“වැඩිහිටි භික්ෂූන් මෙන් නොව දරුවන්ට ලිංගික බලපෑම් වලට ප්‍රතිරෝදය දැක්වීමට ඇත්තේ අල්ප ඉඩකි. දරුවන් ඒ අතින් වඩ වඩාත් අවධානම් සහගතය. සංස්කෘතික සහ පවුල් පීඩනය කොතරම් ප්‍රබලද යත් ඔවුනට නැවත නිවසට පලා යා නොහැක. එමෙන්ම මා දන්නා තරමින් විහාරාරාම අධිකාරියට විරෝධය දැක්වීමට පිළිගත හැකි ක්‍රමයක් ද ඔවුනට නැත. මට කිවූ පරිදි නව පැවිදි කිරීම් වලදී දරුවාගේ…