රාජපක්ෂ රෙජීමයේ ඒකාධිපති වියරුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා වන පුළුල් පොදු ජන සටනක් බවට වත්මන් ජනාධිපතිවරණය හැරී තිබේ. මේ අවස්ථාව මඟ හැරුණහොත් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණය දිගු කලකට අපට අහිමි වනු ඇතැයි දැඩි විශ්වාසයට මැදහත් බොහෝ දෙනා ස්වාධීනව එළඹ සිටිති. පසුගිය සමයේ රෙජීමයට එළිපිට සහයෝගය දුන් බොහෝ දෙනා මේ අතර වෙති. ඔවුන්ගෙන් සමහරු රෙජීමයට සහයෝගය පළනොකොට නිශ්ශබ්ද වීමෙන් රෙජීමය පරාජය කිරීමට අනියමින් කැමැත්ත දක්වා සිටිති. මේ ජනරැල්ල දැක රජය සහ අනුගාමිකයන් කුපිත වී වියරුවෙන් ක්‍රියා කරන්නට පටන් ගෙන ඇත. රජයේ මැරයන් දේශපාලනයේ යෙදෙන ජනයාට පහර දෙද්දී, වේදිකා ගිනි තබද්දී, වෙඩි තියද්දී පොලීසිය එක්කෝ මඟහැර යති, නැතහොත් නීතිය හකුලා…