Tagged මිඩ්ල්සෙක්ස් සරසවිය

‘නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ’ හිස් සටන් පාඨය?: බිරිතානියේ මිඩ්ල්සෙක්ස් සරසවියේ දර්ශන අධ්‍යයන අංශය රැකගැනීමේ ප්‍රයත්නයෙන් පාඩම් – වංගීස සුමනසේකර

‘නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ’ හිස් සටන් පාඨය?: බිරිතානියේ මිඩ්ල්සෙක්ස් සරසවියේ දර්ශණ අධ්‍යයන අංශය රැකගැනීමේ ප්‍රයත්නයෙන් පාඩම් වංගීස සුමනසේකර ආරම්භයක් වශයෙන් අපි සියළු දෙනාට එකතු වෙන්න පුළුවන් තැනකින් මේක පටන් ගනිමු. අද අප ජීවත්වන්නේ ප්‍රාග්ධනයේ ස්වයං ක්‍රියාකාරිත්වයන් සිතාගැනීමට පවා නොහැකි ලෙස සහ මෙයට සියවස් එකහමාරකට පෙර මාක්ස් පුරෝකථනය කළ පරිදිම මේ වන විට සම්ප්‍රදායිකව ප්‍රාග්ධනයේ ක්‍රියාකාරිත්වයෙන් පරිභාහිරව තිබෙන විෂය පථයන් හා ප්‍රපංචයන් වෙත දිග හැරෙමින් සිටිනා අවධියකය යන්න පිළිබඳ විශාල විරෝධයක් නොමැති වේ යැයි සිතමි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සැමදෙනාම වටිනාකම මැණබලන මිණුම්දණ්ඩ බවට ප්‍රාග්ධනය පත් වී ඇති අතර එහි මිණුම්දන්ඩට හසු නොවන දෙයක් වී ද, එය වටිනාකමක් නොමැති සහ එනිසාම පැවතීමට…