Tagged වික්ටර් අයිවන්

රනිල්: දේශපාලන කතරේ ක්ෂේම භූමියක්ද ? මිරිඟුවක් ද? – ප්‍රජාතන්ත්‍ර විසිනි

“දේශපාලන කාන්තාරයට එකම සුදුස්සා රනිල්” යැයි වික්ටර් අයිවන් පවසා තිබේ. එය සාධාරණය කරන්නට ඔහු බොහෝ තර්ක ඉදිරිපත් කරයි. ඉන් සමහරක් ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත යුතු ඒවා නොවේ. මේ ඉන් සමහරකි. රනිල් “සාහිත්‍යය, කලාව වැනි විෂයන් සම්බන්ධයෙන් පවා” හොඳ අවබෝධයක් තිබෙන බව වික්ටර් පවසයි. එබඳු අවබෝධයක් ඇති බව ප්‍රකාශ කිරීම වගේම ඒ ක්ෂේත්‍රයට අදාළව කරන ක්‍රියා…

ගෝඨාභයගේ හෙවණැල්ල – වික්ටර් අයිවන්

ගෝඨාභයගේ හෙවණැල්ල – වික්ටර් අයිවන් විසිනි දේශපාලනයේදී ඔහු අතින් සිදුවූ බරපතළම වරද ලෙස සැලකිය හැක්කේ දේශපාලන කාර්යයන් සඳහා නිල වශයෙන් සේ ම නිල නොවන ආකාරයටද ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ පිරිස් යොදාගැනීමය. යුද්ධ කාලයේදී දකුණේ සමහර සංවිධාන යුද විරෝධී ප‍්‍රතිපත්තියක පිහිටා කෙරෙන උද්ඝෝෂණවල නිරත විය. බිහිසුණු යුද්ධයක් පැවති අවස්ථාවකදී ඔවුන් හැසිරුණු ආකාරයේ වරදක් ඇතත් එම ව්‍යාපාර මැඬලීම සඳහා නීතියට පරිබාහිරව යොදාගත් ප‍්‍රචණ්ඩ ප‍්‍රතිපත්තිය කිසිසේත්ම සාධාරණ ලෙස සැලකිය නොහැකිය. සංකේතාත්මක වැදගත්කමක් ඇති සමහර පුද්ගලයන් අබිරහස් ලෙස ඝාතනය වූ අතර තවත් සමහර පුද්ගලයෝ අබිරහස් ලෙස අතුරුදන් වූහ. සමහර ජනමාධ්‍ය ආයතන බිහිසුණු පහරදීම්වලට ලක්විය. සිදුවූ එවැනි සමහර අවලස්සන දේවලදී ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ පිරිස් යොදාගනු ලැබූ…

මේ ’56 පරපුරේ දරුවන් ධනය සහ සමාජ තත්වය උපයා ගන්නා කාලය යි

ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වය, සහ දේශපාලන ප්‍රතිසංස්කරණ: මේ ’56 පරපුරේ දරුවන් ධනය සහ සමාජ තත්වය උපයා ගන්නා කාලය යි ‘රාවය‘ විසිපස්වැනි සංවත්සර උළෙල නම් කොට තිබුණේ ‘විසිපස් වසරක පටිසෝතගාමී අභිචාරිකාව‘ යනුවෙනි. එම උළෙලෙන් පසු ‘රාවය‘ කර්තෘ වික්ටර් අයිවන් ලියූ ලිපියක සිරස්තලය ‘පටිසෝතගාමී සහ විප්ලවකාරී ළදරු වලිප්පුව‘ විය. වික්ටර් මෙලෙස සඳහන් කරන්නේ සංවත්සර උළෙල සම්බන්ධව පැණනැඟී ඇති ආන්දෝලනයට පිළිතුරු දෙමිනි. මෙම ආන්දෝලනයට අදාළ ප්‍රධාන කරුණු දෙකකි. ඉන් පළමුවැන්න, උළෙල ට ‘රාවය‘ විසින් ආරාධනා කරනු ලැබූ අය ශාරීරික පරීක්ෂාවට ලක්වීම ට සම්බන්ධය. දෙවැන්න, උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරාධනා ලැබ තිබීම හා සම්බන්ධ ය. මෙහි පළමුවැන්න පැන නගින්නේ දෙවැන්නෙනි. උළෙලේ ප්‍රධාන ආරාධිතයා…

