‘ගෞරවය දිනාගැනීමට පෙර ගෞරවය ලබා දිය යුතුයි.’ තනි තනිව පුද්ගලයන් ලෙස හෝ ජාතික රාජ්‍යයක් ලෙස ගෞරවය සහ ඇගයීම පිළිබඳව කියවෙද්දී ඉහත කියමන නිතර නිතර භාවිතවූවකි. ජාතික රජයක් වෙනත් රටවල් සමඟ ගනුදෙනු කිරීමේදී පවත්වන ගෞරවනීය ස්වභාවය මත වෙනත් රටවල් තවත් රටක් පිළිබඳව දක්වන අවධානය සහ ඇගයීම තීරණය වේ. රටක් ලෙස ඔවුන් නිවැරදි යැ’යි විශ්වාස කරන අදහස්…
'kathika' social, cultural and political review
Tagged සංවර්ධනය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව – නිර්දේශ (11- 22 පරිච්ඡේද)
11 පරිච්ඡේදය – රාජ්‍ය ප්‍රතිපත්තියේ නියාමක මූලධර්ම 11.2 නිර්දේශ පහත දැක්වෙන නිර්දේශ සම්බන්ධයෙන් කමිටු සාමාජිකයෝ ඒකමතිකව එකඟ වූහ. 1. මෙහි ඇතුළත් වන රාජ්‍ය ප්‍රතිපත්තියේ නියාමක මූලධර්ම රටේ පාලනය සඳහා මූලික වන අතර සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදි හා නිදහස් සමාජයක් ස්ථාපිත කිරීම සඳහා ඒවා අනුගමනය කිරීම රාජ්‍යයේ වගකීමක් වෙයි. රජයේ සියලු ම ආයතන, ජාතික, පළාත් හා පළාත් පාලන…
‘කළ යුත්තේ කුමක් ද?’ – කුමුදු කුසුම් කුමාර
කළ යුත්තේ කුමක් දැයි වමේ සහෝදරවරු අසති. ඔවුන් මේ ප්‍රශ්නය නගන්නේ මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් සහ ඉදිරියේදී අප දේශපාලනය කළ යුතු ආකාරය පිළිබඳ ය. ඇතැමුන් දකින පරිදි වම කළ යුත්තේ බලයේ සිටින රජයේ ප්‍රගතිශීලී බලවේග සමග කටයුතු කිරීමය. ජනවාරි 8 දා ව්‍යාපාරයෙන් ප්‍රකාශිත ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂා වෙනුවෙන් තව දුරටත් පෙනී සිටීම මේ මොහොතේ වමේ දේශපාලන කටයුත්ත…
‘සෞඛ්‍යයේ පුරය‘ සහ සුඛෝපභෝගී පුරය: ‘සංවර්ධනය‘ දේශපාලනය යටකොට ගැනීම – ‘කතිකා‘ අධ්‍යයන කවය
පසුගිය රජය තම දේශපාලන නිර්දෝෂීභාවය සඳහා රැකවරණ පැතූ සංවර්ධන සටන් පාඨය පිළිබඳ දේශපාලනය ‘කතිකා’ අධ්‍යයන කවයේ මෙම න්‍යායික විග්‍රයට පසුබිම් විය.අප කතිකා ලංකා kathika.lk අඩවියේ පළමු කලාපයේ පළ කල මෙය එහි වර්තමාන අදාළත්වය නිසා යලි මෙහි පළ කරමු. දැන් පෙනෙන හැටියට අප සලකා බලන්නේ හුදෙක් කවර හෝ පුරයක ආරම්භය නොව, සුඛෝපභෝගී පුරයක ආරම්භයයි … ඉතින්…
ජාතික ආරක්ෂක රාජ්‍යයක් ගොඩ නැංවීම නවතාලිය යුතුය – කුමුදු කුසුම් කුමාර
විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ වැඩ පිළිවෙල තුලින් මතුවන ගැටලු දෙකක් කෙටියෙන් මතු කරමින් මෙම ලිපිය අරඹමි. පළමුව, විපක්ෂය විසින් අත්සන් කළ පොදු මහජන න්‍යාය පත්‍ර යේ සඳහන් වන වසර දෙකකට නොඅඩු කාලයක් සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව රාජපක්ෂ රෙජීමය යටතේ පැවතියාක් මෙන් විපක්ෂ දේශපාලනය මර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් නොවන්නේ කෙසේද යන්න පොදු අපේක්ෂක ව්‍යාපාරය විසින් පැහැදිළි කළ යුතුය. ජාතික ඒකාබද්ධතාව ගොඩ නැංවීමේ යහපත් අරමුණ වෙනුවෙන් හෝ වුව දේශපාලනය විසම්මුතිය, විවේචනය සහ විරෝධය යටපත් කිරීම සිදු නොවිය යුතුය. එසේ වුව හොත් එය පොදු අපේක්ෂක ව්‍යාපාරයේ මූලික අරමුණ වන බහු පක්ෂ දේශපාලනය අත්‍යවශ්‍ය අංගයක් වන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමේ අපේක්ෂාවට එරෙහිව…
ආයෙමත් යුද්ධය ඇති වෙයිද? කුමුදු කුසුම් කුමාර
ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග උදා වූ දේශපාලන නිදහසේ අවකාශය ලංකාවේ සමාජයට නව ජීවයක් ගෙන දුන්නා වැනිය. යහපත් වෙනසක් පිළිබඳ බලාපොරොත්තුවෙන් මුලු සමාජයම පිබිදී ඇළලී ගොස් ඇත. හැමතැනම හැමෝගේම දවසේ ප්‍රධාන මාතෘකාව දේශපාලන යයි. පසුගිය දිනවල උණුසුම් කතා බහ වූයේ ‘කවුද අලුතෙන් පැන්නෙ?‘ යන්නයි. නමුත් දැන් වන විට එය දේශපාලනඥයන්ගේ මිල ගණන් වලින් අදහස් වලට ප්‍රතිපත්තිවලට පුරවැසි සාකච්ඡාවට මාරු වී තිබේ. මේ සාමාන්‍ය පුරවැසියා දේශපාලනයට සක්‍රීයව යොමුවන මොහොතයි. ඡන්දදායකයන් විසින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අනාගත ජනාධිපතිවරයා ලෙස බැරෑරුම්ව සළකා බැලීම දැන් ඇරඹී තිබේ. ප්‍රචණ්ඩත්වයෙන් බිය වැදී ගොස් තිබුණු අප සමාජය මත ජාතික නායකයෙක් ලෙසින් මෛත්‍රීපාල සිරිසේන ගේ ආගමනය ඇති…