ජනරංජන, රාවය කාටූනය 2012 ජූනි 29
'kathika' social, cultural and political review
Tagged ‘රාවය‘
‘56 පෙරළියට වසර 56යි ඒත් අපි තාම බිම! – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු
‘56 පෙරළියට වසර 56යි ඒත් අපි තාම බිම! – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු සාකච්ඡාව: විමලනාත් වීරරත්න ‘ 56 පෙරළිය නමින් අපි හඳුන්වන තත්ත්වය ඇත්තටම දේශපාලන පෙරළියක්ද? එක අතකින් මේක දේශපාලන පෙරළියක් ලෙස හැඳින්විය හැකියි. මොකද බි‍්‍රතාන්‍ය පාලකයන් ගියේ ඔවුන්ගේ නියෝජිතයන්ට මේ රටේ පාලනය භාරදීලයි. විශේෂයෙන්ම ඔවුන් සමාජවාදී රටවල් සමඟ සබඳතා නොපැවැත්වීමට වගබලා ගත්තා. ‘56 පෙරළිය කියන එකෙන් ඒ තත්ත්වය වෙනස් කැරුණක්. අන්තර්ජාතික වශයෙන් ලංකාවේ තත්ත්වය ඉන්පසු වෙනස් වුණා. එමෙන් අභ්‍යන්තරික වශයෙන්ද ධනවාදී ආර්ථිකය වෙනුවට මධ්‍යම ප‍්‍රතිපදාවක්යැ’යි ‘56 නිර්මාතෘවරුන් හඳුන්වපු එක්තරා සංවෘත ආර්ථික වැඩපිළිවෙලක් රට තුළ ක‍්‍රියාවට නැගුණා. බස් ජනසතුව, පාසල් රජයට ගැනීම හා ඊටත් පසුව කුඹුරු ඉඩම් පනත් වැනි දේවල් හරහා…
මේ ’56 පරපුරේ දරුවන් ධනය සහ සමාජ තත්වය උපයා ගන්නා කාලය යි
ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වය, සහ දේශපාලන ප්‍රතිසංස්කරණ: මේ ’56 පරපුරේ දරුවන් ධනය සහ සමාජ තත්වය උපයා ගන්නා කාලය යි ‘රාවය‘ විසිපස්වැනි සංවත්සර උළෙල නම් කොට තිබුණේ ‘විසිපස් වසරක පටිසෝතගාමී අභිචාරිකාව‘ යනුවෙනි. එම උළෙලෙන් පසු ‘රාවය‘ කර්තෘ වික්ටර් අයිවන් ලියූ ලිපියක සිරස්තලය ‘පටිසෝතගාමී සහ විප්ලවකාරී ළදරු වලිප්පුව‘ විය. වික්ටර් මෙලෙස සඳහන් කරන්නේ සංවත්සර උළෙල සම්බන්ධව පැණනැඟී ඇති ආන්දෝලනයට පිළිතුරු දෙමිනි. මෙම ආන්දෝලනයට අදාළ ප්‍රධාන කරුණු දෙකකි. ඉන් පළමුවැන්න, උළෙල ට ‘රාවය‘ විසින් ආරාධනා කරනු ලැබූ අය ශාරීරික පරීක්ෂාවට ලක්වීම ට සම්බන්ධය. දෙවැන්න, උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරාධනා ලැබ තිබීම හා සම්බන්ධ ය. මෙහි පළමුවැන්න පැන නගින්නේ දෙවැන්නෙනි. උළෙලේ ප්‍රධාන ආරාධිතයා…