Tagged හනා ආරන්ඩ්ට්

විශේෂ

මහජන සහ පෞද්ගලික පරිමණ්ඩලය – හනා ආරන්ඩ්ට්

ලොව ශ්‍රේෂ්ඨතම චින්තකයන්ගෙන් කෙනෙකු ලෙස හඳුන්වනු ලැබෙන හනා ආරන්ඩ්ට් තම ජීවිතය කැප කළේ නූතනත්වය යටතේ මානව කර්තෘකභාවයත් දේශපාලන නිදහසත් අහිමිවීම පිළිබඳ ගැටලුව විග්‍රහ කරන්නටය. මේ වනවිට දේශපාලන සහ සමාජීය න්‍යායේ සම්භාව්‍ය කෘතියක් ලෙස සැළකෙන 1958 දී පළමු වරට පළ කළ The Human Condition කෘතිය  ආරන්ඩ්ට් ගේ ප්‍රධාන න්‍යායික කෘතිය ලෙස සැලකෙයි. බොහෝ දෙනාගේ එකඟත්වයට යටත්…

මේසයක් තනන්නාක් මෙන් ඉතිහාසය “තැනිය” හැකි ද?

ලංකාවේ වර්ථමානයේ වැදගත්ම දේශපාලන කටයුත්ත වියයුත්තේ ජනතාව අත ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා නවලිබරල්වාදයට ප්‍රතිරෝධය දැක්වීමට කටයුතු කිරීම යැයි සිතමි. 2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂ රෙජිමය පරාජය කොට ‘ප්‍රජාතන්ත්‍රවාදය යළි ලබාගත්තෙමු’ යැයි සිතූ මෙහොතේම අපට එම ජයග්‍රහණයෙහි ඵල නෙලා ගැනීම අහිමි වූයේ කල්තබාම නවලිබරල්වාදීන් විසින් සැළසුම් කොට තිබූ පරිදි ඔවුන් දේශපාලන බලය වහා තමන් අත ගොනු කර…

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමට යෝජනා – ‘කතිකා‘ අධ්‍යයන කවය

පාසලේ කෘත්‍යය ලෝකය කෙබඳු ද යන්න දරුවන්ට ඉගැන්වීමයි, නොඑසේව ජීවත්වීමේ කලාව පිළිබඳ ඔවුනට උපදෙස්දීම නොවේ. හනා ආරන්ඩ්ට් නූතන අධ්‍යාපනය සැලසුම් කොට ඇත්තේ ගණකාධිකරණ කාර්යාලයේ සහ කර්මාන්තශාලාවේ අපේ තැන ගන්නට අප ගළප්පන පරිද්දෙනි; සැබෑ සංස්කෘතියක් ‘කරන්නට තරම් වටින්නේ කුමන ආකාරයේ වැඩද? ‘ (යනුවෙන්) අසන්නට සමත් මිනිසුන් වර්ගයක් බෝ කරයි. ආනන්ද කුමාරස්වාමි (පණ්ඩුක කරුණානායක ලියූ “The University…

ධර්මසේන පතිරාජ ගේ ‘ස්වරූප’: නූතනත්වය යටතේ අවශ්‍යතාවට බැඳුණු, නිදහස අහිමි මිනිසාගේ පැවැත්ම විකාරරූපී ද? -කුමුදු කුසුම් කුමාර

හැඳින්වීම ධර්මසේන පතිරාජ ගේ ‘ස්වරූප’ මානව පැවැත්මේ පැතිකඩ ගණනාවක් අපගේ අවලෝකනයට විවෘත කරන කලාත්මක ලෙස නිමැවුණු චිත්‍රපටියකි. එය මූලිකවම නූතන ධනවාදය යටතේ මිනිසාට උදාකර ඇති පීඩාකාරිත්වය සහ ඉන් ඇතිකරන විගලිතභාවය (alienation) පිළිබඳ ය. නූතනත්වය යටතේ මානව පැවැත්මේ කොන්දේසිය අභූත ය, විකාරරූපී ය, යන්න මෙයින් යෝජනා කෙරෙයි. මා දකින පරිදි අවසාන විග්‍රහයේදී ‘ස්වරූප’ නාභිගත වන්නේ සතෙකු…

විශේෂ

සාප්පු සංකීර්ණයන්ගෙන් පිරි නූතනයේ සාමූහික ජීවිතය සොයා යෑම – රෝයි ටර්නර්

පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ “සාප්පු වලින් මිලදී ගැනීම යනු, සියල්ලම සළකා බැලූ පසුත්, තමා සහ තමා ආශා කරන අනන්‍යතාවය අතර ගණුදෙනුවක් වේ. සාමාන්‍ය වැටහීමට අනුව, සාප්පු සංකීර්ණය විශිෂ්ට ලෙසින් මහජනමය වේ – අන්තර් ක්‍රියාකාරීමය වශයෙන් කියන්නේ නම් එය මහජන ස්ථානයකි, [නමුත්] මහජන යන්න පිළිබඳ හනා ආරන්ඩ්ට් වැඩි දියුණු කරන ලද දෘඪ අර්ථයෙන් (එයට මම ඉක්මනින්…

ආදරය සහ ජනප්‍රිය සංස්කෘතිය

“එෆ්.ආර්. ලීවිස් ගේ සුප්‍රසිද්ධ “ බහුජන ශිෂ්ඨාචාරය සහ සුළුතර සංස්කෘතිය” යන බෙදීමට අනුව අනුව කර්මාන්තකරණයෙන් බිහිවන බහුජන සමාජය මාධ්‍ය සහ චිත්‍රපට මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ඉල්ලා සිටියෙන් බහුජන සමාජයේ බහුජන ප්‍රේක්ෂකයන් සතුටු කිරීම සඳහා බහුජන මාධ්‍ය එක මට්ටමට සමතලා කිරීම සිදුවිය. එහිදී ප්‍රේක්ෂක සමූහයා බහුජනයා බවට පත්වීම සිදුවුණි. බහුතරය ජනමාධ්‍ය සහ චිත්‍රපට වලින් දෙන අරුත්…