ශ‍්‍රී ලංකාව තුළ නාටකීය ආකාරයේ ආණ්ඩු වෙනසක් සිදුවී මේ වනවිට වසරක් ගත වී තිබේ. ලංකාව දැන් පය තබා එළැඹ තිබෙන්නේ හරියනවා නම් හරියන, වරදිනවා නම් වරදින වර්ගයේ වර්ෂයකටය. මේ වර්ෂය තුළ ස්වකීය දේශපාලන හා ආර්ථික දැක්ම ලංකාව විසින් නිමැවුම් කරගනු ලබන්නේ කෙසේද යන කරුණ රටේ අනාගතයට මහත් ගැඹුරු බලපෑමක් සිදුකරනු ඇත. බලයට පත්වීමෙන් හරියටම වසරකට…