Tagged මාෂල් බර්මාන්

පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ? අර්ජුන පරාක්‍රම

අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන පරාක්‍රම විසින් පැවැත් වූ දේශනයෙන් සකස් කළ ලිපියකින් උපුටා ගත් කොටස් කිහිපයකි. එම සම්පූර්ණ දේශනය ඇතුලත් ලිපිය මුල්වරට පළවූයේ දියැස සඟරාවේ 14 කලාපයේ (1995 සැප්තැම්බර් මස) ය. උපුටා ගැනීම දියැසට ස්තුතිවන්තව ය. I පශ්චාත් නූතනවාදය නූතනවාදයට එරෙහි වූ ප්‍රතික්‍රියාවකි. සංසිද්ධියකි. සමාජ ප්‍රපංචයකි. එහි බටහිර කේන්ද්‍රීය බවකුත්, ප්‍රාවීනවාදයකුත්, යටත් විජිතවාදී විකාශනයකුත් තියන බව මම කියනව. මුලින්ම මම අර්ථ දැක්වීමකට යනවා ජෝන් ප්‍රන්සුවා ලියොතාද්ගේ The Post Modern Condition කියන කෘතියට.සැබැවින් ම බොහෝ දුරට…