“ඒ යුගයේ හිටපු ඒ බටහිර සිත්තරු වැඩිදෙනා ජීවිතය දැනගෙන හිටියා. ඒ නිසාම සියවස් ගණනාවක් පවතින විදිහේ නිර්මාණ ගණනාවක් කරන්නට ඔවුනට හැකිවුණා. ඔවුන් ජීවිතයත්, තමන්ගේ ශිල්පයත් දෙකම හොඳින්ම අඳුනනවා. එයට අවංකයි. අද නම් බටහිර චිත්‍ර කලා ක්ෂේත්‍රයේත්, මේ රටේත් වැඩිතරයක් ඉන්නේ. බොරු කාරයෝ. ශිල්පයට වංචා කරන අය.” “ගොගෑන්ට වඩා මට බලපෑවේ ගැමි ජිවිතය හා පරිසරයයි” ප්‍රවීන චිත්‍රශිල්පී සීවලී ඉලංගසිංහගේ ‘රූපාවලී’ සිතුවම් ප්‍රදර්ශනය මෙම මස 18 වෙනි සඳුදා දක්වා කොළඹ හෝර්ටන් පෙදෙසේ පිහිටි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ, දෘශ්‍ය කලා අධ්‍යානාංශයේ ජේ.ඩී.ඒ පෙරේරා කලාගාරයේදී පැවැත්වේ. මෙම කෙටි සටහන ඔහුගේ චිත්‍ර කලා සම්ප්‍රදාය පිළිබඳ අගැයුමකි.සීවලී ඉලංගසිංහ ගේ චිත්‍රවල නිරූපණය වන ජීවිතය හා පරිසරය, අපට වර්තමාන…