ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම හුදු ලිබරල්වාදී කාර්යයක් යන්න වමට සම්බන්ධ සහෝදරයන්ගෙන් වුවද බොහෝ විට එල්ලවන විවේචනයකි. වමේ ව්‍යාපාරයේ ඉතිහාසය තුළද, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රමුඛ දේශපාලන කාර්යයක් ලෙස සැලකූ සහෝදරවරුන් සම්බන්ධයෙන් බරපතල විවේචනයන් එල්ල විය. ඇන්. ඇම්. පෙරේරා සහෝදරයා එකී විවේචනයට හසුවූ ප‍්‍රධාන චරිතයයි. කම්කරු පන්ති දේශපාලනය මුල්කරගත් දෘඩතර පන්ති සංවිධානයක් වෙනුවට සම සමාජය, මහජනතාව මුල්කරගත් මහජන ව්‍යාපාරයක්…
'kathika' social, cultural and political review
Tagged ලිබරල්
එක්ස් කණ්ඩායමේ ‘තග’ දැමීමේ දේශපාලනය සිවිල් සමාජ කුසින් යළි උපත ලැබීම
එක්ස් කණ්ඩායමේ ‘තග‘ දැමීමේ දේශපාලනය සිවිල් සමාජ කුසින් යළි උපත ලැබීම -‘කතිකා’ අධ්‍යයන කවය ‘කතිකා’අධ්‍යයන කවය සහ එහි සාමාජිකයන් ට විවිධ ආන්තික දේශපාලන කණ්ඩායම් සහ කල්ලිවලින් සයිබර් අවකාශයේ එල්ල කෙරෙන මැර ප්‍රහාර පසු ගිය කාලය තුළ උග්‍ර වී තිබේ. අප මෙය දකින්නේ අපගේ දේශපාලන කටයුතුවල බලපෑම නිසා රිදෙන පිරිස් ඊට දක්වන ප්‍රතිචාරයක් ලෙසිනි. මෙම ප්‍රහාරවල හරය වන්නේ බියවැද්දීමෙන් අනෙකා මහජන තලයෙන් පළවා හැරීමයි. එක්ස් කණ්ඩායමෙන් උපත ලද මෙම දේශපාලනය අපට ආගන්තුක දෙයක් නොවේ. ඔවුන්ගේ මෙම ‘තග’ දැමීමේ නොහොත් මැර දේශපාලනයට අප එක්ස් කණ්ඩායමේ ආරම්භයේ සිටම එළිපිටම ප්‍රතිරෝධය දක්වා ඇත්තෙමු. එක්ස් කණ්ඩායමේ දේශපාලනයෙන් උපත ලද විවිධ කල්ලි කණ්ඩායම්වලට මෙම උපන් ගෙයි…