සුමනසිරි ලියනගේ IMF ගිහින් ආජන්ටීනාවට වුණ දේ වෙන්න ද යන්නේ? – News Now මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාව වීඩියෝව නැරඹීමට මෙහි යන්න, මූල්‍ය අරමුදලට ගිහින් ආජන්ටීනාවට වුණ දේ වෙන්න ද යන්නේ?
'kathika' social, cultural and political review
Tagged සුමනසිරි ලියනගේ
නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය” ? – කුමුදු කුසුම් කුමාර
– බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි සුළු ධනේශ්වරයේ නැගීම සහ “සංවර්ධනය” නාමයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම උත්කෘෂ්ඨතම දේශපාලන ගැටළුව සංවිධානමය මිස සදාචාරමය නොවන්නේය,යන්න අද දෙන ලද දෙයක් වශයෙන් භාර ගැනෙන බව පෙනෙයි. කාල් පොපර්ගේ විවේචකයන් නිරීක්ෂණය කොට ඇති පරිදි,පොපර් ගේ ‘සමාජීය ඉංජිනේරුවාට’ සමාජය වැඩි දියුණු කිරීම පැවරී ඇති නමුදු,තමන් ගේ නීති ජනයාගේ හදවත මත ලිවීමේ හැකියාව ඇතැයි කියනු ලැබෙන,ශ්‍රේෂ්ඨ…
යළි දේශපාලනික දේ වෙතට: ප්‍රජාතන්ත්‍රවාදී අරගලයම නව ලිබරල්වාදයට එරෙහි සටනක් විය නොහැකි ද ? සුමනසිරි ලියනගේ ට කුමුදු කුසුම් කුමාර ගෙන් පිළිතුරු
සුමනසිරි ලියනගේ “වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක්” (බලන්න, මෙහි ) යන මැයෙන් කිහිප දෙනෙකුට විද්‍යුත් තැපෑලෙන් යැවූ ලිපිය අප ඔහුගේ අවසරයෙන් ‘කතිකා‘ වෙබ් අඩවියේ පළකිරීමෙන් ඇති වී තිබෙන සාකච්ඡාව යහපත් දෙයක් ලෙස අපි දකිමු. “ලංකාවත් දැන් පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලාද?” (බලන්න, මෙහි) යන මැයෙන් මා සුමනසිරි ලියනගේ ගේ ලිපියට ලියූ පිළිතුරට යෙදූ සිරස්තලයෙන් මා අදහස් කරන්නේ “සමහර රටවල් අද එවැනි යුගයකට පිවිස ඇති බවත් ශ්‍රී ලංකාව එම ගොඩට දැමීම ප්‍රශ්න කළ හැක්කක් යැයි” යන්න දැයි සුමනසිරි විමසයි (බලන්න මෙහි). එයට කෙටි පිළිතුර “ නැත ” යන්නයි.
ලංකාවත් දැන් පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලාද? කුමුදු කුසුම් කුමාර
ලංකාවත් දැන් පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලාද? කුමුදු කුසුම් කුමාර විසිනි සුමනසිරි ලියනගේ “වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක්” (බලන්න, මෙහි ) යන මැයෙන් ජනාධිපතිවරණයකදී වමේ ස්වාධීන අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමේ යෝජනාව ගැන ලියූ අදහස් පිළිබඳ ලියමි. මගේ ප්‍රමාදය මෙම සාකච්ඡාවට වමෙන් ප්‍රතිචාරයක් දැක්වෙනු ඇතැයි බලා සිටි හෙයිනි. ඌව පලාත් සභා මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පෙන්නුම් කළ එක්සත් ජනතා නිදහස් සංධානයට එරෙහිව ගොඩ නැගෙන ජන පෙළගැස්ම සමග වම නොසිටිය හොත් වම තනි විමට ඇති ඉඩ කඩත් එය වක‍්‍ර ලෙස මහින්ද තන්ත‍්‍රයට ආධාර කිරීමක් ලෙස ජනයා සැළකිමට හැකි කමත් ගැටලුවක් ලෙස දකින වමේ මතය සුමනසිරි ලියනගේ ප්‍රශ්න කරයි. එයට විසඳුමක් ලෙස වම ඉදිරිපත් කරන “වම ස්වාධීන…
දේශපාලනයේ ආචාර ධර්මය: ‘පශ්චාත් මාක්ස්වාදී‘ වෙස් මුහුණු සහ ප්‍රැක්සිස් සාමුහිකයේ ගැටළුව
දේශපාලනයේ ආචාර ධර්මය: ‘පශ්චාත් මාක්ස්වාදී‘ වෙස් මුහුණු සහ ප්‍රැක්සිස් සාමුහිකයේ ගැටළුව දිමුතු සමන් වෙත්තසිංහ- ‘කතිකා’ අධ්‍යයන කවය ඔබගේ ක්‍රියාවේ මූලධර්මය පොදු නීතියක් බවට පත්විය හැකි ආකාරයෙන් නිරතුරුව හැසිරෙන්න. කාන්ට් කෙනෙක් කරන දෙයට යුක්තියුක්තකරණයක් දීමට හැකිවීම, වගකිව හැකිවීම ආචාර ධර්මීය චරිත ස්වභාවයට අත්‍යවශ්‍ය වේ. ගැඩමර් දේශපාලනයේදී අනෙකාගේ මතයට එරෙහි විවේචනය සීමා ඉක්මවා යාමක් බව අප ඉගෙනිය යුතුය. අනාගතය සම්බන්ධයෙන් ගත්කල අනෙකා වටහා ගැනීම සඳහා ගැඹුරු පදනමක් අප සොයා නොගන්නේ නම් අප සියල්ලෝ සිටින්නේ අනතුරේ යැයි මට සිතේ. ගැඩමර් ප්‍රජාතාන්ත්‍රික අරගලය යනු පස මිතුරුභාවයක් තරඟකාරීත්වයක් බවට පරිවර්තනය කිරීමට හැකි වීමයි. ෂන්තාල් මූෆ් ප්‍රැක්සිස් සාමුහිකය ‘කතිකා’ අධ්‍යයන කවයේ සාමාජික කුමුදු කුසුම් කුමාරට එල්ල…
“මාක්ස් මළවුන් අතර සිටියදී හේගල් මළවුන්ගෙන් නැගිටීම” – ලිබරල් දේශපාලනයේ ගැටළුව
‘‘මාක්ස් මළවුන් අතර සිටියදී හේගල් මළවුන්ගෙන් නැගිටීම’’ යන මැයෙන් 2005 ජූනි 05 දින වික්ටර් අයිවන් විසින් රාවය පුවත් පතට ලියන ලද ලිපිය සහ මීට ප්‍රතිචාර වශයෙන් සුමනසිරි ලියනගේ විසින් ජූනි 12 වෙනිදා රාවය පුවත් පතට සැපයූ ‘‘ෆුකුයාමා සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය’’ ලිපිය හා සංවාදයකට හවුල් වනු වස් ලියන ලද මෙම ලිපිය පළ කිරීම සඳහා රාවය පුවත්…