Tagged හාන්ස් ජෝර්ජ් ගැඩමර්

Featured

විද්‍යාවට එරෙහිව දර්ශනවාදය- හාන්ස් ජෝර්ජ් ගැඩමර්

පරිවර්තනය-දිමුතු සමන් වෙත්තසිංහ “අපගේ ශිෂ්ටාචාරයේ කර්තව්‍යයන් හා ගැටලූ මත විද්‍යාව සම්පූර්ණ ස්වාමීත්වය දැරීමේ පරමාදර්ශය, එක් පැත්තකින් පාලනය කළ හැකි, ඉගෙනිය හැකි සහ ආරෝපණය කළ හැකි විද්‍යාත්මක ඥාන ක්ෂේත‍්‍රයක ස්වාමියා වශයෙන් ද, අනෙක් පැත්තෙන් සමාජය තුළ තමාගේම සමාජිකත්වය පිළිබඳ කරුණට සම්බන්ධව ද, විශේෂඥයාගේ භූමිකාව හා කෘත්‍යය අතර පවතින විසඳාලිය නොහැකි ප‍්‍රතිවිරෝධය සඟවන බව අයෙකු සඳහන් කිරීමට…

රෝයි ටර්නර් (1928- 2017): සම්භාවනීය සමාජ න්‍යායධරයෙකුගේ සමුගැනීම- දිමුතු සමන් වෙත්තසිංහ

1960/70 දශකවල හැරල්ඩ් ගාෆින්කල් (Harold Garfinkal) සමඟ මානවවංශ ක්‍රමවේදය (Ethnomethodology ) ප්‍රචලිත කිරීමේ ලා මැදිහත් වූ ප්‍රමුඛ සමාජ විද්‍යාඥයෙකු වූ රෝයි ටර්නර්(Roy Turner) 2017 අප්‍රියෙල් 15 දින කැනඩාවේ ටොරොන්ටෝ හි දී අභාවප්‍රාප්ත වී තිබේ. කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්යවරයෙකු මෙන්ම යෝක් විශ්ව විද්‍යාලයේ අනුබද්ධ මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කල ඔහු මිය යන විට 88…

“සුන්දර දෙයෙහි අදාළත්වය” – හාන්ස් ජෝර්ජ් ගැඩමර්

ජර්මානු දාර්ශනික හාන්ස් ජෝර්ජ් ගැඩමර් ගේ සුප්‍රකට The Relevance of the Beautiful: Art as Play, Symbol and Festival නමැති රචනාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනය. ගැඩමර්ගේ දාර්ශනික අර්ථවිවරණවේදය පිළිබද දීර්ඝ හැඳින්වීමක්ද සහිතයි. පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ විසිවන සියවසේ දර්ශනවාදයේ ප්‍රමුඛතම පුද්ගලයෙක් මෙන්ම මහජන දාර්ශනිකයා (Public Philosopher) වශයෙන් හදුන්වනු ලැබූ හාන්ස් ජෝර්ජ් ගැඩමර් ගේ The Relevance of…

