ජාතිකවාදයට එරෙහි කතිකාව ජාතිකවාදී කතිකාවේම අන්තවාදී ස්වරූපය ගැනීමේ අවදානම නූතන යුරෝපීය ජාතිකවාදී කතිකාව වර්ධනය වන ආකාරය රචනයේ පහත පළවන කොටසින් ෆින්කල්ක්‍රෝත් තව දුර සාකච්ඡා කරයි. මේ ඒ පිළිබඳ කෙටි ප්‍රතිචාරයක් සහ සහ හැඳින්වීමකි. ෆින්කල්ක්‍රෝත් එම සාකච්ඡාව අරඹන්නේ අගතිය පිළිබඳ ජාතිකවාදී කතිකාව තුළ ඇතිවූ විවාදය ඉදිරිපත් කරමිනි. ප්‍රංශ ප්‍රතිවිප්ලවවාදීන් මෙන්ම ජර්මානු රොමෑන්ටික්වාදීහු ද ප්‍රබුද්ධත්වයේ භාෂාව තුළ අවමානයෙන් සැළකූ අගතිය පිළිබඳ අදහස පුනරුත්ථාපනය කිරීමට යොමු වූහ. මෙහි ලා ෆින්කල්ක්‍රෝත් ගේ සාකච්ඡාව න්‍යායිකව ගැඹුරු කරණු වස් ගැඩමර් අගතිය පිළිබඳ ගොඩ නඟන අදහස් සැකෙවින් ඉදිරිපත් කරන්නට අපි කැමැත්තෙමු. අගතිය පිළිබඳ ගැඩමර් අගතිය සහ විචාර බුද්ධිය ප්‍රතිපක්ෂයන් ලෙස සැළකීමේ නූතනවාදී ගැටළුවෙන් මිදීමේ මඟක් ලෙස ගැඩමර්…
'kathika' social, cultural and political review
Tagged විචාර බුද්ධිය
නූතනත්වයට ගැට ගැසුණු දේශපාලනයක හැඩරුව – නූතනත්වය සහ ලාංකීය සමාජ, දේශපාලන කතිකාව – “පශ්චාත්-නූතන තත්ත්වවාදය” – දෙවැනි කොටස
අප පහත පළ කරන්නේ සුනන්ද දේශප්‍රිය සහ කේ. ඩබ්ලිවු. ජනරංජන සංස්කරණය කළ බලය සඟරාවේ 2002 අගෝස්තු කලාපයෙන් ඇරඹී කොටස් කිහිපයකින් පළ කෙරුණු, කුමුදු කුසුම් කුමාර විසින් රචිත “නූතනත්වය සහ ලාංකීය සමාජ, දේශපාලන කතිකාව“ නමැති දීර්ඝ ලිපියේ “පශ්චාත්-නූතන තත්ත්වවාදය”ට අදාළ දෙවැනි කොටසයි. මෙම ලිපියෙහි ලා ලිබරල්වාදය, මාක්ස්වාදය, ගුණදාස අමරසේකරයන්ගේ ජාතික චින්තනය සහ “පශ්චාත්-නූතන තත්ත්වවාදය” නූතනත්වයට පදනම් වන සංකල්පීකරණයන් මුල් කොට ගෙන ගොඩ නැඟී ඇත්තේ කෙසේදැයි විග්‍රහ කරන්නට උත්සාහයක් ගන්නා ලදී. 2001 ජනවාරි මස ලංඩන් සඟරාවේ පළමු කලාපය නිකුත් කිරීම වෙනුවෙන් එක්ස් කණ්ඩායම පැවැත්වූ රැස්වීමේදී ආරාධිත දේශනය වශයෙන් කුමුදු කුසුම් කුමාර ඉදිරිපත් කළේ මෙම අදහස්ය. ඉතින්, මෙම ලිපි කොටස් කියවා එම සම්බන්ධය…
‘සාහිත්‍ය, ඉතිහාසය, අමරසේකර සහ අපි’ – නිවැරැදි කිරීමක්
‘සාහිත්‍ය, ඉතිහාසය, අමරසේකර සහ අපි’ – නිවැරැදි කිරීමක් කුමුදු කුසුම් කුමාර ‘සාහිත්‍ය, ඉතිහාසය, අමරසේකර සහ අපි’ යන මැයෙන් නාමල් උඩලමත්ත ‘දිවයින-වටමඬල’ අතිරේකයට (2013 මැයි 16) ලියූ ලිපිය පිළිබඳ ලියමි. එම ලිපියට මාතෘකා වන කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය මගින් මැයි 2 දා සංවිධානය කළ ‘සාහිත්‍ය සහ ඉතිහාසය’ නමැති සංවාදයේදී මා කීවේ යෑයි කියන අදහසක් නාමල් උඩලමත්ත මෙසේ සඳහන් කරයි. ‘අමරසේකර සිය කෘති ඔස්‌සේ සිංහල බෞද්ධ ජාතිකත්වය පදනම් කරගත් සමාජ ක්‍රමයක් ඉල්ලා සිටින අතර ආදරය, ලිංගිකත්වය, වියෝව වැනි නූතනවාදී දෑ සිය නිර්මාණවලට පසුබිම්කර ගැනීම පරස්‌පර බව ආචාර්ය කුමුදු කුසුම් ප්‍රකාශ කළේය’ නාමල් උඩලමත්ත එසේ කියා ඒ පිළිබඳ විවේචනයක් කරයි. මා මේ…