මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු!!! නරක්වූ කුණු ගොඩකින් හොඳ “ව්‍යවස්තාවක්” හදා ගන්න බෑ. මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන්න මෙයාලට බැරි බව දැන් මෙයාලා ඔප්පු කරලා ඉවරයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන අබමල් රේණුවක තැකීමක් නැති මේ අය ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන එක මේ රටේ අභාග්‍යයකි. ජනවාරි 08 වෙන දා ජනතාව මේ පාර්ලිමේන්තුවේ තුනින් දෙක ද පැරදවූ බව මෙයාලට කියදෙන්න නම් මේ…
'kathika' social, cultural and political review
Tagged මහාචාර්ය නවරත්න බණ්ඩාර
ඒකාධිපති ජනාධිපති වියරුව පරදවමු – මහාචාර්ය නවරත්න බණ්ඩාර
පේරාදෙණිය විශ්ව විද්‍යාලය මෙරටට විධායකජනාධිපතිවරයකු ප‍්‍රථමයෙන් පත් වන්නේ 1978 පෙබරවාරි 4 වන දිනය. අදට වසර 37 කට පෙර 1972 ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගෙන එන ලද දෙවන සංශෝධනය මගින් මෙම ධුරය හඳුන්වා දෙන විට පැවතියේ අගමැතිවරයකුගේ නායකත්වයෙන් යුත් කැබිනට් මංඩල පාලන ක‍්‍රමයකි. විධායක බලතල සහිත ජනාධිපති ධුරයක් එම පාලන ක‍්‍රමයට එකතු කිරීම එම අවස්ථාවේ දී සිදුකරන ලදි. එහි ප‍්‍රතිඵලය වූයේ අගමැති සහ ඇමති මංඩලය සතුව තිබූ විධායක බලය ජනාධුපති ධුරය වෙතට පවරා ගැනීමය. එමගින් නාමික සහ දේශපාලන යනුවෙන් පැවති විධායක ආයතන දෙක එකක් බවට පත්කරන ලදි. නව ක‍්‍රමය යටතේ අගමැති ධුරය හුදු තනතුරු නාමයක් පමණක් බවට පත් විය. ඒ මගින් අගමැතිවරයා ජනාධිපති…