මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේගේ චරිතයෙන් භික්ෂූන්ට උගත හැකි පාඩම් 1940 දශකයෙන් පසුව භික්ෂූන් වහන්සේලා දිගින් දිගටම දේශපාලන කාරණාවලට මැදිහත් වුවත් ඒ කිසි භික්ෂුවකට 1940 දශකයේ පුරෝගාමී භික්ෂූන් තම ශාස්තෘන් වහන්සේගේ ඉගැන්වීමට අනුව යමින් පෙන්වා දුන් ‘පොදුජන දේශපාලනයෙහි’ යෙදීමට නොහැකි විය. නොයෙක් ඓතිහාසික තත්වයන් යටතේ උන්වහන්සේලා යෙදුනේ ‘ආගම’ මුල්කරගත් හෝ ‘භාෂාව’ මුල් කරගත් දේශපාලනයකය. ඇතැම් භික්ෂූන්…