Tagged ලිබරල්වාදය

Featured

ශ්‍රී ලංකාව බංකොලොත් බව හෝ ගැළවීම අබියස

අහිලන් කදිර්ගාමර්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  (ජා.මූ.අ.) සමග ගිවිසුම  සහ එහි විපාක  ප්‍රභූන් සහ වැඩකරන ජනයා අතර ගැටුමේ  නාභියයි. “….ශ්‍රී ලංකාවේ ප්‍රභූන්ට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට වුවද අද  වන විට ජනයාගේ එදා වේල සපයා ගැනීමට රට සිඟමන් යදින තත්වයකට පත්ව තිබේ. මෙය පාලක ස්ථාපිතය සසල කරන ජාතික නින්දාවකි. එසේ තිබියදී, අසීමිත ආනයන සහ තව තවත් අතමාරු කරගෙන…

දේශපාලනයේ හේතුවාදය – මයිකල් ඕක්ෂොට්

“යුරෝපයේ නූතන ඉතිහාසය හේතුවාදයේ දේශපාලනයේ ව්‍යාපෘතීන් ගෙන් හැඩිවී ඇත. මේවායින් ඉතාමත් උත්කෘෂ්ට වනුයේ ඇතැම් විට, ‘අඥානභාවය, දිළිඳු බව, භේදය, පාපය හා දුක්ඛිත බවින් මානව සංහතිය මුක්ත කර වීමේ ලෝක සමුළුවක්’ සඳහා වූ රොබට් ඕවන්ගේ ව්‍යාපෘතිය විය හැක – කොතරම් උත්කෘෂ්ට ද යත් හේතුවාදියකු පවා, (නමුත් එතරම් යුක්ති සහගත බවකින් තොර ව) එය විකාරයකැයි සිතීමට ඉඩ…

දේශපාලනය ලිබරල් “ක්‍රීඩාවෙන්” ඔබ්බට – චමීර පෙරේරා

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම හුදු ලිබරල්වාදී කාර්යයක් යන්න වමට සම්බන්ධ සහෝදරයන්ගෙන් වුවද බොහෝ විට එල්ලවන විවේචනයකි. වමේ ව්‍යාපාරයේ ඉතිහාසය තුළද, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රමුඛ දේශපාලන කාර්යයක් ලෙස සැලකූ සහෝදරවරුන් සම්බන්ධයෙන් බරපතල විවේචනයන් එල්ල විය. ඇන්. ඇම්. පෙරේරා සහෝදරයා එකී විවේචනයට හසුවූ ප‍්‍රධාන චරිතයයි. කම්කරු පන්ති දේශපාලනය මුල්කරගත් දෘඩතර පන්ති සංවිධානයක් වෙනුවට සම සමාජය, මහජනතාව මුල්කරගත් මහජන ව්‍යාපාරයක්…

ස්ව-සවිඥානිකත්වයේ ස්වාධීනත්වය සහ පරාධීනත්වය – ජෝර්ජ් විල්හෙල්ම් ප්‍රෙඩ්රික් හේගල්

පරමාදර්ශීයවාදයේ ආදි කතෘවරයා වන ජර්මන් දාර්ශනික ෆ්‍රෙඩ්‍රික් විල්හෙල්ම් හේගල්ගේ “ආත්මයේ ප්‍රපංචවේදය” කෘතියේ ඇතුළත් ස්ව ස්විඥානිකත්වයේ ස්වාධීනත්වය හා පරාධීනත්වය යන වහලා සහ ස්වාමියා පිළිබඳ උපමා කතාව වශයෙන් ප්‍රකට රචනාව පසුකාලීන බොහෝ දාර්ශනිකයන් හා විචාරකයන් මෙන්ම නවකතාකරුවන්ගේ සංකල්පනාවන්ට සහ ලේඛනවලට බලපෑමක් වී ඇති බව නොකිවමනාය. මාක්ස්වාදයේ සිට ව්‍යුහවාදය, මනෝ විශ්ලේෂණය, පශ්චාත් ව්‍යුහවාදය,සහ ලිබරල්වාදයේ විජයග්‍රහණය ප්‍රකාශ කළ ඇමරිකානු…

පුනර්ප්‍රකාශනය – 2010 ජනාධිපතිවරණය: ජාතිකවාදයද නැතහොත් ලිබරල්වාදයද? දෙකම!

‘කතිකා‘ අධ්‍යයන කවය 2005 සහ 2010 ජනාධිපතිවරණයන් හිදී ඒ පිළිබඳ අපගේ විශලේෂණය ඉදිරිපත් කළෙමු. අප ඉදිරිපත් කළ එම අදහස් පිළිබඳ අදත් පුරවරයේ මහජන වේදිකාවේ අදහස් දැක්වෙමින් පවතී. එම සාකච්ඡාව ගැඹුරු කරනු වස් දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන ඔබේ අදහස් සඳහා විවෘත කරමින් අපි එම ප්‍රකාශ යලිත් මෙහි පළ කරන්නෙමු. නම් අඬ ගැසීම් සහ පදනම් විරහිත ලේබල් ඇලවීම් සඳහා නොව අදහස් විවේචනය සඳහා මෙම ප්‍රකාශ විවෘත යි. 2010 ජනාධිපතිවරණය: ජාතිකවාදයද නැතහොත් ලිබරල්වාදයද? දෙකම! – කතිකා අධ්‍යයන කවය 2010 ජනාධිපතිවරණය, ලංකාව එහි අනාගත ගමන් මග සම්බන්ධයෙන් අතිශයින් තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ ඇති බව සළකුණු කරන්නේය යන්න අපගේ අදහසයි. මේ බව මෙරට මහජනයාද වටහා ගෙන…

Liberalism, Sinhala nationalism and the Presidential Election 2010: a belated rejoinder -“kathika” study circle

Liberalism, Sinhala nationalism and the Presidential Election 2010: a belated rejoinder -“kathika” study circle On the eve of the Presidential election 2010 the ‘‘Kathika’ study circle issued a statement on the election and there were some responses to it to which we could not attend at that time. In this article we address some key issues arising from some of the pertinent responses to our statement. The statement of the ‘Kathika’ study circle on the Presidential Election 2010, titled 2010 Presidential Election: Nationalism Or Liberalism? “Yes, Please!” sought to present an analysis of the political processes operative in the lead…