කලක් තිස්සේ ව්‍යාකූලව තිබූ තත්වයන් ඉතා ඉක්මනින් නිරවුල් වෙමින් පවතී. රජය හැම ක‍්‍රියාවක්ම සිදු කරන්නේ මෙරටේ මහජනතාව මෝඩ රැළක් සේ සලකමිනි. දූෂණය, භීෂණය මෙන්ම අවනීතිය හා අසාධාරණය ද වසා ගැනීමට යොදා ගන් ලබන්නේ රැවටිලි වදන්ය, රැවටිලි ක‍්‍රියාවන්ය. රජයේ නායකයින්ගේ ක‍්‍රියාවලින් පිළිබිඹු වන්නේ වංචාව, හිරිඔතප් නැති බව මෙන්ම පාදඩ බවයි. වෙනත් අයගේ ත‍්‍රස්තවාදයට රජයේ පිළිතුර ඊටත් වඩා දරුණු ත‍්‍රස්තවාදයයි. අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත‍්‍රණ පිළිබඳව කතා කරමින් සිදු කරන්නේ අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවන් අනුව කටයුතු කිරීමයි. මේ සියල්ල හළිදරව් වන විට දැන් අලූත් සින්දුවක් පටන් ගෙන තිබේ. ජාතික ආරක්ෂාව හා ස්ථාවරත්වය රැකීම සඳහා අධිකාරීවාදි ඒකාධිපතියෙකු අවශ්‍ය බව දැන් එළි පිටම පවසනු ලැබේ. කුලියට ගත් කලාකරුවන් හා…
'kathika' social, cultural and political review
Tagged සමාජ සාධාරණය
මානව සුරක්ෂිතභාවයකින් තොර ජාතික ආරක්ෂාව – මහාචාර්ය සිරි හෙට්ටිගේ
කොළඹ විශ්වවිද්‍යාලය යුද්ධය අවසන් වී වසර පහක් ගෙවීගොස් ඇති අද මෙරට මුහුණදෙන ප‍්‍රධානම ප‍්‍රශ්නය ලෙස බලයේ සිටින නායකයන් හුවා දක්වන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතැයි යන්නයි. එහෙත් පුදුමයට කාරණයක් වන්නේ, මෙරට දේශපාලන ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාත්මක වන අනෙකුත් කිසිම දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට හෝ නොපෙනෙන ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් බලයේ සිටින අයට පමණක් පෙනීමයි. මෙරට යුද්ධයක් පැවැති වසර තිහක පමණ කාලය තුළ රාජ්‍යාරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක් පැවැති බව කවුරුත් දන්නා සත්‍යයකි. එම ජාතික ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නය මතුවූයේ කෙසේද යන්න පිළිබඳව විවිධ අදහස් තිබිය හැකි වුවත්, ඒ සඳහා ප‍්‍රධාන සාධකයක් වූයේ මෙරට ද්‍රවිඩ ජනතාවට මුහුණදීමට සිුවූ විවිධ ප‍්‍රශ්න පදනම් කරගෙන ක‍්‍රමිකව වර්ධනය වූ බෙදුම්වාදී ව්‍යාපාරයයි.…
ගෝනිබිල්ලන්ට බිය නොවෙමු – මහාචාර්ය එච් එල් සෙනෙවිරත්න
ජනාධිපති රාජපක්ෂ තම ධුර කාලයෙන් වසර දෙකක්ම ඉතිරිව තිබිය දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීරණය කළේය. මෙම තීරණයට හේතුව මෙරට ජනයා සිය පාලනය විසින් පටවනු ලැබූ බරින් පීඩිතව සිටින බවත් සිය ඒකාධිපති ස්වරූපයේ පාලන ශෛලියෙන් හෙම්බත්ව සිටින බවත් ඌව පළාත්සභා මැතිවරණයෙන් පසු අවබෝධ වීමය. ”ත‍්‍රස්තවාදය පැරදවීම” මත පදනම් වූ ඔහුගේ ජනප‍්‍රියභාවය ද හීන වෙමින් යන බැවින් තව වසර දෙකක් ගත වුවහොත් ඉදිරි ජනපත්ිවරණයකින් තමා පරාජය වන බව ඔහු දැන ගත්තේය. වර්තමාන ජනපතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරයේ දී ඔහු විසින් යොදා ගනු ලබන කපටි උපක‍්‍රමයන්ගෙන් එකක් වන්නේ විදේශ ගත දෙමළ පුරවැසියනට හා වෙනත් බලවේගයන්ට අනුබල දෙමින් රට අස්ථාවර කිරීමටත් තමා විදුලි පුටුවට යැවීමටත් ”විදේශීය කුමන්ත‍්‍රණයක්”…
