අගෝස්තු 17 මහ මැතිවරණය 1977න් පසු පළමු වරට අපගේ පාර්ලිමේන්තු නියෝජන බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තීන් මෙන්ම එහි නිශේධනාත්මක පැතිකඩ සහ සීමා ද මැනවින් වටහා ගැනීමේ අවස්ථාවක් උදා කර දී ඇත. අපගේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තීන් ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රධාන පැතිකඩ කිහිපයකි. ජනවාරි 8 දා මෙරට පුරවැසි ප්‍රජාව විවර කරගත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය දේශපාලනයට පිවිසෙන සියල්ලන්ට රජයේ පාර්ශ්වයෙන් සම්පූර්ණයෙන්ම…