ජාතිකවාදයට එරෙහි කතිකාව ජාතිකවාදී කතිකාවේම අන්තවාදී ස්වරූපය ගැනීමේ අවදානම නූතන යුරෝපීය ජාතිකවාදී කතිකාව වර්ධනය වන ආකාරය රචනයේ පහත පළවන කොටසින් ෆින්කල්ක්‍රෝත් තව දුර සාකච්ඡා කරයි. මේ ඒ පිළිබඳ කෙටි ප්‍රතිචාරයක් සහ සහ හැඳින්වීමකි. ෆින්කල්ක්‍රෝත් එම සාකච්ඡාව අරඹන්නේ අගතිය පිළිබඳ ජාතිකවාදී කතිකාව තුළ ඇතිවූ විවාදය ඉදිරිපත් කරමිනි. ප්‍රංශ ප්‍රතිවිප්ලවවාදීන් මෙන්ම ජර්මානු රොමෑන්ටික්වාදීහු ද ප්‍රබුද්ධත්වයේ භාෂාව තුළ අවමානයෙන් සැළකූ අගතිය පිළිබඳ අදහස පුනරුත්ථාපනය කිරීමට යොමු වූහ. මෙහි ලා ෆින්කල්ක්‍රෝත් ගේ සාකච්ඡාව න්‍යායිකව ගැඹුරු කරණු වස් ගැඩමර් අගතිය පිළිබඳ ගොඩ නඟන අදහස් සැකෙවින් ඉදිරිපත් කරන්නට අපි කැමැත්තෙමු. අගතිය පිළිබඳ ගැඩමර් අගතිය සහ විචාර බුද්ධිය ප්‍රතිපක්ෂයන් ලෙස සැළකීමේ නූතනවාදී ගැටළුවෙන් මිදීමේ මඟක් ලෙස ගැඩමර්…
'kathika' social, cultural and political review
Tagged මානවීයත්වය
විප්ලවවාදීන්ගේ ජාතිය සහ සම්ප්‍රදායවාදීන්ගේ ජාතිය: මානව සංස්කෘතිය සහ ජාතික සංස්කෘතිය
බදාදා සටහන අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ The Defeat of the Mind (මනසේ පරාජය) කෘතිය පිළිබඳ සාකච්ඡාවකට සටහන් – තෙවැනි කොටස ෆින්කල්ක්‍රෝත් ගේ රචනය සාකච්ඡා කරන්නේ මනසේ ජීවිතය මුල්කරගත් සංස්කෘතිය යන අදහස යටපත්කොට ගෙන එදිනෙදා ජීවිතය පදනම කරගත් සියලු දේ සංස්කෘතික ය යන අදහස ජයගැනීමේ සංසිද්ධිය යි. මෙහිදී නූතනත්වය තුළ ප්‍රංශය මුල් කොට ගෙන පැන නැඟුණු ප්‍රබුද්ධත්වයේ කතිකාව මත සංස්කෘතිය පිළිබඳ සංකල්පීකරණය පැණ නැඟෙන අතර ඊට එරෙහිව යමින් ජර්මනිය මුල් කොට ගෙන ජාතිකත්වය සහ ජාතිය පිළිබඳ සංකල්පීකරණය බිහිවීම ෆින්කල්ක්‍රෝත් සාකච්ඡා කරනු අපි මෙම සටහන් මාලාවේ පෙර කොටස් වලදී දුටුවෙමු. පහත ඉදිරිපත් කෙරෙන ඊළඟ කොටසේ කියවිය හැක්කේ ඉහත සිදුවීම් හා සමගාමීව ප්‍රංශය තුළ…