“අනෙකා නිවැරදි විය හැකියි” – හාන්ස් ජෝර්ජ් ගැඩමර්

හාන්ස් ජෝර්ජ් ගැඩමර් සමග සම්මුඛ සාකච්ඡාවක් – දෙවන කොටස පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ රෝයි : හබර්මාස්ගේ කර්තව්‍යය ජර්මානු දර්ශනවාදය තුළට විශ්ලේෂී ශෛලිය (analytic style) කඩාවැදීම ප‍්‍රකාශයට පත්වන අවස්ථාවක් ලෙස ඔබ සළකන්නේද? ගැඩමර් : නැහැ. හබර්මාස් විශ්වාස කරන දෙය වන්නේ විද්‍යාත්මකව සහ නිල තන්ත‍්‍රයක් වශයෙන් (bureaucratically) සංවිධානය කෙරුණු අප සංස්කෘතිය තුළදී සමාජ ව්‍යාපාර ග‍්‍රහණයට ගෙන ඒවා මෙහෙයවිය හැක්කේ විද්‍යාවට පමණක් බවයි. මිට ප‍්‍රතිපක්ෂව මම විශ්වාස කරන්නේ මෙය කළ හැක්කේ මානව විචක්ෂණභාවයට (human prudence) පමණක් බවයි. දිනක් කොරිඩෝවේදී ආශ්වාදජනක හමුවක් අප අතර ඇතිවුණා. ඔහු එහිදී පැවසුවේ අපට උපකාර කළ හැක්කේ විද්‍යාත්මකව ශික්ෂණය කෙරුණු විචක්ෂණභාවයට පමණක් බවයි. ඊට පිළිතුරු වශයෙන් මම පැවසුවේ විචක්ෂණභාවය…

“විසංයෝජනය එතරම් බැරෑරුම් ප‍්‍රයත්නයක් නොවේ” – හාන්ස් ජෝර්ජ් ගැඩමර්

හාන්ස් ජෝර්ජ් ගැඩමර් සමග සම්මුඛ සාකච්ඡාවක් – පළමු කොටස පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ හාන්ස් ජෝර්ජ් ගැඩමර් (1900-2002) දාර්ශනික අර්ථකතනවේදයේ පුරෝගාමියාය. විවාදපාත්‍ර ජර්මන් දාර්ශනික මාර්ටීන් හෛඩගර්ගේ ශිෂ්‍යයෙකු මෙන්ම ඔහුගේ සහායකයෙකු ද විය.“සත්‍යය සහ ක්‍රමය” (Truth and Method) වශයෙන් පළවු ඔහුගේ විශිෂ්ට කෘතිය සත්‍යය ගවේෂණයේ ලා නුතන විද්‍යාත්මක ක්‍රමය සතු වු අනගිභවනීය කියාපෑම අභියෝගයට ලක් කලේය. විෂය මූලිකත්වය පිළිබඳ විද්‍යාත්මක පරමාදර්ශය විවේචනය කල ඔහු පෙන්වා දුන්නේ පෞද්ගලික අත්දැකීම, සංස්කෘතික සම්ප්‍රදාය සහ පූර්ව වැටහීම් විසින් ඕනෑම යථාර්ත සංජානනයක් අසමත් කරන බවයි. ඔහුට අනුව කෘතියක අරුත අස්ථිර වන අතර කතුවරයාගේ අරමුණ සහ කියවන්නාගේ වැටහීම අතර පරස්පර ව්‍යවහාරය අනුව වෙනස් වේ. නමුත්, සත්‍යය පිළිබඳ අදහස…

සත්‍යය ගවේෂණයේ ලා කාව්‍යයේ දායකත්වය – හාන්ස් ජෝර්ජ් ගැඩමර්

කතිකා.ලංකා වෙබ් අඩවියේ පළ වූවකි. හාන්ස් ජෝර්ජ් ගැඩමර් (1900-2002) දාර්ශනික අර්ථකතනවේදයේ පුරෝගාමියාය. විවාදපාත්‍ර ජර්මන් දාර්ශනික මාර්ටීන් හෛඩගර්ගේ ශිෂ්‍යයෙකු මෙන්ම සමීපතමයෙකු වූ ඔහු හෛඩගර් නාගරීකරණය කළ පුද්ගලයා වශයෙන් වරක් යුගර්න් හබර්මාස් පැවසීය.“සත්‍යය සහ ක්‍රමය” වශයෙන් පළවු ඔහුගේ විශිෂ්ට කෘතිය සත්‍යය ගවේෂණයේ ලා නුතන විද්‍යාත්මක ක්‍රමය සතු වු අනගිභවනීය කියපෑම අභියෝගයට ලක් කලේය. එමෙන්ම කලාව පිළිබඳ ඔහුගේ…