ජනවාරි 8 දේශපාලන පෙරළියට දායක වීම පිළිබඳ අප කණගාටු විය යුතුද? කුමුදු කුසුම් කුමාර (මෙම ලිපිය ලියා අවසන් කරන ලද්දේ මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් පත් කිරීමට පෙර ය.) 2015 ජනවාරි 8 දේශපාලන පෙරළියට දායක වීමෙන් අප ලද ප්‍රථිඵල පිළිබඳ අප තුළ සැකයක් ඇති වීම සාධාරණ ය. යමෙකු තමන් අතින් වරදක් සිදුවීය යන සිතුවිල්ල මත තැවීම…
'kathika' social, cultural and political review
Tagged රාජපක්ෂ රෙජිමය
මේසයක් තනන්නාක් මෙන් ඉතිහාසය “තැනිය” හැකි ද?
ලංකාවේ වර්ථමානයේ වැදගත්ම දේශපාලන කටයුත්ත වියයුත්තේ ජනතාව අත ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා නවලිබරල්වාදයට ප්‍රතිරෝධය දැක්වීමට කටයුතු කිරීම යැයි සිතමි. 2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂ රෙජිමය පරාජය කොට ‘ප්‍රජාතන්ත්‍රවාදය යළි ලබාගත්තෙමු’ යැයි සිතූ මෙහොතේම අපට එම ජයග්‍රහණයෙහි ඵල නෙලා ගැනීම අහිමි වූයේ කල්තබාම නවලිබරල්වාදීන් විසින් සැළසුම් කොට තිබූ පරිදි ඔවුන් දේශපාලන බලය වහා තමන් අත ගොනු කර…
ගෝලීය ආර්ථික අර්බුදයේ යුගය තුළ වෙළඳාම ලිබරල්කරණය – “එට්කා” ගිවිසුමේ දේශපාලන හා ආර්ථික ඇඟවුම් – අහිලන් කදිරගාමර්
සමාජවාදී අධ්‍යයන කවයේ සංවිධානයෙන් පසුගිය මාර්තු 11 දින සම සමාජ පියසේ දී වමේ කතිකාව: ශ්‍රී ලංකාව හා ගෝලීය ආර්ථිකය:ඊසීටීඒ,විදේශ ආයෝජන හා අනෙකුත් විකල්ප යන මැයෙන් දැක්වූ අදහස් මත පදනම්ව අහිලන් කදිරගාමර් විසින් ලියන ලද Trade liberalization in the times of global economic crisis – political and economic implications of ETCA යන ලිපියේ සිංහල පරිවර්තනය පහත…
හාවඩ් ආර්ථික සමුලුව සහ ලංකා ආර්ථිකයේ දුක් වේදනා – අහිලන් කදිරගාමර්
ශ‍්‍රී ලංකාව තුළ නාටකීය ආකාරයේ ආණ්ඩු වෙනසක් සිදුවී මේ වනවිට වසරක් ගත වී තිබේ. ලංකාව දැන් පය තබා එළැඹ තිබෙන්නේ හරියනවා නම් හරියන, වරදිනවා නම් වරදින වර්ගයේ වර්ෂයකටය. මේ වර්ෂය තුළ ස්වකීය දේශපාලන හා ආර්ථික දැක්ම ලංකාව විසින් නිමැවුම් කරගනු ලබන්නේ කෙසේද යන කරුණ රටේ අනාගතයට මහත් ගැඹුරු බලපෑමක් සිදුකරනු ඇත. බලයට පත්වීමෙන් හරියටම වසරකට…
2016 අයවැය: ව්‍යාපාර සඳහා කොළ එළිය මහජනයා වෙත රතු එළිය – අහිලන් කදිරගාමර්
“නව ලිබරල්වාදයේ දෙවන රැල්ලෙහි සමකාලීන අවධිය තුල ගැබ්ව තිබෙන කේන්ද්‍රීය තේමාව වන්නේ මූල්‍යකරණය සහ නාගරිකකරණයයි. 2009 අගභාගයේ රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබාගත් අතර ස්වෛරීත්ව බැඳුම්කර පා කොට හැරියේය. කොටස් වෙළඳපොලට ආධාරක සැපයීය. බැංකු ඒකාබද්ධ කිරීම ද ඇතුලත් මූල්‍ය ඒකරාශීකරණ ක‍්‍රියාවලියකට එම පාලනය මුල පිරූ අතර කොළඹ නගරය අලංකරණය වෙත යොමුවිය. බැංකු ඒකාබද්ධ…
ඡන්ද ක්‍රමය වෙනස් කිරීම: ඡනතා පරමාධිපත්‍යය දේශපාලන පක්ෂ වෙනුවෙන් කැප නොකළ යුතුය – කුමුදු කුසුම් කුමාර
“සිවිල් අයිතිවාසිකම් අපට පෞද්ගලික තැනැත්තන් ලෙස වැදගත් නිදහසක් ලබා දෙන නමුත් අප සැබෑ දේශපාලන නිදහස් ලබන්නේ ආණ්ඩුකරණයෙහි ලා සෘජුව සහභාගීවීමට ඇති අයිතිය ලැබීමෙනි. වත්මනෙහි දේශපාලනඥයන්ට පමණක් ඇති රාජ්‍ය බලය, මහජන බලය සඳහා සමුළුගත වීමට ඇති අයිතිය මහජන නිදහස සැබෑ ලෙස භුක්ති විඳීමේ අවස්ථාව ඒ සඳහා ඉදිරිපත් වන සෑම පුරවැසියෙකුට ලැබිය යුතුය. පුරවැසියන් ආණ්ඩුවට සම්බන්ධ විය යුත්තේ දේශපාලන පක්ෂ මගින් නොව පහළ මට්ටමේ සිට ඉහළට ගොඩ නැගෙන සන්ධීයනය වූ මන්ත්‍රණසභා මගිනි. සැබෑ පුරවැසි අයිතීන් ස්ථාපිත කිරීම වැටී ඇත්තේ දේශපාලන පක්ෂ මගින් අප නියෝජනය කිරීමට විකල්පයක් වන පුරවැසි එකතුවෙන් බිහිවෙන පුරවැසි මන්ත්‍රණ සභා සම්පාදනය කර ඒවා බල ගැන්වීම හරහා ය.” ඡන්ද ක්‍රමය…