Tagged මිචෙල් ෆූකෝ

අනුකම්පිත විප්ලවයක් – ආචාර්ය නලින් ස්වාරිස්

“බුදුන්ගේ ධර්මය උදුරා ගනිමින් තමන්ගේ අරමුණ ධාර්මික රාජ්‍යයක් බිහි කිරීම බව කියමින්, එහි උතුම් සාරධර්ම ගර්හාවට ලක් කරන ඊනියා, බෞද්ධ නායකයෝ එහි පූජනීයත්වය කෙළෙසීමට සාහසික වරදකරුවෝ වෙති.” ‘දිනන්නා පරදින්නා තුළ වෛරය ඇති කරයි. පරදින්නා දුක සේ වෙසේ. උපශාන්ත තැනැත්තා ජයත් පරාජයත් හැර සුවසේ වෙසේ (ධම්මපද 201) “සිවිල් සමාජය, ලිංගික, වාර්ගික, ආගමික සහ ආර්ථික ආදී වශයෙන්…

පශ්චාත් නූතනවාදය සහ ‘ජන්ක්’ බුද්ධිමතුන් – නලින් ස්වාරිස්

කොළඹ උපත ලද ආචාර්ය නලින් ස්වාරිස් ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ සහ ඉන්දියාවේ අධ්‍යාපනය ලබා කතෝලික පූජකත්වයට ඇතුලත්ව කලක් සේවය කර ඉන් ඉවත් වී විදේශ ගත විය. නෙදර්ලන්තයේ දී සමාජ කටයුතු පිළිබඳ සහ තුලනාත්මක ආගම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධි දෙකක් ලබා ගත් ඔහු ඉන් එකක් කුම් ලවුඩේ (cum laude) නම් ගෞරව සම්මානය සහිතව ලැබීය. ඔහු උට්‍රෙච්ට් විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කළ මානව විමුක්තිය සඳහා බුදුන්ගේ මග (The Buddha’s Way to Human Liberation) නම් නිබන්ධයට ද දර්ශනශූරී උපාධිය පිරිනමන ලද්දේ කුම් ලවුඩේ ගෞරව සම්මානය සහිතවය. ඔහු එම විශ්ව විද්‍යාලයේ ආගමික හා දර්ශන අංශයේ කථිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කලේය. ග්‍රීක, ලතින්, ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂා පිළිබඳ මනා…