දිවයින මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය මම කලකට පෙර දැන සිටියෙමි. මා 1970 දශකයේ මැද භාගයේ ජනවේගය පත්තරයේ සේවය කළ සමයේ දී ඔහු සේවය කළේ සමසමාජයෙන් පළ කළ ජන දින පත්තරයේ ය. අපේ කාර්යාල මාලිගාවත්ත පාරේ එක ළඟ පිහිටා තිබුණු හෙයින් දෝ අප හඳුනා ගත් බව මට මතක ය. මෘදු ගති පැවතුම් ඇති, ප්‍රිය මනාප පුද්ගලයෙකු වූ…