Tagged සාහිත්‍යය

“සාහිත්‍යය, විප්ලවවාදී භාවිතයට සහ ජන අරගලයට විකල්පයක් නොවේ ”

“සාහිත්‍යය, විප්ලවවාදී භාවිතයට සහ ජන අරගලයට විකල්පයක් නොවේ ” සුචරිත ගම්ලත් “ඉංග්‍රීසි නොදැන සැබෑ සාහිත්‍යකරුවෙක්‌ වෙන්න බැහැ” මැයෙන් පළවූ ලිපියෙන් උපුටා ගත් කොටස් ………………….. යථාර්ථය ජය ගැනීම කියන්නෙ මොකක්‌ද? ඒක සිදුවෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකකටයි. පළමු වැන්න තමයි විප්ලවාදී භාවිතය. දෙවැන්න තමයි මිනිසුන්ගේ අරගල. සාහිත්‍යයෙන් මේ දෙකම කරන්න බැහැ. එය වෙනම කාර්යයක්‌. ………………… වර්තමානයේ කථා කරන්න තරම් සාහිත්‍යයක්‌ නැහැ. විශේෂයෙන්ම නව කතාව ගත්තොත් එය කුණු ගඳ ගහන, ඕලාරික, සුභාවිත නොවන, අමිහිරි, පල් හෑලි ගොඩක්‌. මේකට හොඳම උදාහරණ පසුගිය වසර කිහිපයෙහි සම්මාන දිනාගත් කෘති බලු බල්ලෙකුට කියවන්න බැහැ. මේ වගේ කෘතිවලට සම්මාන දීමෙන් ඇතිවන පූර්වාදර්ශය ඉතාම භයානක තත්ත්වයක්‌. ………………… වර්තමාන නව…

මළගිය ඇත්තෝ – ධර්මසිරි ඒකනායක

මළගිය ඇත්තෝ – දෙවැනි කොටස භූමි කම්පාවටත්, සුනාමියටත්, න්‍යෂ්ටික තාප බලාගාරයේ පිපිරුමටත් මැදිව අනන්ත අපමණ දුක් පීඩා විඳින ජපාන ජනයාගේ ඛේදනීය අත්දැකීම අපට සිහිපත් කරන්නේ කුමක් ද? විද්‍යාත්මක දියුණුව පිළිබඳ අපගේ ඉමහත් කියාපෑම් තිබියදීත් අපගේ ජීවිත පිළිබඳ ඉරණම පාලනය අප අත නැත. විද්‍යාත්මක සොයාගැනීම් කළහැකි වූ පමණින් ඒවා ලෝකයට මුදාහැරිය නොයුතු බව ඊනියා සත්‍යයේ නාමයෙන් ඕනෑම නවෝත්පාදනයක් කිරීමට පසුබට නොවන විද්‍යාඥයන්ට ෆුකුෂිමා න්යකෂ්ටික තාප බලාගාරයේ පිපිරුම් සිහිපත් කොට දෙයි. ඊනියා සංවර්ධනය නාමයෙන් අප කොතෙක් සුඛ විහරණ හඹා ගියද තීරණාත්මක මොහොතෙහිදී අපට ඉතිරිවන්නේ අප ගොඩනගාගන්නා මනුෂ්‍යත්වය පමණි. ඉතින් අප යලි යලිත් මුහුණ දෙන මෙම අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගන්නට අපි කවදා…

මළගිය ඇත්තෝ ධර්මසිරි ඒකනායක

භූමි කම්පාවටත්, සුනාමියටත්, න්‍යෂ්ටික තාප බලාගාරයේ පිපිරුමටත් මැදිව අනන්ත අපමණ දුක් පීඩා විඳින ජපාන ජනයාගේ ඛේදනීය අත්දැකීම අපට සිහිපත් කරන්නේ කුමක් ද? විද්‍යාත්මක දියුණුව පිළිබඳ අපගේ ඉමහත් කියාපෑම් තිබියදීත් අපගේ ජීවිත පිළිබඳ ඉරණම පාලනය අප අත නැත. විද්‍යාත්මක සොයාගැනීම් කළහැකි වූ පමණින් ඒවා ලෝකයට මුදාහැරිය නොයුතු බව ඊනියා සත්‍යයේ නාමයෙන් ඕනෑම නවෝත්පාදනයක් කිරීමට පසුබට නොවන විද්‍යාඥයන්ට ෆුකුෂිමා න්යකෂ්ටික තාප බලාගාරයේ පිපිරුම් සිහිපත් කොට දෙයි. ඊනියා සංවර්ධනය නාමයෙන් අප කොතෙක් සුඛ විහරණ හඹා ගියද තීරණාත්මක මොහොතෙහිදී අපට ඉතිරිවන්නේ අප ගොඩනගාගන්නා මනුෂ්‍යත්වය පමණි. ඉතින් අප යලි යලිත් මුහුණ දෙන මෙම අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගන්නට අපි කවදා සමත් වෙමුද? තම එදිනෙදා ජීවිතයෙහි…