මහින්ද විශ්වාස කළ නොහැකිය, මෛත්‍රීපාල ට ඡන්දය දෙමි – කුමුදු කුසුම් කුමාර
1 ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාතික ආරක්ෂාව සඳහා තමා කෙරෙහි විශ්වාසය තබා තමා තුන් වැනි වරටත් ජනාධිපති කරන ලෙස ජනතාවට කියා සිටියි. නමුත් ඔහු විශ්වාස කිරීම සම්බන්ධයෙන් ගත් කළ අතීත වාර්තාව අපට පෙන්වා දෙන්නේ ජනතාව ඔහු කෙරෙහි තැබූ විශ්වාසය ඔහු දිගින් දිගටම කඩ කළ බවයි. එක්සත් නොබෙදුණු රටක් තුළ දේශපාලන බලය බෙදීම තම අපේක්ෂාව යැයි උතුරේ දෙමළ ජනතාවගේ අති මහත් බහුතර ඡන්දයෙන් බලයට පත් දේශපාලන නියෝජිතයන් නැවත නැවත අවධාරණය කරද්දීත් ලංකාව දෙකඩ කරන්නට කුමන්ත්‍රණයක් ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ සිංහල ජනතාව බිය වැද්දීම දිගටම කරයි. තමනට ඡන්දය දුන් ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය කඩ කොට පෞද්ගලික වාසි තකා පිල් මාරු කළ මන්ත්‍රීන්…
ඇත්තෙන් ”ඉදිරිය”ට
කතුවැකිය මෙරට ප‍්‍රගතිශීලී මාධ්‍ය ව්‍යාපාරයේ පුරෝගාමී කාර්යයක් ඉටු කළ ”ඇත්ත” පුවත්පත ”ඉදිරිය” පුවත්පතෙහි ජන්ම භූමිය මෙන්ම ආදර්ශය ද වේ. 2013 ජූලි මස 3 දින සිට 2014 නොවැම්බර් 9 දින දක්වා ඇත්තේ කර්තෘවරුන් වූ අපි ඇත්ත 21 වන සියවසෙහි පුවත්පතක් බවට පත් කළෙමු. ඒ අවධිය තුළ ඇත්ත මෙරට පරිණතම සිංහල දේශපාලන පුවත්පත බවට පත් කිරිමට අපට හැකි විය. අප විසින් සංස්කරණය කරන ලද අවසාන ඇත්ත පුවත්පත එහි ප‍්‍රකාශකයන් වන ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වර්තමාන නිල නායකත්වය විසින් තහනම් කරනු ලැබූ පසු අපි එහි කර්තෘ මණ්ඩලයෙන් ඉවත් වීමට තීරණය කළෙමු. එසේ වුව ද කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් ද ඇතුළුව ඇත්තේ පාඨක බහුතරය තවමත්…
සාධාරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ජනහිතකාමී ආණ්ඩුකරණයක් සඳහා පොදු මහජන න්‍යාය පත‍්‍රයක්
ශ‍්‍රී ලාංකිකයින් ලෙස අපි බැරෑරුම් අභියෝග කීපයකට මුහුණ දෙමින් සිටිමු. දශක කීපයකට පෙර ලෝකයේ බෙහෙවින්ම ආදර්ශමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් ලෙස පිළිගෙන තිබූ ශ‍්‍රී ලංකාව වර්තමානය වන විට ශීඝ‍්‍රයෙන් එහි වසන පුරවැසියන්ට ගෞරව සම්පන්න ලෙස සහ ආරක්ෂිත ලෙස වාසය කළ නොහැකි තැනක් බවට පත්වී තිබේ. මෙම ඛේදජනක තත්වයේ ඉතාමත්ම පැහැදිළි මතුපිට ප‍්‍රකාශන වන්නේ: x නීතියේ පාලනය මුළුමනින්ම බිඳ වැටීම x ආණ්ඩුකරණය සඳහා අත්‍යාවශ්‍ය වන්නා වූ ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතන පද්ධතිය ඛාදනය වී තිබීම x සමාජ විෂමතාවය පෙර නොවූ විරූ ආකාරයෙන් පුළුල් වී සමාජ අසාධාරණය සමාජ පද්ධතියේ මූලික ලක්ෂණයක් බවට පත්වී තිබීම x විවිධ වාර්ගික හා ආගමික කණ්ඩායම් අතර සහජීවනය බිඳවැටී අසමගිය සහ අවිශ්වාසය ව්‍යාප්තවීම…