Tagged ෆොල්ක්ස්ගයිස්ට්

අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” – විජිතහරණය කළ ලෝකයේ ආලේඛ්‍ය චිත්‍රයක්- (7) (A Portrait of the Decolonised World)

“තම ශිෂ්ඨාචාරයේ සාර්වත්‍රිකත්වයේ අනුබලය ලබමින්, ඔවුන්ගේ වෙනස්කම තුළ උදාසීන දිවියක් ගෙවන ලෙසින් ඔහු දුටු, යල් පිනූ ජනතාවන් පිළිබඳ පිළිකුල පළ කරමින්, සුදු මිනිසා, තමා ඉතිහාසයේ කේන්ද්‍රයේ ස්ථානගත කොට තිබුණි. තම විෂමතාව යළි දිනා ගැනීමට හැකිවීම පිළිබඳ ප්‍රමුදිතව, තුන්වෙනි ලෝකයේ ජාතිකවාදීහු, බාහිර බලපෑම්වල දූෂිතවීමෙන් තම විශේෂත්වවාදය ආරක්ෂා කළ හ: ඔහු පසුගාමී වූ නිසා නොව, ඔහු අන්‍ය…

ජාතිකවාදයට සහ අගතියට එරෙහිව ප්‍රබුද්ධත්වයේ ලිබරල් මානවවාදය සහ විචාර බුද්ධිය

ජාතිකවාදයට එරෙහි කතිකාව ජාතිකවාදී කතිකාවේම අන්තවාදී ස්වරූපය ගැනීමේ අවදානම නූතන යුරෝපීය ජාතිකවාදී කතිකාව වර්ධනය වන ආකාරය රචනයේ පහත පළවන කොටසින් ෆින්කල්ක්‍රෝත් තව දුර සාකච්ඡා කරයි. මේ ඒ පිළිබඳ කෙටි ප්‍රතිචාරයක් සහ සහ හැඳින්වීමකි. ෆින්කල්ක්‍රෝත් එම සාකච්ඡාව අරඹන්නේ අගතිය පිළිබඳ ජාතිකවාදී කතිකාව තුළ ඇතිවූ විවාදය ඉදිරිපත් කරමිනි. ප්‍රංශ ප්‍රතිවිප්ලවවාදීන් මෙන්ම ජර්මානු රොමෑන්ටික්වාදීහු ද ප්‍රබුද්ධත්වයේ භාෂාව තුළ අවමානයෙන් සැළකූ අගතිය පිළිබඳ අදහස පුනරුත්ථාපනය කිරීමට යොමු වූහ. මෙහි ලා ෆින්කල්ක්‍රෝත් ගේ සාකච්ඡාව න්‍යායිකව ගැඹුරු කරණු වස් ගැඩමර් අගතිය පිළිබඳ ගොඩ නඟන අදහස් සැකෙවින් ඉදිරිපත් කරන්නට අපි කැමැත්තෙමු. අගතිය පිළිබඳ ගැඩමර් අගතිය සහ විචාර බුද්ධිය ප්‍රතිපක්ෂයන් ලෙස සැළකීමේ නූතනවාදී ගැටළුවෙන් මිදීමේ මඟක් ලෙස ගැඩමර්…

“ අපේ ජාතිය, අපේ සාහිත්‍යය, අපේ භාෂාව ඒවා අපේය, ඒවා අපමය, එපමණක් ප්‍රමාණවත් “

බදාදා සටහන අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ The Defeat of the Mind * (මනසේ පරාජය) කෘතිය පිළිබඳ සාකච්ඡාවකට සටහන් – දෙවැනි කොටස ෆින්කල්ක්‍රෝත් තවදුරටත් මෙසේ කියයි: ජීවගුණය පිළිබඳ අදහස් මුල් බැස ගනියි ජූලියන් බෙන්ඩා 1926 දී The Treason of the Intellectuals (බුද්ධිමතුන්ගේ ද්‍රෝහීත්වය ) නමැති පොත පළ කළේය. එහි විෂය වූයේ “ලොවට අධ්‍යාපනය දෙන්නන් සතු සදාචාර මතියන් හි මහා විපර්යාසයක් ” යන්නයි. යුරෝපීය බුද්ධිමතුන් සාමුහික ආත්මයේ අද්භූත ගැඹුර පිළිබඳ ගනිමින් සිටි උද්යෝගිමත් උනන්දුව පිළිබඳ බෙන්ඩා කනස්සල්ලට පත්වීය. මනසේ කටයුතු කිරීමට තෝරාගනු ලැබූ අය විශ්වීයවාදය ප්‍රතික්ෂේපකරමින් සහ සුවිශේෂතාවන් උත්කර්ෂයට පමුණුවමින්, එක් ජනකායක් වෙනත් එකකින් වෙනස් කළ ගුණාංග කෙරෙහි අවධානය යොමු කරමින් තමන්ගේ ඉපැරණි…