“….ලුවී බොනපාට්ගේ 18 වන බෲමරයේ කාල් මාක්ස් 1848 අසාර්ථක ප්‍රංශ විප්ලවය ගැන මෙම ආරම්භක පේළි ලිවීය: “ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් සියලු සිද්ධි සහ පුද්ගල චරිත දෙවරක් සිදු වන බව හේගල් කොතැනක හෝ ප්‍රකාශ කරයි. ඔහුට එකතු කිරීමට අමතක විය: පළමුවතාව ඛේදවාචකයක් ලෙස, දෙවන වර විගඩමක් ලෙස. මාක්ස් සඳහන් කළේ නැපෝලියන් ත්‍රාසජනක ලෙස රාජ්‍ය බලය අල්ලා ගැනීමේ ඛේදවාචකය සහ දශක ගණනාවකට…
'kathika' social, cultural and political review
Tagged විප්ලවය
සාමකාමී මහජන ප්‍රජාතන්ත්‍රවාදී ඊජිප්තු විප්ලවය දිනේවා!
අසිරිමත් විප්ලවය! ඊජිප්තු විප්ලවය අපේ යුගයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන නව මහජන විප්ලවවාදී දේශපාලනයක ආරම්භය සටහන් කරයි. එය අවිහිංසාවාදී ය, න්‍යායික මතවාදී ආධිපත්‍යයකින් මෙහෙයවූවක් නොවීය, මහජනයාගේ ස්වයංසිද්ධ, ස්වේච්ඡා සහභාගීත්වයෙන් පැන නැඟී පවත්නා ගෙන යන ලද්දකි. ඊජිප්තු ජනතාවට තම විප්ලවය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් කරා වර්ධනය කර ගැනීමට වාසනාව ලැබේවායි ශුභාශිංසන පිරිනමමු. තම දූ පුතුන් ගේ විප්ලවවාදී ජීවගුණයේ කැඳවුමට නිසි අවස්ථාවේ ප්‍රතිචාර දක්වමින් සැබෑ පුරවැසියන් ලෙස ක්‍රියා කිරීමට යොමු වූ ඊජිප්තු ජනතාවට අපගේ ගෞරවපූර්ව උපහාරය පිරිනමමු. විමුක්තියේ චතුරශ්‍රයෙන් ඇරඹි විප්ලවය සැබෑ මහජන පරිමණ්ඩලයක් වර්ධනය කරගැනීම දක්වාම ඉදිරියට යනු ඇතැයි අපි ඉත සිතින් පතමු. සමාජ පර්යාය, ආර්ථික වර්ධනය සහ “සංවර්ධනය“ නාමයෙන් මහ ජනතාවගේ…
ඇදහිලි කල්ලි
අපගේ එදිනෙදා ජීවිතය පිටුපස සැඟවුණු අනතුර අප අතර සැරි සරන ඇදහිලි කල්ලි මාග්‍රට් තේලර් සිංගර් – යන්යා ලාලිච් පෙරවදන රොබට් ජේ ලිෆ්ටන් පරිවර්තනය ප්‍රභා මනුරත්න, කසුන් සේනානායක, නිශාන්ත කුලරත්න, බුද්ධික බණ්ඩාර සේතුක ප්‍රකාශකයෝ 2/5 ඒ, ඩී.ජේ. විජේසිරිවර්ධන මාවත, ගල්කිස්ස sethukapublishers@gmail.com 2009 මිල රුපියල් 795/= ISBN 978 955 1895 03 7 ” මනෝ චිකිත්සක කව, ධනාත්මක චින්තන සමාජ, භාවනා පංති, සටන් කලා පුහුණු කේන්ද්‍ර, විශ්ව විද්‍යාල ක්‍රියාකාරකම් සහ දේශපාලන සංවිධාන ලෙස වෙස් වලාගත්, බැලූ බැල්මට නීත්‍යානුකූල ව්‍යාපාරයන් ලෙස පෙනෙන ඇදහිලි කල්ලි කොපමණ ඇද්දැයි ඔබ දන්නවාද?” “පිදුම – උත්තරීතර සමාජයක් පිළිබඳ පාර්ථනා හදවතේ පොදි කරගෙන කණ්ඩායම්ගත දේශපාලනයන්ට පිවිස, එහිම අතාර්කික අන්තයන් තුළ…
ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – පස්වැනි ලිපිය:දාස් කැපිටාල්
Globe and Mail, March 1, 2008 දාස් කැපිටාල් : ප්‍රාග්ධනයේ දරුනු අපරාධ ෆ්‍රැන්සිස් වීන් පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ PDF මාදිලියෙන් කියවන්න Download PDF “දාස් කැපිටාල් අප සියල්ලෝ කියවා ඇති අතර සියල්ලෝ කියවනවාම යැයි නොකිවමනා බව” ප්‍රංශ න්‍යායවේදී ලුවී අලුතුසර් ලිවීය. [ එය ] අප කියවා නැති අතර අප කියවන්නේද නැති බව නොකිවමනාය. අදාල විෂය පිළිබඳව…
තම දේශයට ආදරය කළ, ඇෆ්ඝනිස්ථානු ජාතියක් වෙනුවෙන් අරගල කළ, විප්ලවවාදිනිය මීනා
මීනා දිදුලන ඇෆ්ඝන් තරුව ඇෆ්ඝන් ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිවි පිදූ වීරවරියකගේ සත්‍ය කථාව කර්තෘ : මෙලඩි එමර්චයිල්ඩ් චාවිස් පෙරවදන : ඇලිස් වෝකර් පරිවර්තනය : ප්‍රභා මනුරත්න 2008 , සේතුක ප්‍රකාශකයෝ, කැළණිය. රු. 395/- මීනා: චරිතාපදානය මීනා, එනමින් යුතු සුන්දර තරුණ ඇෆ්ඝනු ස්ත්‍රියගේ චරිතාපදානය යි, ජීවන ආඛ්‍යානය යි; අපගේ පරිකල්පනාව අවදි කරන, බහුවිධ අරුත් මතු කරන සාරවත් කෘතියකි. එය මීනා ගේ ජීවිතය පිළිබඳ, ඇය ඇසුරු කළ, ඇසූ-දුටු අයගේ ආඛ්‍යානයන්, අර්ථකථනයන් කර්තෘවරිය වන මෙලඩි එර්මාචයිල්ඩ් චාවිස් (Melody Ermachild Chavis) ගේ දෘෂ්ඨියෙන් කියැවීමක් විශ්වශනීය ලෙස ඉදිරිපත් කරන හෙයින් සත්‍ය කතාවක් වෙයි. මීනා සිංහල අනුවර්තනය, එහි ඉංග්‍රීසි මුල් කෘතිය මෙන්ම අභිරුචියෙන් කියවා ගෙන යා…