රාජපක්ෂ රෙජීමය සංජීව බණ්ඩාර දුෂ්ඨයා කොට නිදහස් අධ්‍යාපනයේ මළගමට පාරකපයි ලක්මාලි හේමචන්ද්‍ර සිතිවිලි මඟින් භාෂාව අපවිත්‍ර කළ හැකි නම් භාෂාව මඟින් සිතිවිලි අපවිත්‍ර කිරීමටද හැකි වේ. ජෝර්ජ් ඕර්වෙල්, 1984 අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර නීති විරෝධි ඒකරාශි කිරීමකට සහභාගි වීමේ බරපතල වරදට රිමාන්ඞ් භාරයට ගෙන ඇත. ශි‍්‍ර ලංකාවේ ප්‍රධාන පෙළේ ඉංගී්රසි පුවත්පතක මෙම සිද්ධිය ගැන අදහස් දක්වන පාඨකයෝ සංජීව බණ්ඩාරව සදාකාලිකව රිමාන්ඞ් භාරයේ තබන ලෙසට ඉල්ලීම් කරති, නීති විරෝධි ලෙස හැසිරෙන ශිෂ්‍යයන්ව පාලනය කිරීම ගැන රජයට ප්‍රශංසා කරති. මහජනතාවගේ මුදල් නාස්ති කිරීම සහ ශිෂ්‍යයන්ගේ අනාගතය විනාශ කිරීම ගැන ඔහුට බැණ වදිති. සංජීවගේ කාර්යය අධ්‍යයනය කිරීම විනා…
Tagged විශ්ව විද්‍යාල අධ්‍යාපනය
පශ්චාත් ව්‍යුහවාදය සහ පශ්චාත් නූතනවාදය ඊළඟ පරම්පරාව විනාශ කළා – කැමිල පා(ග්)ලියා
අප පහත ලිපිය ‘අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැත්තේ මන්ද?‘ යන මැයෙන් මුල් වරට පළ කළේ 2007 නොවැම්බර් පළමු වැනි දිනයි. එහි කාලීන වැදගත් කම යළි යළිත් මතුව එන හෙයින් නව පරපුරේ යහපත තකා එය මෙහි යළිත් පළ කරමු. අපගේ මුල් ලිපියට ‘ලොව අවුල් සහගත, කුහක, පශ්චාත් නූතන රචනා ලියුවෝ ලංකාවේ පශ්චාත් නූතනවාදීහු ය’ යන මැයෙන් ප්‍රතිචාරයක් අමරකීර්ති ලියනගේ සිළුමිණ පුන්කලස අතිරේකයට ලීවීය. එය මෙහි බලන්න. ලියනගේ අමරකීර්ති ගේ ‘සිළුමිණ’ ලිපියේ එන අදහස් වලට ‘කතිකා’ අධ්‍යයන කවයේ ප්‍රතිචාරය ‘උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි‘ යන මැයෙන් මෙහි පළ කෙරුණි. ‘කතිකා’ අධ්‍යයන කවයේ මෙම ප්‍රතිචාර ලිපිය පළ කිරීමේදී සිළුමිණ, පුන්කලස…
මානව ශාස්ත්‍ර අධ්‍යාපනය රැකගනුවස්
මානව ශාස්ත්‍ර අධ්‍යාපනය රැකගනුවස් The Heart of the Matter The Humanities and Social Sciences for a vibrant, competitive, and secure nation
අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම
අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම: මහාත්මභාවය සනාථ කිරීමට ඇමති එස්. බී. දිසානායකට අවස්ථාවකි කුමුදු කුසුම් කුමාර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය එම ආයතනයේ වසර අටක සේවාකාලයකට පසු සේවයෙන් නෙරපීමට විශ්වවිද්‍යාල පාලක මංඩලය තීරණය කොට ඇත. මෙම තීරණයට හේතුව වශයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය දක්වන්නේ සේවයෙහි ස්ථිර කිරීම සඳහා අදාළ කොන්දේසිය වන පශ්චාත් උපාධි සුදුසුකම නියමිත පරිවාස කාලය වන