“ෆැසිස්ට්වාදය දේපොළ ආරක්ෂා කරන අතර මහජනතාවන්ට ප්‍රකාශනයක් ලබා දීමට තැත් කරයි. ෆැසිස්ට්වාදයේ තර්කානුකූල ප්‍රතිඵලය නම් දේශපාලන ජීවිතය තුළට සෞන්දර්යය ගෙන ඒම යි. තම වීරාභිවාදනයත් සමඟ ෆැසිස්ට්වාදය විසින් දණ ගස්වනු ලබන මහජනතාවන්ට කෙරෙන බලාත්කාරයේ සමකය දක්නට ලැබෙන්නේ තේවාකර්මාත්මක අගයන් නිපදවීම සඳහා මිරිකනු ලබන උපකරණයෙහි ය. දේශපාලන සෞන්දර්යමය කිරීමේ සියලු ප්‍රයත්න එක් දෙයක් තුළ මුඳුන්පත් වෙයි: එනම් යුද්ධය යි. සාම්ප්‍රදායික දේපොළ පද්ධතිය එලෙසම රඳවාගනු ලබන අතර මහජන ව්‍යාපාරයන්ට මහා පරිමාණයෙන් අරමුණක් ඉදිරිපත් කළ හැක්කේ යුද්ධයට ම පමණක් ය. [මේ මෙසේ වන්නේ සමාජවාදී ව්‍යාපාරය මැඩ පැවැත්වී ඇති විට ය.] මේ තත්වයට දේශපාලන සූත්‍රය මෙය යි. මේ තත්වයට තාක්ෂණික සූත්‍රය මෙසේ ඉදිරිපත් කළ හැකි…
'kathika' social, cultural and political review
Tagged රශ්මිමාලාව
යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදන යුගයේ කලා කෘතිය – වෝල්ට(ර්) බෙන්ජමින් (පරිවර්තනය සුචරිත ගම්ලත්)- දෙවැනි කොටස
වෝල්ටර් බෙන්ජමින් සෞන්දර්ය න්‍යාය සහ බටහිර මාක්ස්වාදය සම්බන්ධයෙන් දැඩි බලපෑමක් ඇති කල විචාරකයෙකි, චින්තකයෙකි. ජර්මනියේ ධනවත් යුදෙව් පවුලක උපත ලැබූ ඔහු බර්ලීනයේ හම්බොල්ඩ්ට් විශ්ව විද්‍යාලය,මියුනිච් හි ලුඩ්විග් මැක්ස්මිලන් විශ්ව විද්‍යාලය ආදී ආයතන වල අධ්‍යාපනය ලබා බර්න් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තේය. හනා ආරන්ඩ්ට් ඇතුළු යුදෙව් සරණාගතයන් පිිරිසක් සමග ෆ්‍රන්ස-ස්පාඤ්ඤ දේශසීමාවෙන් යුරෝපයට පලා යාමට උත්සාහ ගනිමින් සිටියදී එම දේශ සිීමාව වසා දමනු ලැබී යැයි ලද පුවතක් නිසාවෙන් ඇතිවූ බලාපොරොත්තු කඩවීම මත ඔහු 1940 සැප්තැම්බර් 27 වැනි දා ෆ්‍රන්ස-ස්පාඤ්ඤ දේශසීමාවේ දී දිවි නසාගති. නමුත් අනපේක්ෂිත ලෙස පසුදිනම දේශ සීමාව සරණාගතයන් සඳහා යළි විවෘත වීමෙන් හනා ආරන්ඩට් ඇතුළු පිරිසට යුරෝපයට පළා යා හැකි…