Tagged විධායක ජනාධිපති

“ජනවර්ග පදනම් කර ගෙන නොව පුරවැසියන්ට දේශපාලන බලය දෙන විසඳුමක්…”- කුමුදු කුසුම් කුමාර

බලය බෙදුවොත් වෙනම දෙමළ රාජ්‍යයක් හදාවි කියන බිය ගොඩ නගන්නේ කවුද, කුමන දේශපාලන අවස්ථා මුල් කර ගෙන ද කියලා…………මේ මතය ජනතාවට ගෙන යන්නේ සිංහල බෞද්ධ ජන කොටස් තුළ අනියත බියක් ඇති කරලා එහි දේශපාලන වාසිය ලබා ගන්න අපේක්ෂා කරන කොටස්……සිංහල බෞද්ධ ජන කොටස්වල ඇති කරන මේ අනියත බියට හේතු සාධක වන කාරණා විග්‍රහ කරන්නත් කටයුතු…

ඇන්. ඇම්. කියූ, වර්තමාන සම සමාජ නායකයන් නොකියූ දේවල් – චමීර පෙරේරා

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ඇති කළ විධායක ජනාධිපති ධූරය, අනාගත දේශපාලනය කෙරෙහි ඇති කළ හැකි බලපෑම පිළිබඳව ඇන්. ඇම්. පෙරේරාට තිබුණු කියවීම, ඔහු ලියූ කුඩා පොතේ ඇති දේශපාලන කරුණුවලට වඩා තියුණු හා බරපතලය. විශේෂයෙන්ම විවිධ අවස්ථාවන්වලදී ඒ පිළිබඳව මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න සමඟ කතා කළ අවස්ථාවලදී ඇන්. ඇම්. පලකළ අදහස් වෙනින් කවරදාකටවත් වඩා අදට කෙතරම් ගැලපේද යන්න සිතා බැලිය හැක. ඇන්. ඇම්. දැඩි රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිටින අතරතුර ජේ. ආර්. ජයවර්ධන ගෙනා ව්‍යවස්ථාව පිළිබඳව ඔහුගේ දැඩි අවධානය යොමු වීම පිළිබඳව මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න වඩා විමසිලිමත් වෙමින්, මෙතරම් වෙහෙසෙමින් කටයුතු කිරීම පිළිබඳ ප‍්‍රශ්න කර ඇත. එවන් අවස්ථාවක ආචාර්ය ඇන්. ඇම්. ප‍්‍රකාශ…

රැකගත යුත්තේ විධායක ජනපති ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද? ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

රැකගත යුත්තේ විධායක ජනපති ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද? ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු මේ ප‍්‍රශ්නයට මා දෙන පිළිතුර වන්නේ අද අප විසින් රැක ගනු ලැබිය යුතුව ඇත්තේ, වඩාත් නිවැරදිව කිවහොත් යළි ස්ථාපිත කොට ගත යුතුව ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බවයි. විධායක ජනාධිපති ධුරය පමණක් නොව එය ද ඇතුළත් සමස්ත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවම සම්පූර්ණයෙන් අහෝසි කොට නව දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීම ද නොපමාව කළ යුතුව ඇත්තේය. එසේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි පිහිටුවීම යනු අපගේ අවසාන අරමුණ නොව සාධාරණ සමාජයක් බිහි කොට ගැනීමේ ප‍්‍රථම මෙන්ම අත්‍යවශ්‍ය පියවර බව ද දැඩි ලෙස අවධාරණය කළ යුතුව තිබේ.