අනුභූතිඋත්තර බවින් පාළු වූ ලෝකයක,ම්ලේච්ඡ සිරිත් විරිත් සාධාරණීකරණය කිරීමට උමතුවාදීහු තවදුරටත් දෙවියන්ගේ නාමය උද්දීපනය නොකරති; ඒ වෙනුවට ඔවුහු අනන්‍යතා දේශපාලනය ඉල්ලා සිටිති. ස්වර්ගයට ආයාචනා කිරීමට නොහැකිව,ඔවුහු ඉතිහාසය හා වෙනස සමඟ ඔවුන්ගේ විශ්වාසයන් ආරක්ෂා කරති. දෙවියන් මිය ගොස් ඇත, නමුත් ජානආත්මය දිගටම ජීවත් වෙයි, මිනිසාගේ අයිතිවාසිකම් පිළිබඳ අදහස පැවැත්මට ආවේ නිශ්චිතවම පැරණි මහාද්වීපයේ පසෙහි ගැඹුරින් මුල් බැස ඇති සම්ප්‍රදායන්හි අධිකාරයට අභියෝග කිරීම සඳහා වූවද. යුරෝපීය පුද්ගලයන්,එකින් එක,ඔවුන්ගේ සියලු අයිතිවාසිකම් ලබා ගත්තේ ඔවුන්ගේ සංස්කෘතිය නොසළකා හරිමිනි. අවසානයේදී යුරෝපයේ අධ්‍යාත්මික අත්තිවාරම යුක්ත වන්නේ සම්ප්‍රදාය පිළිබඳ විචාරයෙනි, මෙය පුද්ගලයා සංස්කෘතික ප්‍රපංචයකට වැඩි යමක් නොවන බව අපට ඒත්තු ගැන්වීමෙන් විජිතහරණයේ දර්ශනය අපට අමතක කරන්නට ඉඩ සළසා ඇති කරුණකි.
'kathika' social, cultural and political review
Tagged හර්ඩර්
අපි වෙමු ලෝකය, අපි වෙමු දරුවෝ
ධනවත් සමාජයන්හි නිදහසේ ආශාවන්හි ගැලෙන්නට ඉඩ සළස්වනු ලැබූ දරුවෝ, බටහිර විවේචනයට ලක්කරන්නන් හා එකට එකතුවී මෙසේ ප්‍රකාශ කර සිටිති. “සියලුම සංස්කෘතීන් එකහා සමානව සුජාතය; හැම දෙයම සංස්කෘතික වන්නේය.” නමුත් ඔවුන්ගේ තනි හඬ ඔවුන් බොහෝ වෙනස් ආස්ථාන දරන බව වසන් කරයි. දහනවවන සියවසේදී රුසියානු ජනතාවාදීන් විසින් ප්‍රථම වරට ප්‍රකාශ කරන ලද කලාවට හා චින්තනයට එරෙහි කෑ මොර ගැසීම නිර්-යටත් විජිතකරණයේ දර්ශනය විසින් භාරගෙන ඇත:”බූට්ස් සපත්තු කූට්ටමක් ශේක්ස්පියර්ගේ නාට්‍යයකට වඩා වටියි.” මෙම බූට් සපත්තු අවාසනාවන්තයන් සීතලෙන් ආරක්ෂා කිරීමෙහි ලා එලිසබෙතියානු නාට්‍ය වලට වඩා හොඳ පමණක් නොව, ඒවා සදාචාරාත්මකව ද උසස් ය: ඒවා බොරු නොකියයි. බූට්ස් සපත්තු තමන් කුමක්ද ඒ දෙය වෙයි: විශේෂිත සංස්කෘතියක නවීන නිෂ්පාදන. ඒවා තම සම්භවය භක්තිමත් ලෙස සඟවමින්, සෑම කෙනෙකුටම ඒවාට ගරු කිරීමට බල කරමින්, නිල කලා කෘති ලෙස ව්‍යාජව පෙනී නොසිටියි.ඉතින් ඔවුන්ගේ නිහතමානිකම පිළිබඳ හැඟීම ආදර්ශයක් ලෙස සේවය කළ යුතුය: කලාවට ප්‍රයෝගකරුවෙකු ලෙස ඉතිහාසගත වීමට අවශ්‍ය නැතිනම්, එය ෂේක්ස්පියර්ට පිටුපා බූට් සපත්තු ජෝඩුවට හැකි තරම් සමීප විය යුතුය.
