අපි කන වස – දෙවැනි කොටස ආරිය සුබසිංහ පසු අස්වනු කාලය ‘පසු අස්වනු කාලය’ යැයි වස විස සඳහා නීතියෙන් නියම කරන ලද කාල සීමාවක් තිබේ. එනම්, අවසාන වතාවට වස විස ගැසීමත් අස්වනු නෙළීමත් අතර කාලයයි. එය අඩුම තරමින් සති දෙකක් විය යුතුය. අවසාන වතාවට වස විස ගසා සති දෙකක් වත් යන තෙක් ඔබ එකී ද්‍රව්‍ය ආහාරයට නොගත යුතු බව එහි අදහසයි. ඒ සති දෙකේ කාලය තුළදී එකී වස විස වියෝජනය වී යන්නට යම් ඉඩක් තිබෙන බව වස විස නිෂ්පාදකයෝ කියති. එය සත්යල වුවත් නැතත් ගොවියාට වෙනසක් නැත. ඔහු පසු අස්වනු කාලය සතේකට මායිම් නොකරයි. එය අප කළ සමීක්ෂණවලදී පැහැදිලිවම පෙනී…
Tagged මහජන සෞඛ්‍යය
අපි කන වස ආරිය සුබසිංහ
අපි කන වස ආරිය සුබසිංහ සරසවියෙන් පිට වෙන්නටත් පෙරම වාගේ රැකියාවක් ලබන්නට මම වාසනාවන්ත වූයෙමි. රැකියාව වූයේ ගුරුතලාව, ශා. තෝමස් විදුහලේ ගුරු පත්වීමකි. එය වැලිමඩ – හපුතලේ ප්‍රධාන මාර්ගය අසල අතිශය සුන්දර පරිසරයක පිහිටි රටේ නම් දැරූ පුද්ගලික විදුහලකි. එහි කඳුබෑවුමක තනා තිබූ සුන්දර, විද්‍යාගාරයේ ඉදිරි වැටට වාරු වී පහත පෙනෙන මනස්කාන්ත දර්ශනය දෙස බලා සිටීම මගේ ප්‍රියතම විනෝදාංශයක් වීය. පොළොන්නරුවේ තැනිතලා බිමේ ගිණි කාෂ්ඨක අව්වේ පිච්චී පුරුදු මට එය පුදුම වෙනසක් විය. පහත මිටියාවතේ අර්තාපල් කොටුවල කවුද කවුදෝ වැඩ කරනු පෙනේ. මිටියාවත පිස හමා එන සිසිල් මඳනල ගත පමණක් නොව සිතද නිවා දමයි. එය පේරාදෙණි සරසවියේ මාර්ස්, ජයතිලක, හිල්ඩා…