Tagged යුක්තිය

ගෝනිබිල්ලන්ට බිය නොවෙමු – මහාචාර්ය එච් එල් සෙනෙවිරත්න

ජනාධිපති රාජපක්ෂ තම ධුර කාලයෙන් වසර දෙකක්ම ඉතිරිව තිබිය දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීරණය කළේය. මෙම තීරණයට හේතුව මෙරට ජනයා සිය පාලනය විසින් පටවනු ලැබූ බරින් පීඩිතව සිටින බවත් සිය ඒකාධිපති ස්වරූපයේ පාලන ශෛලියෙන් හෙම්බත්ව සිටින බවත් ඌව පළාත්සභා මැතිවරණයෙන් පසු අවබෝධ වීමය. ”ත‍්‍රස්තවාදය පැරදවීම” මත පදනම් වූ ඔහුගේ ජනප‍්‍රියභාවය ද හීන වෙමින් යන බැවින් තව වසර දෙකක් ගත වුවහොත් ඉදිරි ජනපත්ිවරණයකින් තමා පරාජය වන බව ඔහු දැන ගත්තේය. වර්තමාන ජනපතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරයේ දී ඔහු විසින් යොදා ගනු ලබන කපටි උපක‍්‍රමයන්ගෙන් එකක් වන්නේ විදේශ ගත දෙමළ පුරවැසියනට හා වෙනත් බලවේගයන්ට අනුබල දෙමින් රට අස්ථාවර කිරීමටත් තමා විදුලි පුටුවට යැවීමටත් ”විදේශීය කුමන්ත‍්‍රණයක්”…

මහින්ද විශ්වාස කළ නොහැකිය, මෛත්‍රීපාල ට ඡන්දය දෙමි – කුමුදු කුසුම් කුමාර

1 ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාතික ආරක්ෂාව සඳහා තමා කෙරෙහි විශ්වාසය තබා තමා තුන් වැනි වරටත් ජනාධිපති කරන ලෙස ජනතාවට කියා සිටියි. නමුත් ඔහු විශ්වාස කිරීම සම්බන්ධයෙන් ගත් කළ අතීත වාර්තාව අපට පෙන්වා දෙන්නේ ජනතාව ඔහු කෙරෙහි තැබූ විශ්වාසය ඔහු දිගින් දිගටම කඩ කළ බවයි. එක්සත් නොබෙදුණු රටක් තුළ දේශපාලන බලය බෙදීම තම අපේක්ෂාව යැයි උතුරේ දෙමළ ජනතාවගේ අති මහත් බහුතර ඡන්දයෙන් බලයට පත් දේශපාලන නියෝජිතයන් නැවත නැවත අවධාරණය කරද්දීත් ලංකාව දෙකඩ කරන්නට කුමන්ත්‍රණයක් ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ සිංහල ජනතාව බිය වැද්දීම දිගටම කරයි. තමනට ඡන්දය දුන් ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය කඩ කොට පෞද්ගලික වාසි තකා පිල් මාරු කළ මන්ත්‍රීන්…