Tagged මානව සංවර්ධනය

‘සෞඛ්‍යයේ පුරය‘ සහ සුඛෝපභෝගී පුරය: ‘සංවර්ධනය‘ දේශපාලනය යටකොට ගැනීම – ‘කතිකා‘ අධ්‍යයන කවය

පසුගිය රජය තම දේශපාලන නිර්දෝෂීභාවය සඳහා රැකවරණ පැතූ සංවර්ධන සටන් පාඨය පිළිබඳ දේශපාලනය ‘කතිකා’ අධ්‍යයන කවයේ මෙම න්‍යායික විග්‍රයට පසුබිම් විය.අප කතිකා ලංකා kathika.lk අඩවියේ පළමු කලාපයේ පළ කල මෙය එහි වර්තමාන අදාළත්වය නිසා යලි මෙහි පළ කරමු. දැන් පෙනෙන හැටියට අප සලකා බලන්නේ හුදෙක් කවර හෝ පුරයක ආරම්භය නොව, සුඛෝපභෝගී පුරයක ආරම්භයයි … ඉතින්…

වෙනසක් සඳහා පුරවැසියෙකුගේ න්‍යායපත‍්‍රයක් – ආචාර්ය දීපිකා උඩගම

පේරාදෙණිය විශ්ව විද්‍යාලය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් තුළ වෙනසක් සඳහා ඉල්ලා සිටීම කුමන්ත‍්‍රණයක් හෝ දේශද්‍රෝහී ක‍්‍රියාවක් නොව පුරවැසියකුගේ මූලික අයිතිවාසිකමකි. රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳව අපට තෘප්තිමත් විය නොහැකි නම් වෙනසක් සෙවීම අපගේ පරම යුතුකමකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක පුරවැසියා තරම් අන් කිසිවෙකුත් වැදගත් නොවන බව අප කිසි දිනක අමතක කළ යුතු නැත. ආණ්ඩුකරණය සඳහා ඇති බලය ජනතා ස්වෛරීත්වයේ කොටසකි. එහෙත් අපට මෙය නිතර අමතක වන අතර ආණ්ඩුකරණය යනු දේශපාලකයින් ප‍්‍රධාන නළුවන් වන නාට්‍යයක් සේ සලකා සැනසී සිටිමු. පුරවැසියන් වන අප අපගේ දේශපාලන ඉරණම සකස් කොට ගැනීමේ වගකීම දැරිය යුතු බව පිළිගැනීම වැදගත් වේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් තුළ, හැම විටම ජීවගුණයෙන් යුතු විපක්ෂයක් පැවතීම අතිශය…