'kathika' social, cultural and political review
Tagged සංගීතය
සරල ශාස්ත්‍රීය සංගීතයේ නිර්මාපකයා අමරදේව – මහාචාර්ය සුචරිත ගම්ලත්
“සරල ශාස්ත්‍රීය සංගීතයේ නිර්මාපකයා වන්නේ ඔහුයි. උත්තර භාරතීය රාගධාරී සංගීතයෙහි රස භාවයන් හා දේශීය ජන ගී, ජන නාද රටාව යන අංශ දෙකෙහිම සංකලනයෙන් ඔහු මේ තත්ත්වය නිර්මාණය කළා. ඊට පෙර යුගයන් හිදී ශාස්ත්‍රීය සංගීතය වෙනම ඇසුණා. ජනගීය වෙනම ඇසුණා. මේ අංශ දෙකම නිර්මාණාත්මක ලෙස භාවිතා කළ පළමු පුද්ගලයා වන්නේ ඔහුයි. ඒ සංගීත සම්ප්‍රදායන් දෙකෙහි එකමුතුවෙන්…
ශාස්තී‍්‍රය සංගීතයයි ජන සංගීතයයි පටලවා ගත යුතු ද? අනිල් මිහිරිපැන්න
ශාස්තී‍්‍රය සංගීතයයි ජන සංගීතයයි පටලවා ගත යුතු ද? ශාස්ත්‍රපති අනිල් මිහිරිපැන්න මෙම මාතෘකාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී බොහෝ කල්පනාකාරීව විචක්ෂණව අදහස් ප්‍රකාශ කළ යුතු බව මගේ හැඟීමයි. විශේෂයෙන් විශ්වවිද්‍යාලයීය සංගීත පාඨමාලාවන් පිළිබඳව ඇගැයීමක් ද පාඨශාලයීය සංගීතය පිළිබඳව ඇගැයීමක් ද කළ යුතුව ඇත. මේ අතර නිතර අපට ඇසෙන හර සුන් ගීත පිළිබඳව ද කතා කළ යුතුව ඇත. බොහෝ දෙනාගේ මතය ශාස්ත්‍රීය සංගීතය භාරතයෙන් සංක්‍රමණය වූ විෂයක් නිසා එය බැහැර කළ යුතු බවය. එම නිසාම මෙයට ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය යනුවෙන් භාවිත කරනු විටෙක දක්නට ලැබේ. එසේනම් උත්තරීතර බුදුදහම ද ඉන්දියාවෙන් ලංකාවට පැමිණි බව ඔවුන් අමතක කර ඇති බවක් පෙනේ. බුද්ධ ධර්මයට අප කිසි…
“ජනප්‍රිය සංස්කෘතිය විසින් විදග්ධ සංස්කෘතිය ගිලගෙන යනවා”
“ජනප්‍රිය සංස්කෘතිය විසින් විදග්ධ සංස්කෘතිය ගිලගෙන යනවා” “මම මීට වසර ගණනාවකට පෙර කිව්ව ආකාරයටම දැන් ජනප්‍රිය සංස්කෘතිය විසින් විදග්ධ සංස්කෘතිය ගිලගෙන යනවා. මේක මම මුලින් කියපු වෙලාවෙ විදග්ධ සංස්කෘතිය නියෝජනය කළ සියළු දෙනාම පාහේ ඇස් වසාගෙන සිටියා.” සරත් අමුණුගම, රාවය, 2009 සැප්තැම්බර් 20 වැනි ඉරිදා, සංවාදය – විමලනාත් වීරරත්න අප පහත පළකරන්නේ ජනප්‍රිය සංස්කෘතියේ ආගමනය පිළිබඳ සරත් අමුණුගම ගේ මුල්ම මුද්‍රිත ප්‍රසිද්ධ ප්‍රකාශය යි. “සංස්කෘතිය යන්න වැවටත්, දාගැබටත් සීමා වූවක් නොවේ. එය රැකෙන්නේ පන්සලේ හා පාසලේ පමණක් නොවේ. මිනිසුන්ගේ සැබෑ ලොවේ සිතුම්-පැතුම්, රුචි අරුචිකම් සියල්ලම සංස්කෘතියට ගෝචර වෙයි. සිංහල සංස්කෘතිය අද ගොඩනැගෙන්නේ පන්සලේ සහ කුඹුරේ නොව රූපවාහිනී හා ගුවන්විදුලි මධ්‍යස්ථානවලය.…
ජනප්‍රිය සිංහල සංගීතය ආනන්ද සමරකෝන්
අව්‍යාජ සිංහල ජනප්‍රිය සංගීතයක් ගොඩනැඟීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ජනප්‍රිය සංගීතය සහ ශාස්ත්‍රීය සංගීතය අතර සම්බන්ධය මතුකරමින් සංගීතඥ ආනන්ද සමරකෝන් ලියූ පහත ලිපිය 2009 සැප්තැම්බර් 11, සිළුමිණ පුන්කලස අතිරේකයෙන් උපුටා ගෙන ඇති සැටියෙන්ම පළකෙරෙයි. මෙම ලිපියේ මූලාශ්‍රය සිළුමිණ ලිපියේ සඳහන් කොට නැත. මෙම ලිපියේ නිවැරදි මුල් පිටපතක් අපට ලබාදෙන්නට කවරෙකු හෝ ඉදිරිපත් වුවහොත් එය අපට පහත ලිපියේ ඇති දෝෂ වලින් තොරව පළ කළ හැකි වෙතැයි සිතමු. ජනප්‍රිය සිංහල සංගීතය ආනන්ද සමරකෝන් එය හඬකින් බිහිවූවකි. ගලා බසින දොළ පහරකින් හෝ ඇද හැලෙන දිය ඇල්ලකින් නැඟෙන ‘සර සර’ හඬෙන්, ගහකොළ ආදියේ ගැටී පිසයන මාරුතයෙන් නැඟෙන හඬෙන්, ලී කෑලි දෙකක් එකට ගැටීමෙන් නිකුත්වන ශබ්දයෙත්,…