂාව විනාශ වෙනවා යෑයි, ප්‍රවීණ කලාකරුවකු වන රත්න ශ්‍රී විඡේසිංහ මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ දකුණු පළාත් සාහිත්‍ය කලා මහෝත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමිනි. වැඩිදුරටත් අදහස්‌ ප්‍රකාශ…