අවුරුදු අට තුළ ඉටුකරන්නට අනුරුද්ධ ප්‍රදීප් අසමත් වීමයි. නමුත් මෙම තීරණය හෙළා දකින ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයත්, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයත් පෙන්වා දෙන්නේ අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම දේශපාලන පලිගැනීමක් බව සහ මේ සිදුවීම පිළිබඳ විශ්වවිද්‍යාල පරිපාලනය දක්වන හේතුව එයට අදාළ සැබෑ…
‘වර්තමාන බුද්ධි පරිහානිය’ ගැන ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ගේ අදහස් කිහිපයක්
චන්දන ජයවීර “….. භාෂාවේ පරිහානියක් තිබෙනවා, අධ්‍යාපනයේ පරිහානියක් තිබෙනවා, විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ පරිහානියක් තිබෙනවා. මේක මුළු සමාජ දේහයේම තියෙන පරිහානියක්. ඉහළ සිට පහළටම අධ්‍යාපන ක්ෂේත්රයේ සුදුස්සන් නැහැ. මේක නිවැරැදි වෙන්න නම් නිදහස්, ස්වාධීන අධ්‍යාපන ක්‍රමයක් ඇතිවිය යුතුයි. විශ්වවිද්‍යාලවල සිටින ආචාර්යවරුන් ටියුෂන්කරනවා. ඔවුන් පර්යේෂණ කරන්නෙ නැහැ. ආචාර්ය උපාධි කරන්නෙ නැහැ.” පසුගිය සෙනසුරාදා (2013 මාර්තු 02දා)ට කුමාරතුංග මුනිදාසයන්ගේ 69වෙනි ගුණ සමරුව යෙදී තිබුණා. අහම්බෙන් හෝ භාෂා හා සාහිත්‍ය අධ්‍යාපන වැඩසටහනක සමාරම්භක මොහොත ද එදිනටම නියමිතව තිබුණා. වැඩමුළුව පැවැතියේ, කොළඹ විශ්විවිද්‍යාලය ආසන්නයේ පිහිටි බස්නාහිර පළාත් සංස්කෘතික මධ්‍යස්ථානයේදී. දිවයිනේ සතර දෙසින් පැමිණි භාෂාසේවීන් හයසියයකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුවා. වැඩසටහන ගැන ඉදිරියේදී ලියන්නට…
ජාතික චින්තනවාදීන් සහ ‘දේශ හිතෛෂීන්‘ නව ලිබරල්වාදය වැළඳ ගැනීම
ජාතික චින්තනවාදීන් සහ ‘දේශ හිතෛෂීන්‘ නව ලිබරල්වාදය වැළඳ ගැනීම කුමුදු කුසුම් කුමාර විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වැඩ වර්ජනය දින සියය සපුරද්දී නිමාවට පත් වීය. තම ඉල්ලීම් පිළිබඳ රජයෙන් ලැබුණු ප්‍රතිචාරය පිළිබඳ සෑහීමකට පත් නොවන බව ආචාර්ය සමිති සම්මේලනය කියා සිටියාය. මෙම ප්රශ්නය විශ්ව විද්‍යාල ආචාර්යවරුනට හෝ රජයට ජයක් හෝ පරාජයක් නොමැතිව රටටත් ජනතාවටත් ජයග්‍රහණය හිමිවන ආකාරයට විසඳීමට තමන් සමත් වූ බව එහිලා මැදිහත්කරු ලෙසින් ක්‍රියාකළ ඇමති බැසිල් රාජපක්ෂ පසුව ප්‍රකාශ කොට තිබුණි. එයින් කියැවෙන්නේ ආරම්භයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පිරිනැමූ ‘දෙගොල්ලම-දිනුම් විසඳුම‘ මෙය බවද? තම අමාත්‍ය ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ අනුමතිය සහිතව ආචාර්ය සමිති සම්මේලනය සමග සාකච්ඡාවට බට මුදල් අමාත්‍යංශ…