“ඉතින් අපේ සාහිත්‍යයට කපුටො කොටයි”

“ඉතින් අපේ සාහිත්‍යයට කපුටො කොටයි” සුචරිත ගම්ලත් මෙලෙස සිංහල සාහිත්‍යය ඇගයීමට ප්‍රමිතීන් තිබිය යුතු යැයි අවධාරණය කරන විට ඔහු ඉන් සාහිත්‍යය, කලාව ගැන ප්‍රකාශ කරන්නේ කුමන අදහසක් ද? ඉන් ඔහු ජනතා විරෝධියෙක් බවට පත් වේද?

” සාහිත්‍යය අද හිස්‌ මිනිසුන් පිරිසක්‌ අතට පත්වෙලා” -මහාචාර්ය සුචරිත ගම්ලත්

” සාහිත්‍යය අද හිස්‌ මිනිසුන් පිරිසක්‌ අතට පත්වෙලා” -මහාචාර්ය සුචරිත ගම්ලත් “සාහිත්‍ය කියන්නේ සමාජයක තිබෙන බුද්ධිමය සංවාදයක්‌. එහෙත් අද මේ කලාව විධිමත් අධ්‍යාපනයක්‌ නැති, සාම්ප්‍රදායික භාෂා ශාස්‌ත්‍රය පිළිබඳ දැනුමක්‌ නැති, බටහිර භාෂා ශාස්‌ත්‍රය ප්‍රගුණ නොකළ හිස්‌ මිනිසුන් පිරිසක්‌ අතට පත්වෙලා. පසුගිය වකවානුව තුළ අපේ සිංහල සාහිත්‍ය විශාල පරිහානියකට ලක්‌වී තිබෙනවා. මේ සියල්ලටම හේතු භූත වූයේ ධනපති පන්තියේ අත්තනෝමතික ක්‍රියාකාරකම්. ඔවුන් හිතාමතාම කළ දරුණු අපරාධය තමයි මේ රටේ අධ්‍යාපනය විනාශ කිරීම. ඉංගී්‍රසි අධ්‍යාපනය විනාශ කිරීම ද බරපතල වරදක්‌.”

” ඕනෑම සාහිත්‍යකරුවකු සම්ප්‍රදාය දැන ගෙනයි සාහිත්‍යකරණයේ නියෑළිය යුත්තෙ”

පහත උපුටා ගැනීම්, 2009 සැප්තැම්බර් 16, දිවයින, සරසවි උයන අතිරේකයෙනි. ” ඕනෑම සාහිත්‍යකරුවකු සම්ප්‍රදාය දැන ගෙනයි සාහිත්‍යකරණයේ නියෑළිය යුත්තෙ” මහාචාර්ය සුචරිත ගම්ලත් සාකච්ඡා කළේ රවීන්ද්‍ර විඡේවර්ධන සාහිත්‍යය කියන එක ක්‍රමයෙන් වර්ධනය වෙමින් යන දෙයක්‌. කිසියම් කාලයක සාහිත්‍යය මූලාරම්භය වුණාද එතැන් සිට විවිධ සාහිත්‍යකරුවන් හා ගුරුකුල එය පෝෂණය කළා. සම්ප්‍රදානයන් කළා. අද සාහිත්‍යය දෙස හොඳට බැලුවාම එහි පුරාණ සාහිත්‍යයක්‌ තිබෙනවා පෙනෙනවා. නමුත් අද එය ක්‍රමයෙන් වෙනස්‌ වී සංවර්ධනය වී තිබෙනවා. මේ සංවර්ධනය, විකාශය දැන ගැනීම තමයි සම්ප්‍රදාය දැන ගැනීම කියන්නෙ. ඕනෑම සාහිත්‍යකරුවකු මේ සම්ප්‍රදාය දැන ගෙනයි සාහිත්‍යකරණයේ නියෑළිය යුත්තෙ. අපේ සාහිත්‍ය සම්ප්‍රදාය විතරක්‌ නෙවෙයි. බටහිර නවකතා, රුසියානු නවකතා, භාරතීය නවකතා යන…