කතුවැකිය මෙරට ප‍්‍රගතිශීලී මාධ්‍ය ව්‍යාපාරයේ පුරෝගාමී කාර්යයක් ඉටු කළ ”ඇත්ත” පුවත්පත ”ඉදිරිය” පුවත්පතෙහි ජන්ම භූමිය මෙන්ම ආදර්ශය ද වේ. 2013 ජූලි මස 3 දින සිට 2014 නොවැම්බර් 9 දින දක්වා ඇත්තේ කර්තෘවරුන් වූ අපි ඇත්ත 21 වන සියවසෙහි පුවත්පතක් බවට පත් කළෙමු. ඒ අවධිය තුළ ඇත්ත මෙරට පරිණතම සිංහල දේශපාලන පුවත්පත බවට පත් කිරිමට අපට හැකි විය. අප විසින් සංස්කරණය කරන ලද අවසාන ඇත්ත පුවත්පත එහි ප‍්‍රකාශකයන් වන ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වර්තමාන නිල නායකත්වය විසින් තහනම් කරනු ලැබූ පසු අපි එහි කර්තෘ මණ්ඩලයෙන් ඉවත් වීමට තීරණය කළෙමු. එසේ වුව ද කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් ද ඇතුළුව ඇත්තේ පාඨක බහුතරය තවමත්…
'kathika' social, cultural and political review
Tagged විසම්මුතියේ නිදහස
පොදු අපේක්ෂකයා, නව ලිබරල්වාදය, සහ නිදහස
පොදු අපේක්ෂකයා, නව ලිබරල්වාදය, සහ නිදහස කුමුදු කුසුම් කුමාර අද ලාංකේය ජනයා හමුවේ ඇති හදිසිම සහ වැදගත්ම දේශපාලන අභියෝගය කුමක් ද? එය ජනවාර්ගික යුද්ධයට පෙර සමයේ මෙරට ජනයා භුක්ති විඳිමින් සිටි නමුත් යුද්ධය සමයේ අහිමිව ගිය සහ යුද්ධය අවසන් වීමෙන් පසු ඉතිහාසයේ වඩාත්ම බරපතළ තර්ජනයට මුහුණ දී ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යලි දිනා ගැනීමට යොමු වීම නොවේද? මෙම අභියෝගය ජය ගැනීමේ ප්‍රධාන උපක්‍රමයක් ලෙසින් රෙජීමයෙන් පිටත දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන බොහොමයක් පිළි ගෙන ඇත්තේ පවත්නා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාවයි. 1978ට පෙර මෙරට පැවති, ජනයාගේ ඡන්දයෙන් බලයට පත්වන කොට්ඨාශ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ගන්නා පාර්ලිමේන්තුවක බහුතරයේ විශ්වාසය දිනා ගන්නා පක්ෂයක…