නගර සංවර්ධනය හා මූලධර්මවාදය

නගර සංවර්ධනය හා මූලධර්මවාදය වික්ටර් අයිවන් කොළඹ නගර සංවර්ධන විවාදය යන හිසින් මීට පෙර කලාපයක පළවූ මාගේ ලිපිය විවේචනයට හා විචාරයට ලක් කරන කුමුදු කුසුම් කුමාරගේ ලිපියක් පසුගිය රාවයේ පළවී තිබුණි. කුමුදු 71 කැරැල්ලට නෑකමක් ඇති සමාජ විද්‍යාඥයෙකි. එවැනි කෙනකු අතින් කොළඹ සිදුවන නගර සංවර්ධනය ගැන පළවූ මාගේ අදහස් විවේචනයට හා විචාරයට ලක්වීම සුදුසුය. ඒ නිසා මට නැවත එම සාකච්චාවට යොමුවීමට අවස්ථාවක් ලැබීම ගැනද සතුටු විය හැකිය. ඉතිරිය සඳහා බලන්න රාවය

යහපත් නගරය ප්‍රජාතන්ත්‍රවාදය, විවිධත්වය සහ දුප්පතුන්ගේ අයිතීන් සුරකියි

‘කොළඹ නගර සංවර්ධන විවාදය‘ යහපත් නගරය ප්‍රජාතන්ත්‍රවාදය, විවිධත්වය සහ දුප්පතුන්ගේ අයිතීන් සුරකියි අප හිතවත් වික්ටර් අයිවන් ‘කොළඹ නගර සංවර්ධන විවාදය‘(රාවය, 2011 ඔක්තෝබර් 9) මැයෙන් ලියූ ලිපිය සාකච්ඡාවකට වැදගත් කරුණු මතු කරයි. මෙම ලිපියේ අරමුණ එවැනි සාකච්ඡාවක් සඳහා වෙනත් දැක්මකින් කරුණු ඉදිරිපත් කිරීම මිස මේ පිළිබඳ වික්ටර් අයිවන් සමග විවාදයකට එළඹීම නොවේ. මෙහි ලා මා අවධාරණය කරන්නට කැමති අදහස නම් නගර සංවර්ධනයේදී වැදගත්ම කරුණ වන්නේ සංවර්ධනය සිදුවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජන දිවියේ විවිධත්වය සුරැකෙන අයුරිනි, යන්නයි. ප්‍රජාතන්ත්‍රවාදය යටතේ නූතන නගරයේ හරය ඇත්තේ එහි පුරවැසියනට තම සාමුහික ජීවිතය, ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් මත, සහ නගරයේ සංස්කෘතික, සමාජීය, දේශපාලන සහ ආර්ථික විවිධත්වය රැකගෙන පවත්වා ගෙන…

“මාක්ස් මළවුන් අතර සිටියදී හේගල් මළවුන්ගෙන් නැගිටීම” – ලිබරල් දේශපාලනයේ ගැටළුව

‘‘මාක්ස් මළවුන් අතර සිටියදී හේගල් මළවුන්ගෙන් නැගිටීම’’ යන මැයෙන් 2005 ජූනි 05 දින වික්ටර් අයිවන් විසින් රාවය පුවත් පතට ලියන ලද ලිපිය සහ මීට ප්‍රතිචාර වශයෙන් සුමනසිරි ලියනගේ විසින් ජූනි 12 වෙනිදා රාවය පුවත් පතට සැපයූ ‘‘ෆුකුයාමා සහ ‍‍ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය’’ ලිපිය හා සංවාදයකට හවුල් වනු වස් ලියන ලද ‍මෙම ලිපිය පළ කිරීම සඳහා රාවය පුවත්…