මිනිසාගේ දෙවැනි මරණය: අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” කෘතිය ගැන සාකච්ඡාව– (6)
මිනිසාගේ දෙවැනි මරණය “මිනිසා තව දුරටත් තම භූගෝලීය සහ ඓතිහාසික සත්තාවේ එක් ආකාරයකට – එනම් වියුක්ත මානවවාදය මත පදනම් වූ යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදය ට – පමණක් සහමුලින් පළායන්නේ යැයි අපට කිව හැකිද? ශීතල යුද්ධයේ අවසානයත් සමග ඉතිහාසය අවසන් විණැයි ෆුකුයාමා ලිබරල්වාදී දේශපාලන ව්‍යාපෘතිය ලොව දේශපාලන විකාශනයේ අවසානය යැයි යෝජනා කළද අද වන විට යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදය බටහිරමත්…
ජාතිකවාදයට සහ අගතියට එරෙහිව ප්‍රබුද්ධත්වයේ ලිබරල් මානවවාදය සහ විචාර බුද්ධිය
ජාතිකවාදයට එරෙහි කතිකාව ජාතිකවාදී කතිකාවේම අන්තවාදී ස්වරූපය ගැනීමේ අවදානම නූතන යුරෝපීය ජාතිකවාදී කතිකාව වර්ධනය වන ආකාරය රචනයේ පහත පළවන කොටසින් ෆින්කල්ක්‍රෝත් තව දුර සාකච්ඡා කරයි. මේ ඒ පිළිබඳ කෙටි ප්‍රතිචාරයක් සහ සහ හැඳින්වීමකි. ෆින්කල්ක්‍රෝත් එම සාකච්ඡාව අරඹන්නේ අගතිය පිළිබඳ ජාතිකවාදී කතිකාව තුළ ඇතිවූ විවාදය ඉදිරිපත් කරමිනි. ප්‍රංශ ප්‍රතිවිප්ලවවාදීන් මෙන්ම ජර්මානු රොමෑන්ටික්වාදීහු ද ප්‍රබුද්ධත්වයේ භාෂාව තුළ අවමානයෙන් සැළකූ අගතිය පිළිබඳ අදහස පුනරුත්ථාපනය කිරීමට යොමු වූහ. මෙහි ලා ෆින්කල්ක්‍රෝත් ගේ සාකච්ඡාව න්‍යායිකව ගැඹුරු කරණු වස් ගැඩමර් අගතිය පිළිබඳ ගොඩ නඟන අදහස් සැකෙවින් ඉදිරිපත් කරන්නට අපි කැමැත්තෙමු. අගතිය පිළිබඳ ගැඩමර් අගතිය සහ විචාර බුද්ධිය ප්‍රතිපක්ෂයන් ලෙස සැළකීමේ නූතනවාදී ගැටළුවෙන් මිදීමේ මඟක් ලෙස ගැඩමර්…
“ අපේ ජාතිය, අපේ සාහිත්‍යය, අපේ භාෂාව ඒවා අපේය, ඒවා අපමය, එපමණක් ප්‍රමාණවත් “
බදාදා සටහන අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ The Defeat of the Mind * (මනසේ පරාජය) කෘතිය පිළිබඳ සාකච්ඡාවකට සටහන් – දෙවැනි කොටස ෆින්කල්ක්‍රෝත් තවදුරටත් මෙසේ කියයි: ජීවගුණය පිළිබඳ අදහස් මුල් බැස ගනියි ජූලියන් බෙන්ඩා 1926 දී The Treason of the Intellectuals (බුද්ධිමතුන්ගේ ද්‍රෝහීත්වය ) නමැති පොත පළ කළේය. එහි විෂය වූයේ “ලොවට අධ්‍යාපනය දෙන්නන් සතු සදාචාර මතියන් හි මහා විපර්යාසයක් ” යන්නයි. යුරෝපීය බුද්ධිමතුන් සාමුහික ආත්මයේ අද්භූත ගැඹුර පිළිබඳ ගනිමින් සිටි උද්යෝගිමත් උනන්දුව පිළිබඳ බෙන්ඩා කනස්සල්ලට පත්වීය. මනසේ කටයුතු කිරීමට තෝරාගනු ලැබූ අය විශ්වීයවාදය ප්‍රතික්ෂේපකරමින් සහ සුවිශේෂතාවන් උත්කර්ෂයට පමුණුවමින්, එක් ජනකායක් වෙනත් එකකින් වෙනස් කළ ගුණාංග කෙරෙහි අවධානය යොමු කරමින් තමන්ගේ ඉපැරණි…